UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 “දම්සක් වරුණ” මහා සදහම් මංගල්‍යය

ඇසළ කලාපය (මාවනැල්ල කොට්ඨාසය, අම්බුළුගල ග්‍රාමය) 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් “දම්සක් වරුණ” නමින් සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල කොට්ඨාසයේ, අම්බුළුගල ග්‍රාමයේ අම්බුළුගල ශ්‍රී දන්තපාය රාජමහා විහාරයත් අම්බුළුගල මහා විද්‍යාලයත් සමගාමීව පවත්වන්නට නියමිත ඇසළ කලාපයේ මූලික පෙළ ගැස්ම මෙසේ ය.

 01. ගමයි, පන්සලයි, පාසලයි, සීලයෙන් පෙළ ගැසීම සඳහා “සීලානුපස්සනා” සදහම් කතිකාව.
02. 2011.07.13 සිට 2011.07.15 සර්වඥ කේශ ධාතු සහ ශ්‍රාවක ධාතූන් සිවු නමක් ප්‍රදර්ශනය සහ තේවා පූජා පැවැත්වීම.
03. පාසල් දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා බුදුපිළිම වහන්සේ විහාරස්ථානයේ සිට පෙරහරින් වැඩමවීම සහ විහාර මන්දිරය විවෘත කිරීම.
04. 2011.07.14 දින උදෑසන පටන් පැවැත්වෙන වෛද්‍ය සායනය, නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සහ ලේ දන්දීමේ කඳවුර
05. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අනුස්මරණය කරමින් 2011.07.13 දින රාත්‍රී 10ට සජීවීව දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
06. දරුවන්ගේ නිර්මාණ දක්‍ෂතා අගයනු වස් ඔවුන්ගේ ගද්‍ය, පද්‍ය, සහ නිර්මාණ එකතුව හා ඒ අනුසාරයෙන් “සදහම් වරුණ” නමින් සඟරාවක් නිර්මාණය කිරීම, ඔවුන්ගේ දක්‍ෂතා අනුව ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම.
07. පාසල් පුස්තකාලය සඳහා පොත් පත් පරිත්‍යාගය සහ පාසලේ සෑම පන්තියකමත්, දරුවන් නිතර ගැවසෙන ස්ථානයන්හි දහම් පාඨ, ධනාත්මක චින්තන සහ දාර්ශනික කියමන් ප්‍රදර්ශනය කිරීම.
08. 14 දින රාත්‍රී 07.30 ට පැවැත්වෙන “සදහම් සත්සර” භක්ති ගීත ප්‍රසංගය.
09. තම නිවසෙහි සෑම දිනකම වන්දනා කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා සහිත ඡායා පත්‍රිකාවක් සහ කුඩා දහම් පොතක් බෙදා දීම.
10. අම්බුළුගල ශ්‍රී දන්තපාය විහාරයේ අඩුපාඩුවක්ව පවතින බෝධි ප්‍රාකාරය සහ රන්වැට සඳහා මුල්ගල තැබීම.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]