UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඕමානයේ ඉදි වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් “පිළිවෙතින් පෙළගැසෙමු” යන ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට සමාන්තරව ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමිය තුළ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය ඉදිකරවන ලදී.


ඕමානයේ තානාපතිතුමා, පින්කමට සහභාගිවු පිරිස ඇමතූ අවස්ථාව

ඕමානයට පසුගිය වෙසක් සමයේ වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නය විසින් වෙසක් පොහොය දිනයේ දී එම විහාරය විවෘත කෙරුණු අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ චෛත්‍යය, සහ බෝධියකින්ද, දොළොස් මහේ පහනක් සහිතව හෙළ බෞද්ධ කලාවේ උසස් නිර්මාණයක් වූ වළාකුළු බැම්මක් සහිත මකර තොරණකින්ද සමන්විත වේ.

ඉතා කෙටි කලකින් එම විහාරය සාදා නිම කිරීමේ හැකියාව ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජන කොටස් වල සහයෝගිතාවයේත් විශේෂයෙන් බෞද්ධ ජනතාවගේ එක්සත් භාවයේත් ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකි ය. ඕමාන් රාජ්‍යයේ බෞද්ධ කටයුතු සඳහා සහයෝගය ලබා දුන්නේ බෞද්ධයන් පමණක් නොවේ. විවිධ ආගමික කොටස් වල නොමද සහයෝගය එම වැඩපිළිවෙළට නිරන්තරයෙන්ම ලැබිණි.

එම විහාරස්ථානයේ ඉදිරි දියුණුව සඳහා තානාපති තුමන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සම සභාපතිවරුන් දෙදෙනෙකුගෙන් යුත් දොළොස් දෙනෙකුගෙන් සමන්විත නිලධාරී මඩුල්ලක් ද ඕමානයේ සියලුම ශ්‍රී ලාංකික එකමුතු (සංගම්) නියෝජනය කැරෙමින් විහාරස්ථානයට මහත් උදවු ඇති කරන්නාවූ 17 දෙනෙකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් ද 33 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක්ද තානාපතිතුමන් විසින් දැනට පත්කර ඇත. ඉදිරියේ දී ඕමානයේ සිටින සියලුම බෞද්ධ පවුල් නියෝජනය වන අන්දමින් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට ද අදහස් කර ඇත.


ඕමානයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය

සිදුහත් උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය දැක්වෙන ප්‍රතිමා නෙළීමට ශ්‍රී ලංකාවෙන් මූර්ති ශිල්පියෙක් ගෙන්වා ගැනීමද, සංඝාවාසයක් අභිනවයෙන් සාදා ස්වාමීන් වහන්සේ නමක් ස්ථිර ලෙස වැඩම කර සිටුවා ගැනීමට ද, දාන ශාලාවක් පිළියෙළ කර ගැනීමද එම කටයුත්තෙහි අනාගත අපේක්‍ෂා අතර වේ.

විවිධ අපහසුතා මැද ඕමාන් තානාපති කාර්යාල භූමිය මිලදී ගැනීමේ කටයුතු අපගේ තානාපතිතුමන් විසින් ආරම්භ කර දැනට යහපත් ප්‍රතිඵල ලැබී තිබේ.

මෙම තානාපති කාර්යාල භූමිය ශ්‍රී ලංකා රජයට ලබා ගැනීම තුළින් අතිගරු ජනාධිපතිතුමන්ගේ නාමය හෙළයේ මහා වංශයට එකතු වීමක් ද සිදුවේ.

 

 

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]