UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මුන්රෝයි හිතවතකුගේ උපදෙස් මත සිය නිදන්ගත වේදනාව පාලනය කරන්නට භාවනාව මූලික වශයෙන් යොදා ගත් අතර, වැඩ සටහන ඇගේ සුවය පිළිබඳ සාමාන්‍ය අවබෝධය මත සාර්ථක ප්‍රතිඵලයක් ලබා දෙනු ඇතැ යි හණික තේරුම් ගත්තා ය. දැන් මුන්රෝයි භාවනාව ගැන උපරිම උද්යෝගයක් දක්වයි.

මේ පරිවර්තනය 2005. 10. 12 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ පළ කරන ලද ලයනල් විජේසිරි මහතාගේ Science explores meditation’s effect on the brain නිබන්ධයෙනි.

ඉමහත් උනන්දුවකින් සහ අඛණ්ඩව භාවනාවේ යෙදී සිටින බෞද්ධ භික්ෂූන්ගේ සහ වෙනත් පුද්ගලයන්ගේ මොළය තුළ සිදුවන්නේ කුමක් දැයි හරියටම දැන ගන්නට නූතන විද්‍යාඥයෝ නව තාක්ෂණික ක්‍රමවේදයන්ගේ ප්‍රගතිය ප්‍රයෝජනයට ගනිමින් සිටිත්. මොළය ක්‍රියා කරන ආකාරය භාවනාවෙන් වෙනස් කරන බව සහ ඒ වෙනස් කිරීම් හදවතට බලපාන බවද, ශරීර සෞඛ්‍ය ප්‍රගුණ කරන්නට භාවනාවට හැකි බවද ස්නායු පිළිබඳ විද්‍යාඥයන් සොයා ගෙන ඇත.

ස්නායු වෛද්‍යවරුයකු වූ ජේම්ස් ඔස්ටින් Towards an Understanding of Meditation and Consciousness  නමින් ග්‍රන්ථයක් 1998 දී පළ කළේ ය. පර්යේෂකයෝ කීප දෙනෙක්, ඒ ක්ෂේත්‍රය කෙරෙහි තමන් සැලකිල්ලක් දැක්වීමට හේතුවක් ලෙස ඒ ග්‍රන්ථය ඉදිරිපත් කරති. ගැඹුරු විද්‍යාවන් ගෙන් අනුබල දෙන ලද විස්තර සමඟ භාවනාව පිළිබඳ ඔහුගේ පෞද්ගලික අත්දැකීම් අන්‍යෝන්‍ය ලෙස සසඳමින් එහිදී ඔස්ටින් විඥානය විභාග කරයි. මොළය හෝ මනස නැතහොත් සිතිවිලි මෙහෙයවන්නට භාවනාවට හැකි වන්නේ කෙසේ දැ යි විස්තර කරන ඔහු එයින් අදහස් කරන්නේ සැබෑ ලෙස ම සහ විග්‍රහාත්මකව තමාගේ අත්දැකීම් ය.

ඔස්ටින්ට කලින් ඇතැමුන් භාවනාව උගන්වන්නට පටන් ගත්තේ ඒ පිළිබඳ අත්දැකීමෙන් තොරව ය. එහෙත් ඔවුන් එයින් අදහස් කළේ මානසික සහ කායික සුවසෙත යි. ඒ අතර 1975 දී ශැරෝන් සැල්ස්බර්න් සහ ජැක් කෝන්ෆීල්ඩ් යන දෙදෙනා ඇමරිකාවේ  Insight Meditation Society ආයතනය පිහිටැවූහ. ඔවුන් එයින් අදහස් කළේ දිගට ම භාවනාව ඉගැන්වීම සහ පුහුණු කිරීම යි. සැල්ස්බර්ග් භාවනාව පිළිබඳ ග්‍රන්ථ කීපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර Faith and Loving Kindness  සහ Revolutionary Art of Happiness  මුල් තැනක් ගනී. කෝන්ෆීල්ඩ් ශායනික මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු වන අතර, බෞද්ධ භික්ෂුවක ලෙස තායිලන්තය, මියන්මාරය සහ ඉන්දියාවේ පුහුණුව ලබා ඇත.

දසක කීපයක් තිස්සේ හාවඩ් සහ විස්කොන්සින් විශ්ව විද්‍යාල, සමාජයට වුවමනා මානව ප්‍රාග්ධනයේ ගුණාත්මක බව දියුණු කරන්නට භාවනාවට හැකි වන්නේ කෙසේ දැයි ලේඛනගත කරන්නට බලාපොරොත්තු තබා ඇත.

