UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සුගත බෞද්ධාලෝක ශාස්ත්‍රී සංග්‍රහය

ශ්‍රී විමලසිරි දහම් පාසල (ටෙම්ප්ලර් පාර ගල්කිස්ස) ට අනුබද්ධව 2600 ශි‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති කමිටුව විසින් පළ කරන ලද මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය පිටු සියයකින් සමන්විතය. ග්‍රන්ථයක අගය වටහා ගත යුත්තේ පිටු ගණනින් නොවන බව සැබෑවකි. එහෙත් ඒ පිටු සියය පුරා ඇත්තේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අදාළ වන දහම් කරුණු නිසා මෙහි අගය තවත් වැඩිවෙයි. දහම් පාසලක් විසින් මෙවැනි ග්‍රන්ථයක් සම්පාදනය කිරිම සැබැවින්ම අගය කළ යුතු වන්නේ එය අති දුෂ්කර කාර්යයක් වන බව අප ප්‍රායෝගිකවම දන්නා හෙයිනි.

ධර්මයට පි‍්‍රය අයගේ ජීවිතවල අර්බුද නැත,සිරස යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති අගලකඩ සිරිසුමන හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද ලිපිය මගින් කාලීන වශයෙන් වැදගත් වන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ කුමක් සඳහාද යන්න මූල සච්චක බ්‍රාහ්මණයා ඇසූ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු ඉතා මැනවින් විග්‍රහ කර ඇත.

මෙම දහම් පාසලේම ආචාර්ය මණ්ඩලයේ විද්වතෙකු වන ගුණතිලක බණ්ඩාර (පුරා විද්‍යාපති) විසින් සම්බුද්ධත්ව ජයන්තියේ දී සිහි කළයුතු අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ පිළිබඳ ඓතිහාසික මෙන්ම බුදුදහම එකල ව්‍යාප්තිය පිළිබඳ ශාස්ත්‍රීය ලිපියද විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

මැදුම් පිළිවෙත හා චරිත සංවර්ධනය මැය යටතේ මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් ලියා ඇති ලිපිය අගනා ධර්ම දේශනයක් බඳුය. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර එහිම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි ආචාර්ය යසාංජලී දේවිකා ජයතිලක , කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමල් වලේබොඩ, දොඩම්පහළ අමරවංශ නාහිමි මාලිම්බඩ පඤ්ඤාසාර, කොට්ටාවේ සුමන යන යතිවරයාණන් වහන්සේලාගේ ලිපිලේඛන අඩංගු වී තිබීම මෙහි ශාස්ත්‍රිය හා ආගමික වටිනාකම වැඩිවීමට හේතුවී ඇත.

අභාවප්‍රාප්ත අරිසෙන් අහුබුදු විද්වතාණන් ගේ පැදි පෙළ ද ශාස්ත්‍රීය පර්යේෂණ වල යෙදෙන ආධුනිකයන්ට අත්වැලක් බඳු පර්යේෂණ නිබන්ධයක් ලිවීමේදී මුහුණ පාන ගැටලු නම් ආචාර්ය එච්. ඩබ්. කරුණාරත්නගේ ලිපියද ඉතා වැදගත් බව සඳහන් කළ යුතුව ඇත.


ඔබේ සිතට සමාධි සුවය

කර්තෘ:- මෛත්‍රී මූර්ති මහනාහිමි
ප්‍රකාශනය :- සමයවර්ධන පොත්හල (පෞද්)සමාගම
61, මාලිගාකන්ද පාර, මරදාන
කොළඹ 10 (දු.ක.2683986)
ධර්මදානය පිණිසයි

සමයවර්ධන මුද්‍රණාලයේ හා පොත්හලේ අධිපතිව සිටි ඩී. ඇම් වීරමන් මහතා සිහිකිරීම පිණිස පළ කෙරෙන ධර්ම පුස්තක මාලාවේ දහසය වන ග්‍රන්ථයයි. ‘සැලෙන සිතට සමාධි සුවය’ නමින් පළකළ කෘතියේ දෙවන කොටස ලෙස මෙය සම්පාදනය කර තිබේ.

ආනාපානසති භාවනාව සමථ හා විපස්සනා වශයෙන් වඩන ආකාරයක් කසිණ භාවනා හා අසුභ භාවනාව වැඩීම පිළිබඳ සාමාන්‍ය පැහැදිලි කිරීමකුත්, බුද්ධානුස්සති භාවනාව පිළිබඳ දීර්ඝ විස්තරයකුත් මෙහි අඩංගුය.





 


දෙලොව සහනයට බුදු දහම

කර්තෘ:- බණ්ඩාර බමුණුසිංහ ආරච්චි
ප්‍රකාශනය :- වාසනා පොත් ප්‍රකාශකයෝ
කටුකෙන්ද , දන්කොටුව
(දු.ක.0312258384)
මිල – රු.180/-

සහනය හා අසහනය , සිත පිළිබඳ බෞද්ධ විග්‍රහය, ජීවිත සහනයේ පළමුවන පියවරේ සිට සත්වන පියවර දක්වා,මනස හා මනසේ ක්‍රියාකාරිත්වය ආදි පරිච්ඡේද දහසයක් මෙහි ඇතුළත්ය. බුදු දහමෙන් සහනය සැනසීම උදාකර ගත හැකි ආකාරය දක්වන මනෝ විද්‍යාත්මක විග්‍රහයක් ලෙස මෙය, කතුවරයා, විසින් හඳුන්වා තිබේ.








 


සංවානී

සංස්කරණය :– මහින්ද චන්ද්‍රසේකර
ප්‍රකාශනය :- මාධ්‍ය ඒකකය
ආණ්ඩුකාර කාර්යාලය
උතුරුමැද පළාත
අනුරාධපුරය
(දු.ක. 0252235297)
මිල :- රු.100/-

උතුරුමැද පළාතේ ජනශ්‍රැති රජරට සංස්කෘතිය, කලාව හා සාහිත්‍යය පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීම සඳහා උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත්කරන ලද සාරසංග්‍රහයකි. මහාචාර්ය උක්කුබණ්ඩා, කරුණානන්ද ,කේ.එම්.අයි ස්වර්ණසිංහ, ආචාර්ය සේන නානායක්කාර, එඩ්මන් ජයසූරිය, සරත් මනුල මුණසිංහ, ඒ.බී.පී. කරුණාරත්න, ඔරුක්මාන්කුලමේ චන්දන හිමි, ඩබ්.ඒ.අබේසිංහ යන විද්වතුන්ගේ ලිපි මෙහි ඇතුළත් ය.

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ උපදේශකත්වයෙන් මෙය පළ කැරේ.
 

 



පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය කිරිවත්තුඩුවේ ඒ.ඇම්.ඩී.වයි. සරත්චන්ද්‍ර අමරතුංග මහතා විසින් සම්පාදිත ‘පයෝගසිද්ධි’ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ මුල් පිටපත පසුගියදා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන් වෙත පිළිගන්වන ලදී. අමරතුංග මහත්මිය සහ දියණියද, මහනුවර පුරාවිද්‍යා නිලධාරී නවරත්න බී. කරවුගහංග මහතා ද එම අවස්ථාවට සහභාගි වූහ.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]