UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ ගුණසමරු පින්කම් මාලාවක් ඔක්තෝබර් 01 වැනි දා සිට ඇරැඹුණු අතර එය නොවැම්බර් 06 වන දා දක්වා පැවැත්වේ. කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මාහිමි, වලවෙල සෝමසිරි මා හිමි, වැලිගම අරියවංශ මාහිමි ඇතුළු පරලොව සැපත් දායකකාරදීන් සිහිකර එම පින්කම් සිදු කැරේ. දිනපතා රාත්‍රී 07 සිට 08.00 දක්වා ධර්මදේශනා පැවැත්වේ.

11 වැනි දා විටියල ඉන්දසිරි හිමි, 12 වැනිදා වඳුරාමුල්ලේ ඤාණතිලක නාහිමි, 13 වැනි දා රණස්ගල්ලේ ඤාණවීර හිමි 14 වැනි දා කන්දේගම දීපවංශාලංකාර හිමි, 15 වැනි දා දඹර අමිල නා හිමි, 16 වැනි දා හැඳල දමිත හිමි, 17 වැනි දා පල්ලේගෙදර සුසීම හිමි, 18 වැනි දා බොරලංකඩ විමලතිස්ස නාහිමි, 19 වැනි දා පිටදූවේ ධම්මික නාහිමි, 20 වැනි දා බෙරගම අමිත හිමි, 21 වැනි දා සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමි, 22 වැනි දා මොරකැටිආරේ ධම්මික හිමි, 24 වැනි දා බොරැල්ලේ අතුල නා හිමි, 25 වැනි දා රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 26 වැනි දා නෙල්ලිගහඉන්නේ පියනන්ද හිමි, 27 වැනි දා දොඩම්ගොඩ අස්සජී නා හිමි, 28 වැනි දා හෑගොඩ විපස්සි හිමි, 29 වැනි දා මැදගොඩ අභයතිස්ස නා හිමි, 30 වැනි දා අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 31 වැනි දා උතුරාවල ධම්මරතන නා හිමි නොවැම්බර් 01 වැනි දා දොඩම්පහල ශ්‍රී රාහුල හිමි 02 වැනි දා බලබෝවේ විමලකිත්ති හිමි, 03 වැනි දා උඩපේරුවේ රතනසාර හිමි, 04 වැනි දා වට්ටාරම ධම්මදස්සී හිමි එම ධර්ම දේශනා පවත්වනු ලැබේ.

නොවැම්බර් 05 වන දා ලලිතා බුලත්වැලගේ මහත්මියගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර ඇරැඹෙන අතර 5 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ පසුදා සඟසතු දානය පිරි නැමේ.

නොවැම්බර් 10 වැනි දා වලවෙල හේමානන්ද මාහිමියන් විසින් කඨිනානිසංස දම් දෙසුම පවත්වනු ලැබේ.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]