එහිලා දියුණු කරන ලද ප්‍රතිභාව, දැඩි සමාධිය සහ බලවත් වෙහෙස පිළිබඳ තරාතිරම කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඒ පිලිබඳ ඇති වෙනස නම්, පුද්ගලයන් භාවනාවේ යෙදෙන විට ඔවුන්ගේ මොළයේ ජෛව රසායනය වෙනස් වන බව දක්වන ආරම්භක පර්යේෂණ යි. තවද ප්‍රබල මනෝ උපදේශක තාක්ෂණයේ වර්ධනය මඟින් අන්වීක්ෂයක දත්තයන්ගේ මිනුම් මත භාවනාවේ නිරතව සිටින්නන්ගේ මනස පරික්ෂා කරන්නට විද්‍යාඥයනට පහසුකම් සැලසී ඇත. එහිදී මනසේ සුනම්‍යතාව පිළිබඳ ආකර්ෂණීය අවබෝධය සහ මනස නිසි මඟ මෙහෙයවන්නට භාවනාවට ඇති හැකියාව ද ප්‍රකට කරනු ලැබේ.

ඒවායේ ඇතැම් තේරුම් ගැනීම් ( අවබෝධය ) මැඩිසන්හි, විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සාව සහ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රිචඩ් ඩේවිඩ්සන්ගේ පරීක්ෂණාගාරයේ දී එළිදරවු වී ඇත. ඔහුගේ මුළු වෘත්තිය ජීවිතය පුරා ම, වෙහෙසකර අවස්ථා වලදී පුද්ගලයන් විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ ඇයි ද යන්න ඩේවිඩ්සන් නිරීක්ෂණය කර තිබේ.

එපමණක් නොව පසුගිය වසර විස්සක් පුරා ඒ ගැන සොයන්නට පරීක්ෂණ ද මෙහෙයවා ඇත. ඊට අමතරව ඩේවිඩ්සන් ඔහුගේ පරීක්ෂණාගාරයේ බිම වාඩිවී, තිරයක් මත පතිත ආලෝක ධාරා ඔස්සේ විවිධාකාර දෘෂ්ටි උත්තේජක නරඹමින් භාවනාවේ යෙදී සිටි බෞද්ධ භික්ෂූන් වෙත විද්‍යුත් ද්වාර (ඉලෙක්ට්‍රෝඩ ) යොමු කර තිබිණ.

එහිදී පර්යේෂකයන් දුටුවේ ඔවුන් එතෙක් නිරීක්ෂණය කර තිබුණු අන් මොළයකට වඩා මේවා වෙනස් බවයි. තවද මේ භික්ෂූන්ගේ වම්පස ප්‍රාග් ලලාට සිවි, එනම් ධනාත්මක චිත්තවේග ආශ්‍රිත පෙදෙස භාවනාවේ නොයෙදුණවුන්ගේ මොළයට වඩා බෙහෙවින් ක්‍රියාශීලී බවයි. වෙනත් හැටියකින් ඩේවිඩ්සන් කියන්නේ, භික්ෂූන්ගේ ස්නායක භෞතවේදය වෙනස් කරන ඔවුන්ගේ භාවනා පුහුණුවට, පීඩාකාරී බව කෙරෙහි සම සිතින් ප්‍රතිචාර දක්වන්නට හැකි බවයි.

භාවනාව කෙසේවත් එහි නිරතවූවන් අලස හෝ උදාසීන කරන්නේ නැත. සරලව කියතොත් එය එහි නිරතවූවනට සුදුසු පරිදි අනුකූලතාව දැක්විය හැකි ලෙස ඔවුන්ගේ චිත්ත වේගාත්මක ප්‍රතික්‍රියාවන්ගෙන් වැළකී සිටින්නට මඟ පාදා දෙයි.

රිචඩ් ඩේවිඩ්සන් මෙසේ කියයි. “ අපේ රටේ ජනතාව බෙහෙවින් ම කායික යෝග්‍යතා උමතුවෙහි පැටලී, සතියකට කීප වරක් එහි ආදීනව විඳිති. එහෙත් භාවනාවේ නිරත අපි අපේ මනසට එවැන්නක් කෙරෙහි අවධානය යොමු කරන්නට ඉඩ නොදෙමු. අපේ සිත්, අපේ කය මෙන් ම, සුනම්‍ය ස්නායු විද්‍යාව බව කියයි. ඔබට ඔබේ කය ව්‍යායාමයෙහි යොදන්නාක් මෙන්, ඔබේ මනස ව්‍යායාමයෙහි යොදවන්නට භාවනාවට හැකි ය.

