UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ජන්ම සමරු උළෙල

අභිධජ මහා රට්ඨගුරු අපවත් වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ 115 වන ජන්ම දිනය මෙම මස 24 වනදාට යෙදීම නිමිත්තෙන් උන්වහන්සේගේ ගුණානුස්මරණය කරනු වස් පවත්වනු ලබන ජන්ම දින සැමරුම් උළෙල මෙම 27 වන දා පස්වරු 3 ට අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහනාහිමියන්ගේ මූලිකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී පැවැත්වේ.

විශේෂ සමරු දෙසුම මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් පවත්වනු ලබන අතර බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම මගින් පවත්වාගෙන එනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට මහරගම ආනන්ද මෛත්‍රෙය මාවතේ ශ්‍රී චන්ද්‍රසේකරාරාමයේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනමේ සභාපති බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන් විසින් කටයුතු යොදා ඇත.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]