UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිව්දේවාලයත් ඇසළ පෙරහර මංගල්‍යය ජූලි මස 31 වන දාට යෙදෙන ශුභ මොහොතින් සිව්දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරේ.

දේවාල අභ්‍යන්තරයේ පෙරහර දින පහන් පවත්වා ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු හතරවෙනිදාත්, රංදෝලි පෙරහර අගෝස්තු නවවෙනිදාත් ආරම්භ කෙරේ. අවසන් රාත්‍රී මහ පෙරහර අගෝස්තු දහතුන්වෙනිදා පැවැත්වේ. දිය කැපුම් මංගල්‍ය අගෝස්තු දහහතරවෙනිදාට එළියවැටෙන්නට පැවැත්වේ. අගෝස්තු දහහතර වෙනිදා දවල් පෙරහර සිරිත් පරිදි පවත්වා සෙංකඩගල ඇසළ මහ පෙරහර මංගල්‍යය අවසන් කෙරේ.

ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරහර සංවිධානය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්වෙන අතර පෙරහර ගමන් මඟ සම්බන්ධව විස්තරයක් දියවඩන නිලමේ තුමා විසින් ප්‍රකාශයට පත් කිරීම දෙවනුව සිදු කෙරේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]