ඩේවිඩ්සන් ගේ පර්යේෂණ භික්ෂූන්ගෙන් පමණක් නතර වූයේ නැත. භාවනාව වැඩපොළවල හෝ කර්මාන්තශාලා වලදී හිතකර ප්‍රතිඵල ගෙන දෙනු ලැබේ දැ යි දැන ගන්නට ඔහු Madison Biotec Company ආයතනයේ සේවකයන් විෂයයෙහි අධ්‍යයනයක් සැලසුම් කළේ ය. එහිදී දුසිම් හතරක් සේවකයෝ සති අටක් තුළ, සතියකට වරක් බැගින්, පැය තුනක සතිපට්ඨාන භාවනා පුහුණුවට යොමු කරනු ලැබූහ. පසුව එහි ප්‍රතිඵල  Psychosomatic Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. එයින් හෙළිවී ඇත්තේ සේවකයන්ගේ වාම ප්‍රාග් ලලාට සිවිය භාවනාවේ යෙදුණු භික්ෂූන්ගේ මෙන් වර්ධනය වී තිබුණු බවයි. එහෙත් භික්ෂූන්ගේ තරමට ම නොව ඊට අඩුවෙනි.

තව දුරටත් ඩේවිඩ්සන් මෙසේ කියයි. වෙහෙසකර, ක්‍රියාශීලී පවුල් දිවියක් සහ ක්‍රියාශීලී සේවා ජීවිතයක් පිළිබඳ සටන් කරන්නට වෙහෙස දරන, සිය වර්ගයාට අයිති ගති පැවතුම් ඇති ඇමරිකානු මධ්‍යම පාන්තික පිරිසක් අපි තෝරා ගතිමු. එහිදී වැඩි දුරටත් අපට දැන ගන්නට ලැබුණේ ටික වේලාවකට පසු, භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලද අතර, හුදෙක් එය ඔවුනට දැනුණාට වඩා, ඔවුන්ගේ සිතට හා කයට දැනී පිබිදීමක් ඇති වුණු බවයි. එය නිරායාසයෙන් සිදුවූවක් සේ ය.

කැනඩාවේ ප්‍රින්සස් මාගරට් ගිලන් හලේ මෙහෙයවන ලද පර්යේෂණ ශ්‍රේණියකින් පිළිකා වේදනාවෙන් පෙළුණු රෝගීන් විෂයයෙහි භාවනාවෙන් සාර්ථක වෙනසක් අත්දකින්නට ලැබුණු බව සොයා ගෙන ඇත. මෙහිදී කැනඩාවේ පළමුවැනි පන්තියේ වෘත්තීය ක්‍රීඩිකාවක වන මෙලිසා මුන්රෝයිගේ උදාහරණය දැක්විය හැකිය.

අවුරුදු හයකට පමණ පෙර මෙලිසා පිළිකාවෙන් පෙළෙන බව සොයා ගැනීමෙන් පසු ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සහ ස්නායු ඇසුරු කොට ඇතිවූ ඉදිමීම් හෝ ගඩු තෙරපීම නිසා ඇය දරා ගත නොහැකි වේදනාවෙන් පෙළෙන්නට පටන් ගත්තා ය. තත්ත්වය වඩාත් නරක අතට හැරීමෙන් සොයා ගනු ලැබුවේ ඇය චිත්ත වේගාත්මක කම්පනයෙන් පෙළෙන බවයි. මුන්රෝයි එයින් ඇදහිය නොහැකි ලෙස තැති ගත්තේ, තමා අසාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගෙන ගිය හෙයිනි.

ඕ මෙසේ කියන්නට පටන් ගත්තා ය.” මම මගේ මුළු ජීවිතයට ම කවදාවත් ඇල්කොහොල් අරගෙන නෑ. මුළු ජීවිතයට ම කවදාවත් සිගරට් බීල නෑ. වේදනා නාශක අරගෙන නෑ. පිළිකාවෙන් පෙළෙනව කියද්දී මම තැති ගත්ත.”

ප්‍රින්සස් මාගරට් ගිලන්හලේදී රස චිකිත්සාවෙන් ප්‍රතිකාර ලැබූ මුන්රෝයි, මනෝ චිකිත්සක වෛද්‍ය ටැටියානා මෙල්නික් සමඟ භාවනා වැඩ සටහනකට සහභාගි වූවා ය. දරා ගත නොහැකි වේදනාව හුදෙක් කායික වින්දනයක් පමණක් නොවන බව අවබෝධ කර ගත් මුන්රෝයි, එය කාංසාව ( ෂමතිය ) ඔස්සේ වඩාත් නරක අතට යනු ඇතැ යි සිතුවා ය.

අන්තිමට දෛනික භාවනාව, ඇගේ මූලික කොන්දේසි නොතකා වේදනාව පාලනය කරන්නට සහ අමතක කරන්නට උපකාර විය. ඒ ගැන ඇය කියන්නේ මෙවැන්නකි.

