UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව වස් විසීම්

2011 ඇසළ පුර පසළොස්වක් පුන් පෝදා 14 දා දඹදිව සියලුම සිද්ධස්ථානයන්හි වස් සමාදම්වීම් කටයුතු ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම්, භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. වස් තුන් මාසය තුළ කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ, මූලස්ථානයේ ශ්‍රී ලංකාවාසී භික්‍ෂූන් වහන්සේ හතර නමක් වස් සමාදන් වන අතර බුද්ධ පූජා, බෝධි පූජා, ධර්මදේශනාවලට අමතරව ත්‍රිපිටක සජ්ඣායනාවක් ද සිදු කෙරේ. මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලබන්නේ බෙංගලි ජාතික බෞද්ධයින් විසිනි. කල්කටාවේ ධර්මරාජික විහාරයේ පහත නම් සඳහන් භික්‍ෂුන් වහන්සේලා වස් සමාදන් වීමට නියමිතය. එගොඩබැද්දේ උපරතන හිමි, යටියන්තොට රාහුල හිමි, තෙළුල්ලේ සුමනානන්ද හිමි, බිබිලේ සුමනසිරි හිමි.

බුද්ධගයා මධ්‍යස්ථානයේ ඉන්දියානු මහාබෝධි සමාගමේ ආරාධනාවෙන් ජනාධිපති උපදේශක ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් බෞද්ධ විහාරයේ අධිපති ආචාර්ය වල්පොල පියනන්ද නාහිමියන් සහ ඇමරිකානු බෞද්ධ විහාරයේ අධිපති මාධාවෙල සීලවිමල මාහිමියන් ඇමරිකාවේ සිට වඩිනු ඇත. කහටගස්දිගිලියේ මේධංකර හිමි, ගෝමරන්කඩවල හේමරතන හිමි, රඹුක්කන සුගතවංශ හිමි යන ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වීමට නියමිත අතර මෙවර වස් ආරාධනා කරනු ලබන්නේ ඇලන් මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු දායක පිරිස විසිනි.

ඇසළ පුන් පෝදා දම්සක් දිනය සැමරීම නිමිත්තෙන් දවස පුරා විශේෂ ආගමික වැඩ සටහන් පින්කම් මාලාවක් පැවැත්වෙන අතර මෙදින සවස දම්සක් පැවතුම් සූත්‍ර දේශනා පූජාවෙන් පසුව වස් ආරාධනාව සිදුවේ. මෙම වසරේ බරණැස ඉසිපතන මිගදායේ වස් ආරාධනාවේ ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කඩවත සුරංජිත මෝටර්හි අධිපති රංජිත් කරුණාරත්න මහතා ඇතුළු පවුලේ සැම විසිනි. බරණැස ඉසිපතන මිගදායේ ධර්මදූත සේවයේ නිරත ඉන්දියානු මහාබෝධි සමාගමේ සහකාර ලේකම් පැල්වත්තේ සීවලී හිමියන් ඇතුළු යුධගනාවේ සීලවංශ හිමි, රත්මලේ සුමිත්තානන්ද හිමි සහ අඹගස්ආරේ විමලරතන යන හිමිවරුන්ට අමතරව නව්යන භාවනා මධ්‍යස්ථානයේ අරනායක ජීවානන්ද හිමි, උඩුවර සුධම්මචර හිමි, ගිරිතලේ රාජමහා විහාරාධිපති ලියන්ගස්වගුරුවේ දේවානන්ද නාහිමි, ඉන්දීය මහා බෝධි සමාගමේ ආරාධනයෙන් බරණැස ඉසිපතන මිගදායේ මෙම වසරේ වස් වැසීම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කරණු ඇත. ඇසළ පෝදා සවස වස් ආරාධනයෙන් හා දම්සක් පූජාවෙන් පසුව ලොවට සෙත්පතා විශේෂ බෝධි පූජාවක් හා පහන් පුජා පින්කමකින් මෙදින වැඩසටහන අවසන් වේ.

ඉන්දියානු මහාබෝධි සමාගමේ ලුම්බිණි මධ්‍යස්ථානයේ හප්පිටියේ ධම්මරතන හිමි, රත්තනපිටියේ නේමින්ද හිමි යන ස්වාමින් වහන්සේලා වස් සමාදන් වන අතර නවදිල්ලි මධ්‍යස්ථානයේ කිරිගල්වැවේ වනරතන හිමියන් වස් සමාදන් වීමට නියමිතය. ඔරිස්සා මධ්‍යස්ථානයේ ගස්පේ සද්ධාතිස්ස හිමියන් ද ලක්නව් මධ්‍යස්ථානයේ ගලගෙදර ප්‍රඥානන්ද හිමියන් මෙවර වස් සමාදන් වීමට නියමිතය. වස් තුන් මාසය තුළ සියලුම මධ්‍යස්ථානයන්හි ධර්මදේශනා, භාවනා, සීලසමාදාන ආදී පින්කම් රාශියක් සිදුකිරීමට විධි විධාන යොදා ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]