UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර පසළොස්වක 2011.07. 14

බැස්ටීලය වන්දනා කිරීම

මානව ශිෂ්ටාචාරයේ අතිශය වැදගත් විද්‍යාත්මක සොයා ගැනීමක් ප්‍රකාශයට පත් කළ දිනය වන ඇසළ පුර පසළොස්වක පොහොය මෙන් ම බැස්ටීල දිනය යනුවෙන් හැඳින්වෙන ප්‍රංශ ජාතික දිනය ද අදට යෙදී තිබේ. මිනිස් බුද්ධියේ අග්‍රඵලය වන බුද්ධත්වය ලැබ දෙමසක් ගත වූ පසු ගෞතම බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් අරබයා දෙසන ලද පටිච්ච සම්ප්පාද ධර්මය (සංයුක්ත නිකායේ සච්ච සංයුත්තයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය) සමඟ 1789 වසරේ ජූලි මස 14 වන දා බැස්ටීලය වැටලීමෙන් ඇරැඹි ප්‍රංශ විප්ලවය එකට ගෙන කතා කිරීම පාඨකයන් විමතියට පත් කැරෙන කරුණක් වනු නො අනුමාන ය.

මෙය ඇති කල්හි මෙයත් ඇත (ඉමස්මිං සති – ඉදං හෝති) යන විද්‍යාත්මක සත්‍යය මෙයට වසර 2600 කට පෙර පස්වග මහණුන් හමුවේ බුදුරදුන් විසින් අනාවරණය කිරීම මානව ශිෂ්ටාචාරයට දෙන ලද මහා දායාදයකි. එ සේ වුව ද එය තවමත් ලෝකයේ බොහෝ ජාතීන්ට ආගන්තුක ය. ඊට භූගෝලීය බාධක හා සන්නිවේදන සීමා ආදිය බලපා තිබේ. භාරතයේ අසල්වැසි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව එම බාධක හා සීමා ජයගත්තේ එය ලොවට දායාද කැරැ සියවස් තුනකට පසුව මහින්දාගමනයේ ආශිර්වාදයෙනි.

බුදුරදුන් අනාවරණය කළ මේ විද්‍යාත්මක සත්‍යය වර්තමාන ලෝක ස්වභාවය නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමී වූ පුද්ගලයන් දැන සිටියේ නම් ලෝකය මෙයට වඩා යහපත් නිවහනක් වනු ඇත. බටහිර මනෝවිද්‍යාවේ පියා ලෙස සැලැකෙන සිග්මන් ෆෙ‍්‍රායිඩ් කළ පර්යේෂණ වලදී පටාචාරා , කිසාගෝමී වැනි සිද්ධි අධ්‍යයනය කෙළේ නම්, නූතන මනෝවිද්‍යාවට කෙතරම් ආලෝකයක් ලබාගත හැකිව තිබිණි ද?

ලෝක උරුමයක් බවට පත් වී ඇති බුදුරදුන් වදාළ ධර්මය මානව සංහතියේ ප්‍රගතිය සඳහා යොදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා තවමත් අසමත් ය. එය රෝගියකු සුවපත් කිරීමට අවශ්‍ය ඖෂධය තිබිය දී රෝගියා මියයෑමට සැලැස්වීමක් බඳු ය. මේ තත්ත්වය වළක්වා ගැනීම බුද්ධිමතුන් ගේ වගකීමකි.

පසුකාලීන විප්ලව සඳහා මඟ පෙන්වූ ප්‍රංශ විප්ලවය කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේ එම ඓතිහාසික දිනය මේ වසරේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනට යෙදී ඇති නිසා ම නො වේ. ආර්ථික පීඩනය, අත්තනෝමතික රාජ්‍ය පාලනය හා දාර්ශනික ප්‍රබෝධය යන සාධක මත බිහි වූ ප්‍රංශ විප්ලවයේ බලපෑම ගැන කතා කිරීම වැදගත් යැයි සිතමු. ඉන්දීය ලේඛකයකු වන බී.වී රාවෝ ලිය එධපතඤ ඩ්ඪඵබධපර (ලෝක ඉතිහාසය) නමැති කෘතිය ඒ සඳහා මෙහි පහත උපුටා දක්වමු.

“ප්‍රංශ විප්ලවය පැවැති දස අවුරුද්ද ඇතුළත දීර්ඝ කාලීන ප්‍රතිඵල රැසක් බිහි කිරීමට එය සමත් විය. පළමුවනු ව එමඟින් වැඩවසම් ක්‍රමයේ ඉතිරි ව තිබූ නෂ්ටාවශේෂ විනාශ කොට දමා ප්‍රවේනිදාසයන් නිදහස් කෙරිණ. ටික කලෙකින් විනාශ වී ගිය නමුත් ව්‍යවස්ථානුකූ®ල රාජාණ්ඩුවක් බිහි කිරීමට ද ප්‍රංශ විප්ලවය සමත් විය. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් කිරීම තවත් වැදගත් ප්‍රතිඵලයකි. වංශාධිපතිවරුන් සහ පල්ලිය සතුව පැවැති ඉඩම් ඔවුන්ට අහිමි වූ අතර, ඒවා ගොවි ජනතාව අතර බෙදා දෙනු ලැබිණ. ප්‍රංශ යටත් විජිතවල සිටි වහලුන් නිදහස් කෙරිණ. නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය යන ප්‍රංශ විප්ලවයේ ආදර්ශ පාඨ හේතු කොට ගෙන අනාගතයේ දී යුරෝපයේ අලුත් ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රමයක් ගොඩ නැඟෙන බව පෙනෙන්නට විය. තව ද ප්‍රංශ විප්ලවය මඟින් ජාතික හැඟීම් උද්දීපනය කරනු ලැබී ය. විප්ලවයේ ප්‍රතිලාභ ආරක්‍ෂා කර ගැනීම සඳහා සිය ජීවිත පරදුවට තබා කටයුතු කිරීමට පොදු ජනතාව තුළ කැපවීමක් තිබිණ. එ පමණක් ද නො ව ප්‍රංශ විප්ලවය මඟින් දහනව වන සියවසේ සමස්ත යුරෝපයේ ම ජනතාව කෙරෙහි බලපෑ දීර්ඝ කාලීන ප්‍රතිඵල රැසක් ඇති කෙරිණ” .

ප්‍රංශ විප්ලවය අසම්පූර්ණ දේශපාලන සංසිද්ධියකි. එහෙත් දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන පෙරදිග රටවල් ද එම අසම්පූර්ණ දේශපාලන සංසිද්ධියේ බලපෑමට ගොදුරු වී ඇති බව පවා අප දැනගත යුතු කරුණකි. මානව හිමිකම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය මත පවා ප්‍රංශ විප්ලවය සඳහා යොදාගත් නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය යන සටන් පාඨයේ සෙවණැල්ල වැටී ඇත. එ පමණක් ද නො ව බැස්ටීලයට පහරදීමේ සටන් ආකෘතිය බොහෝ දේශපාලන පක්‍ෂ තවමත් යොදාගනු ලැබේ.

මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ මෙයට වසර 2600 කට පෙර බුදුරදුන් ලොවට හඳුන්වා දුන් විද්‍යාත්මක සත්‍යයෙන් අප බැහැර වී සිටින බව ය. එහෙත් අපි ඇසළ පොහොය අති උත්කර්ෂවත් අයුරින් සමරණ බෞද්ධයෝ වෙමු.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]