“ මම දැඩි ලෙස සීමාව ඉක්මවා සංශයවාදී වීමි. එහෙත් මම එයට ගැති නොවීමි. ඇයි ද යත්, මා එයට කවරදාකවත් යත්න දරා නොතිබුණු හෙයිනි. එහෙත් මා හඳුනා ගෙන නොසිටි සත්‍යයක් ඇත. එනම් කවුරුන් හට වුවත් ඉඳහිටවත් නිදහස්ව පිටිසරබදව හෝ වනගතව සරත් සමයේ සොඳුරු දිනයක විනෝද සවාරියක් යන්නට ලැබේ නම් ද, එමඟින් යන්තමින් හෝ ධ්‍යානශීලී විය හැකි නම් එපමණක් වුවත් භාවනාවක් වන බවයි.”

ඇත්තට ම භාවනාව එතරම් ප්‍රතිඵලදායක ය. මුන්රෝයි කියන පරිදි ඇයට භාවනාවෙන් ඕනෑ ම වේදනාවක් වළක්වා ගත හැකි විය. ඉක්බිති ඕ තොමෝ මැසචුසෙට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය භාවනාව පිළිබඳ පුරෝගාමියාවූ ජෝන් කැබට් සින් සමඟ සාකච්ඡා කරන්නට තීරණය කළා ය.

ඒ ගැන මුන්රෝයි මෙසේ කියයි. “ ඇත්තට ම මම ඒකට හුඟක් සතුටු වුණා. සාමාන්‍ය බුද්ධිය තියන, තර්කානුකූලව හිතන, ගැඹුරින් කල්පනා කරන ඕනෑම කෙනෙකුට ඒක සහතික කරන්න පුළුවනි. ඇත්තට ම ජෝන් කැබට් සින් හරියට ම විස්තර කරනව, අපි කොහොම ද අපේ හිතූ මතේට මොකක් හරි ක්‍රියා මාර්ගයක් අරගෙන, කිසි අවුලක් නොතිබුණු අපේ ජීවිතය අවුල් කර ගන්නෙ කියල.”

මුන්රෝයි හිතවතකුගේ උපදෙස් මත සිය නිදන්ගත වේදනාව පාලනය කරන්නට භාවනාව මූලික වශයෙන් යොදා ගත් අතර, වැඩ සටහන ඇගේ සුවය පිළිබඳ සාමාන්‍ය අවබෝධය මත සාර්ථක ප්‍රතිඵලයක් ලබා දෙනු ඇතැ යි හණික තේරුම් ගත්තා ය. දැන් මුන්රෝයි භාවනාව ගැන උපරිම උද්යෝගයක් දක්වයි. ඒ අතර එය දෛනිකව පුහුණු වන්නකුට පමණක් අනුගමනය කළ හැක්කක් බව කියයි. මුන්රෝයි තව දුරටත් මෙසේ ද කියයි. “ සැබවින් ම භාවනාව ඔබේ සිතිවිලි අමතක කර දැමීමක් පිළිබඳ වූවක් නොවේ. එසේ නම් කෙබඳු වූවක් ද යත්, ඔබ නගරයේ පදික වේදිකාවක් මත ගමන් කරමින් සිටින අතර, විරුද්ධ දිසාවෙහි මිිනිසුන් ගමන් කරමින් සිටිනවා වැන්නකි. ඔවුන් ඈත එන බව ඔබට පෙනේ. ඒ අතර ඔවුහු වඩාත් ළඟට එති. ඉක්බිති ඔබ පසු කර ගෙන යති. භාවනාවත් එවැන්නකි. එනම් ඔබ භාවනාවේ නිරත වන විට සිතිවිලිත් එබඳු ය. එහෙත් එය සිතිවිලි මඟ හැර යෑමක් බඳු එකක් නොවේ. ඇයි ද යත්, ඔබ සිතිවිල්ලක් වළක්වන්නට දරන ප්‍රයත්නය ම, භාවනාත්මක අවස්ථාවෙන් ඔබ ඉවතට ගෙන යන්නාක් වැනි හෙයිනි.”

මුන්රෝයි භාවනාව දකින්නේ, වැදගත් වන යමක් වේ නම්, එය කෙරෙහි කේන්ද්‍රගත වන්නට ඉගෙනීම මඟින් පුද්ගලයන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඔසොවා තබන්නට මඟක් වන අතර ක්‍ෂණික සහ අර්ථශූන්‍ය ප්‍රාර්ථනා නොසලකා හැරීම යි. මුන්රෝයි භාවනාව මඟින් සිය වේදනාව පාලනය කර ගෙන ජීවිතය මෙහෙයවා ගැනීමේ ශක්තිය ලබා ඇත. දැන් භාවනාව ඇගේ දෛනික පැවැත්මේ සුපුරුදු අංගයකි. එබැවින් මුන්රෝයි තමා වැනි රෝගීනට අමිල පූර්වාදර්ශයක් වෙයි. ඕ තමා මෙන් එහිලා කැප වන ලෙස හැම කෙනෙකු ම දිරි ගන්වයි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]