UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යෝත්සවය

බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවය 61 වන වතාවට අති උත්කර්ෂවත් ව පැවැත්වේ.

අගෝස්තු14 සිට 20 දක්වා සති පිරිත් දේශනාවක් ද චාරිත්‍රානුකූලව පැවැත්වෙන අතර එය අවසාන දින දොරකඩ අස්න අනුශාසනාව සහ දේවදූත පෙරහර පවත්වයි. එදිනම රාත්‍රියේ කුඹල් පෙරහර පැවැත්වේ. 21 අලුයම සති පිරිත් සජ්ඣායනය නිමාවට පත්වේ. 21 රාත්‍රියේ සිට 24 දින දක්වා මල් පෙරහර පැවැත්වේ. 25 දින මෙම පෙරහරද වීදි සංචාරය කෙරේ.

26 දින රාත්‍රියේ රංසිවි පෙරහර වීදි සංචාරය කරන අතර එය බෙල්ලන්විල රාජ මහා විහාරයෙන් ආරම්භ වී දෙහිවල පාර ඔස්සේ සෝමරතන පාරට පිවිස පන්සල පාර ඔස්සේ බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණේ. 27 දින රන්දෝලි මහා පෙරහර වීදි සංචාරය කෙරේ. 28 දින චාරිත්‍රානුකූලව දිය කැපීමේ උත්සවයෙන් පසු දේවදානය ලබාදේ. ඉන්පසුව උත්සව කටයුතු නිමාවට පත්වේ.

බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය පැවැත්වේ.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]