UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරුළපන ශ්‍රී පුෂ්පාරාමයේ මිහිඳු මහ පෙරහර 9 වන දා රාත්‍රී වීථි සංචාරය කැරේ


ඇල්කඩුවේ නාගිත හිමි

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික කොට්ඨාසයේ කිරුළපන ග්‍රාමයේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ඉඩම් ප්‍රමාණයෙන් පර්චස් 14 ක පමණ විහාරස්ථානයකි. මෙහි නිර්මාතෘව වැඩසිටි බෙන්තර ඇල්පිටිය දෙපළාතේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය ශාස්ත්‍රපති විශාරද පණ්ඩිත දිවිතුරේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ 1955 දී ය. එවකට කුඩා විහාරස්ථානයක් වූවත් දිවිතුරේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන ලද ශාසනික වැඩපිළිවෙළේ දී ප්‍රධාන තැනක් මිහිඳු පෙරහර වෙත යොමු කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ අපවත් වූයෙන් පසුව ශ්‍රී පුෂ්පාරාමයේ නායක ස්වාමීන් වහන්සේගේ පදවියට පත් වූයේ ‘ඇල්කඩුවේ නාගිත ස්වාමීන් වහන්සේ’ ය.

අතීතයේ සිට විහාරස්ථානය මගින් සිදු කළ සමාජ සත්කාරයන් ඇල්කඩුවේ නාගිත ලොකු හාමුදුරුවන් ඉතා සංවිධානාත්මකව ඉටු කරමින් කිරුළපන ග්‍රාමයේ දුවා දරුවන් වෙනුවෙන් පෙර පාසල් ආරම්භ කරමින්, විහාරස්ථානය මඟින් සිදුවිය යුතු යුතුකම් කිරුළපන ගම වෙනුවෙන් ඉටුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගුරුහාමුදුරුවන්ගේ මඟ යමින් ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මිහිඳු මහා පෙරහර’ විශාල පෙරහක් බවට පත් වී ඇත. ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මඟින් මිහිඳු පෙරහර සංවිධානය කරමින් වීථි සංචාරය කරන විසිවන (20) වසර මෙයයි. මෙම මහඟු කර්තව්‍යය වර්තමානයේ දී සංවිධානාත්මකව තරුණ පිරිස මෙහෙයවමින් මිහිඳු පෙරහර වෙනුවෙන්, දිවිතුරේ සමන්ත පොඩි හාමුදුරවන් වහන්සෙගේ කැපවීම අගයමු. එම පෙරහර වෙනුවෙන් කිරුළපන ග්‍රාමයේ සියලු බොදු බැතිමතුන් ඉතා කැපවීමෙන් දක්වන සහයෝගය අගය කළ යුතු ය. අපේ සංස්කෘතික කලා ශිල්පීන්ට මෙය මහඟු අවස්ථාවකි. උඩරට, පහතරට, සබරගමු නැටුම් කණ්ඩායම් විශාල වශයෙන් සහභාගී වන මෙම පෙරහරට අලි ඇතුන් මෙවර වෙනදාට වඩා සහභාගී කරවීමෙන් මිහිඳු පෙරහර තවත් අලංකාර වනු ඇත. දහනව (19) අවුරුද්දක් පුරා මෙම පෙරහර වෙනුවෙන් දායක වූ විශාල පිරිසක් ඇත.

ඒ සියලුම දායක කාරකාදීන්ගෙන් ලැබෙන සහයෝගය සුළුපටු නොවන බව සඳහන් කළ යුතුව ඇත. මෙහිදී කිරුළපන ග්‍රාමය තුළ ක්‍රියාත්මක වන සමාජ සේවා ආයතන, වෙළෙඳ ආයතන, කිරුළපන ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය, කිරුළපන පොලීසිය, ඇතුළු වෙළෙඳ සංගමය මෙම මිහිඳු මහ පෙරහර වෙනුවෙන් දායක වන ප්‍රධාන ආයතන වේ.

මෙම මහ මිහිඳු පෙරහර වෙනුවෙන් සංවිධාන කටයුතු, ආධාර ලබාදීම ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් අන්‍ය ආගමික පින්වතුන් දක්වන කැමැත්ත හා ඉදිරිපත් වීම ද විශේෂිතය කිසිදු ආගම් භේදයකින් තොරව මෙයට සහයෝගය දක්වනුයේ හැමදෙනාටම ආදර්ශයක් වෙමිනි. මිහිඳු පෙරහර පරිවාර පෙරහර හතරකින් සමන්විතව ද පැවැත් වීම විශේෂ කරුණකි. එහි සම්පූර්ණ දායකත්වය විහාරස්ථානයේ දායක කාරකාදීන් විසින් දරමින් ඉතා අලංකාර අන්දමින් සංවිධානය කරමින් එළඹෙන ජූලි මස 09 වන සෙනසුරදා රාත්‍රී 08.30 ට එළඹෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරේ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]