UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සඳකඩ පහණ කෙටි කතා සංග්‍රහය

සංස්කරණය -නෙල්සන් එස්. පෙරේරා
ප්‍රකාශනය :- කරුණාභාරය
අංක 67,කාර්මික ජනපදය
කටුවාන පාර, හෝමාගම
මිල රු.180/-

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බුදුසරණ පුවත්පත, කරුණාභාරයේ අනුග්‍රහයෙන් පවත්වන ලද බෞද්ධ කෙටිකතා තරගයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් කෙටිකතා සංග්‍රහයකි.සඳකඩ පහණ,රතු ඊරි, මිදීම, ශ්වේත පද්ම, ම’පුත සඳකි, පොඩි හාමුදුරුවෝ, කසාවත ,උපේක්‍ෂාව සසරින් එතෙරට , පිළිම හොරා යන කෙටිකතා දහය මෙහි ඇතුළත්ය.

මෙය විකිණීමෙන් ලැබෙන මුදල් කරුණා භාරයේ අරමුදලට බැර කැරේ.

මෙහි කවරය රංග වීරසිංහ ගේ නිර්මාණයකි.




 


දහම් උයන

කර්තෘ :- රමණි සුබසිංහ
ප්‍රකාශනය :- සරසවි ප්‍රකාශකයෝ
30, ස්ටැන්ලි තිලකරත්න මාවත
නුගේගොඩ
මිල :- රු. 290/-

සාකච්ඡා ඇසුරින් රමණි සුබසිංහ විසින සිළුමිණ පුවත්පතට සපයන ලද ලිපි මාලාවක් ග්‍රන්ථයක් වශයෙන් එළිදැක්වීමකි. ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී අනු නා හිමි, තිරිකුණාමලයේ ආනන්ද අනු නා හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, දිවියාගහ යසස්සී නා හිමි, මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි ආදී භික්‍ෂූන් වහන්සේ දහ අට නමක් ඇතුළු විසි දෙනකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුළත්ය.







 


ධාතුවංශය – (කකුසඳහිමි)

සංස්කාරක :- නෝමන් සිරිපාල
ප්‍රකාශනය :- මරදානේ සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම
මිල –රු.260.00

පැරණි පොත් වලින් ඓතිහාසික වැදගත් තොරතුරු ලබාගත හැකිවා පමණක් නොව එම පොත් බෞද්ධයකු වශයෙන් කියවා නොතිබීමද අඩුවක් ලෙස සැලකීමට පුළුවන. මෙම ධාතුවංශය ද ඈත අතීතයේ ලියැවුණු පැරණි ඉතා ප්‍රකට ධර්ම ග්‍රන්ථයකි. මේ නිසා එය බෞද්ධ බැතිමතුන්ගේ විශේෂ අවධානයට යොමුවිය යුතු පොතක් ලෙස සඳහන් කළ යුතුය.මෙය විශාල පොතක් නොවන නමුත් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා වූ සියලු වැදගත් කරුණු ඇතුළත් කෙරෙමින් ලියැවී තිබේ.

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබ ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දී පාරමී ධර්මයන් සම්පූර්ණ කර වෙසතුරු ආත්මභාවයෙන් පසුව තුසිත දෙව්ලොව ඉපදීමත් ඉන් අනතුරුව දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආරාධනාවෙන් පංච මහා විලෝකනයෙන් පසු මනුෂ්‍ය ලෝකයට සැපත් වීමත් මෙහි ප්‍රථමයෙන් දක්වා තිබේ. ලුම්බිණියේදී උපත ලබන උන්වහන්සේ තරුණ වයසට පැමිණි පසු සතර පෙරනිමිති දැක ගිහිගෙහි කලකිරී මහාභිනික්මන් කොට මහණ වන ආකාරයත් දක්වා ඇත. සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවෙන් පසු බුදු බව ලබන අන්දම ඉන්පසු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පසු ලෝක සත්වයා කෙරෙහි වූ අනුකම්පාවෙන් ඔවුන්ගේ හිත සුව පිණිස කටයුතු කරන ආකාරය ද සඳහන් කරනු පෙනේ. විශේෂයෙන් ලක්දිවට තුන්වරක් බුදුරජාණන් වහන්සේගේ පැමිණීම ද මහියංගණයේදී කළ යක්‍ෂ දමනය ද සඳහන් වන අතර සමන් දෙවියන්ට කේශ ධාතුන් ප්‍රදානය කිරීම හා චුලෝදර මහෝදරවරුන්ට ධර්මය දේශනා කිරීමද ඉන්පසු කැලණියට භික්ෂූන් වහන්සේලා පන්සියක් සමග වැඩම කිරීම ද සඳහන් වේ.

දෙවැනි පරිච්ඡේදයෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ කතා ප්‍රවෘත්තියයි. තුන්වැනිව සඳහන් වී ඇත්තේ උන්වහන්සේගේ ධාතු පරම්පරා කතාවයි. මල්ල රජදරුවන්ට අයිතිවූ ලලාට ධාතුන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනවුත් ශ්‍රී ලංකාවේ කාවන්තිස්ස රජතුමාට අයිති වන ආකාරය මෙම පොතෙන් පැහැදිලි කර තිබේ. හතර වන පරිච්ඡේදයෙන් ඉදිරිපත් කරන ප්‍රකීර්ණක කතා යටතේ කාවන්තිස්ස රජුගේ පෙර ආත්මභාවය පිළිබඳ තොරතුරු රැසක් දක්වා ඇති අතර පස්වන පරිච්ඡේදයෙන් ධාතු නිධාන කතා යටතේ කාවන්තිස්ස රජුගේ ශාසනික කටයුතු සමග ලලාට ධාතුන්වහන්සේ සහ කේශධාතුන් වහන්සේ තැන්පත් කර මංගල මහ වෙහෙර සෑදීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබේ. මේ හා සම්බන්ධ බෞද්ධ තොරතුරු ගණනාවක්ම මෙහි දැක්වෙන බැවින් විශේෂයෙන්ම මෙය බෞද්ධ ජනතාවගේ අවධානයට යොමුවිය යුතු පොතක් බැව් පෙනේ.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]