UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොටසර පියංගල රාජ මහා විහාරයේ මහා පෙරහර 2 වන දා

විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ,
එස්. වික්‍රමනායක

බිබිල ඓතිහාසික පියංගල රාජමහා විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහර තෙවැනි වරටත් සැප්තැම්බර් 02 දින පැවැත්වේ.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය පරදා දශක තුනක පමණ කාලයකට පසුව ඒකීය ශ්‍රී ලංකාවක් සමරනු වස් කොටසර මහා පෙරහර ආරම්භ විය. ශ්‍රී ලංකාවේ එම ජයග්‍රහණය සැමරීම පිණිස ආරම්භ කළ එකම පෙරහර මෙය වන්නට ඇත.

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකා ඉතිහාසයේ විදේශීය සතුරන්ට අයත් වී පරාධීනව සිටි අවධිවල දී පුරාණ රජදරුවන් ගිය මඟ අනුගමනය කරමින් ඓතිහාසික කොටසර පියංගල රාජමහා විහාරාධිපතිව වැඩ සිටි වෙල්ලස්ස බින්තැන්න සහ මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මල්ලැහැවේ ශ්‍රී සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි වත්මන් විහාරාධිපති ගුණරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයෙන් මෙම ඓතිහාසික මහා පෙරහර යුද ජයග්‍රහණයේ සිහිවටනයක් වශයෙන් ආරම්භ කරන්නට යෙදුණි. ඓතිහාසික මූලාශ්‍රවල හා ජනශ්‍රැති අනුව සතුරු උපද්‍රව පැවැති යුගවල ආරක්‍ෂිත ස්ථානයක් ලෙස කොටසර පියංගල රාජමහා විහාරස්ථානයේ දළදා වහන්සේ කලක් වැඩ සිටි බවද පැවැසේ.

පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව අනුව අනුරාධපුරයේදී දළදා මාලිගාවේ සිට අභයගිරියට වැඩමවාගෙන ගිය දළදා පෙරහර සියසින් දුටු බව සඳහන් කර තිබේ. ඒ අතීත ශ්‍රී විභූතිය නැවැත ස්මරණය කිරීම හා මෙම ස්ථානයේ ද පුරාණයේ දළදා පූජෝපහාර සඳහා පෙරහර පවත්වා ඇති අතර එය අඛණ්ඩව පවත්වාගෙන යෑමත් උන්වහන්සේගේ තවත් එක් අරමුණකි.

ප්‍රදේශයේ ළමා පරපුරට අංග සම්පූර්ණ පෙරහරක් නැරඹීමේ භාග්‍යය විරලය. එය උදාකර දීමටත් උඩරට පහතරට නැටුම්වලට අමතරව වෙල්ලස්සට ආවේණික නැටුම් ගැයුම් වලින් යුත් සංස්කෘතික සංදර්ශනයක් ලෙස පෙරහර පැවැත්වීමද මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. කොටසර වාර්ෂීක මහා පෙරහර තුනුරුවන් මුල් කොට පැවැත්වෙන පෙරහරක් බවට පත් කිරීම මෙහි ඇති සුවිශේෂත්වයයි. කොටසර පෙරහර ඇරඹෙන්නේ නැකැත් පත්‍රයක් අනුව සුබ වේලාවක් සනිටුහන් කර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකිනි.

පැරණි චාරිත්‍රානුකූලව ගම් හතරකින් දින හතරක් සතර මහා පෙරහර පවත්වා පස්වන දිනයේ දී නර්ථන කණ්ඩායම් තිහක පමණ සහභාගිත්වයෙන් අලි ඇතුන් සහිත මහ පෙරහර, පෙරහර මාවතේ ගමන් කොට උඩමළුවට පිවිස කරඬු මණ්ඩපයේ සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු නිමාවට පත්වේ. මෙම පෙරහරේ පැවිදි අනුශාසකත්වය ඓතිහාසික මහියංගන රාජ මහා විහාරයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන උරුලෑවත්තේ ධම්මරක්‍ඛිභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හොබවන අතර ගිහි අනුශාසක ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හා රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ශෂින්ද්‍ර කුමාර රාජපක්‍ෂ මැතිතුමා කටයුතු කරයි. මෙම මහා පෙරහර වෙල්ලස්සේ සංස්කෘතික සංදර්ශනයක් පමණක් නොව වෙල්ලස්ස ජනතාව හඳුනා ගැනීමට ඇති කැඩපතකි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]