UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
සබරගමුව පළාතේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, මහෝපාධ්‍යය වේහැල්ලේ ශ්‍රී අත්ථිදස්සි ධම්මපාලාභිධාන නා හිමිපාණන් වහන්සේ.

වැඩ වසන පන්සල :-
මීගහගොඩ පුරාණ විහාරය

උපන්දිනය :-
1914 සැප්තැම්බර් මස 01 වන දින

පියා :-
දොන් දියෙස් අමරසිංහ මහතා

මව :-
ජී.එච්.කේ. ඔර්සිනාහාමි මහත්මිය

සහෝදර සහෝදරියන් :-
සහෝදරයෙක් සහ සහෝදරියන් හතර දෙනෙක් පමණ

ගිහිනම :-
දොන් අන්ද්‍රිස් අමරසිංහ

මූලික අධ්‍යාපනය :-
වේහැල්ල පාසල

උසස් අධ්‍යාපනය :-
1928 සිට 1930 කාලය දක්වා පැල්මඩුල්ල රාජ මහා විහාර පිරිවෙන. 1930 සිට විද්‍යෝදය පිරිවෙන

පැවිදි වීම :–
1928 වෙසක් පොහෝ දින

ආචාර්යන් වහන්සේ :-
හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ හා වේහැල්ලේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේ

උපසම්පදා දිනය :-
1936 ජුනි මස 26 වන දින මල්වතු මහා විහාර උපෝෂථාගාරය යේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :-
රත්නපුර, පැල්මඩුල්ල, මීගහගොඩ පුරාණ විහාරයේ විහාරාධිපතින් වහන්සේ
වැලිමළුව ශ්‍රී ඤාණාරාම පුරාණ විහාරාධිපති හුණුවල අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම විහාරාධිපති

පළ කළ කෘති :-
“ නව මහා බුදු ගුණ” ග්‍රන්ථ දෙකක් 1945, “මම සම්බුද්ධ වෙමි – 2004 වසරේදී

සම්මාන උපාධි ආදිය –
1983 මල්වතු මහා විහාරයෙන් සබරගමු පළාතේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක වශයෙන් පිදුම් ලැබූහ.

1994 දී “ සිරි අත්ථදස්සී” විශේෂ උපාධ්‍යාය ධුරය මල්වතු මහා විහාරයෙන් පුද කරන ලදී.

1994 දී අමරපුර නිකායේ එක්නැළිගොඩ පාර්ශ්වයෙන් “ ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී මහෝපාධ්‍යාය” යන තනතුරින් නාහිමියන් පුදනු ලැබීය.

පැල්මඩුළු රාජ මහා විහාරස්ථානයෙන් “තඞ්ග බුද්ධි” යන උපාධි නාමය පිරිනමන ලදී.

විදේශ ධර්ම දූත සේවාව :-
ඉන්දියාව, බුරුමය, ජපානය ,සිංගප්පුරුව

වෙනත් :–
2500 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන මීතිරිගල විහාරය ගොඩනැංවීම දහම් පාසලක්ද ආරම්භ කිරීම දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙමින් ගුරුවරයකු ලෙස සේවය කිරීම කොළඹ පඨානඝර පිරිවෙන් විහාරයේ දහම් පාසලක් ඇරැඹීම මීගහගොඩ විහාරය, වැළිමළුව විහාරය, හුණුවල විහාරය යන විහාරස්ථානවල දහම් පාසල් ආචාර්යවරයකු ලෙස සේවය කිරීම

පැල්මඩුල්ල ශාසනාරක්‍ෂක සමිතියේ ලේකම් ධුරය හෙබවීම

කොළඹ මරදාන ධර්ම දූතාශ්‍රම පරිවෙණාස්ථානය ආරම්භ කරමින් එහි පරිවේණාචාර්යවරයකු ලෙස සේවය කිරීම

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙහි ප්‍රවීණ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීම

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]