UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

57 වන කොටස

246) යො පාණමතිිපාතෙති – මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති – පරදාරංච ගච්ඡති

පණ නසන බොරු කියන – පරදාරයේ යෙදෙන – තැනැත්තෝ විනාශය - ළඟා කර ගන්නේ ය.
හිතවතුනි, අකුශලය - මෙලොව දුක් ඇති කරයි. – පරලොවට යන මඟ ද – දුක්වලින් පුරාලයි.

247) සුරාමෙරයපානං ච - යො නරො අනුයුඤ්ඡති
ඉධේවමෙසො ලොකස්මිං - මූලං ඛණති අත්තනො

මත් පැනෙහි යෙදෙන්නා - නුවණ අඩු මෝඩයෙකි. – ඔහු තමන් සතු සියලු කුසල් මුල් නැති කරයි.
හිතවතුනි, මත් පැනෙන් - මෙලොව පරලොව දෙකට කිසිදු ආකාරයක යහපතක් සිදු නොවේ.

248) ඒවං භෝ පුරිස ජානාහි – පාප ධම්මා අසඤ්ඤතා
මා තං ලොභො අධම්මෝ ච – චිරං දුක්ඛාය රන්ධයුං

අසංවරකම තුළින් – පාපයන් ගලා එයි. – නිමක් නැති දුක් දෙවන – අපාය ද ළඟා වෙයි.
හිතවතුනි, අසංවර – තැනැත්තා කිසි දිනෙක - මෙලෝ පරලෝ දෙකෙහි - සැපක් නොලබන්නේ ය.

249) දදාති වේ යථාසද්ධං - යථා පසාදනං ජනො
තන්ථි වෙ මංකු යො හොති – පරේසං පානභෝජනෙ

නසො දිවා වා රත්තිං වා - සමාධිං අධිගච්ඡතී
සැදැහැවේ තරමටයි – දන් දීම කෙරෙන්නේ – අනුන් දෙන දනක් ගැන – ඔබ සිතිය යුතු නොවේ.
හිතවතුනි, ඔබ ඔබේ - සැදැහැවේ තරම දැන – ඊට සරිලන පරිදි - දන් දීම කළ යුතු ය.

250) යස්ස චෙතං සමුච්ජින්නං - මුලඝච්චං සමූහතං
සවෙ දිවා වා රත්තිං වා - සමාධිං අධිගච්ඡති

අසංවර නොවන සේ - සිත මෙල්ල කළොත් ඔහුට ඒ මොහොතේම - සමාධිය උරුම වේ.
හිතවතුනි, ඔබේ සිත - හොඳින් සංවර වුණොත් - මෙලොව ඇති හැම සැපතක්ම ඔබ වෙතට ගලා එයි.

මතු සම්බන්ධයි

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]