UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පොහොය නිමිත්තෙන් දම්සක් පැවැතුම් සූත්‍ර සජ්ඣායනාවක් 10 වන දා ඓතිහාසික මගුල් මඩුවේ දී

තථාගත ධර්මය ලොව පහළ වීමෙන් 2600 වසර උදාවීම ද ප්‍රධාන ඓතිහාසික ආගමික සිද්ධීන් රැසක් යෙදී ඇති ඓතිහාසික ඇසළ පොහොය නිමිත්තෙන් මෙම 10 වන දා මල්වතු අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ පස්සියයක් පමණ භික්‍ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් ධම්ම චක්ක පවත්තන සූත්‍ර සජ්ඣායනයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල පිහිටි ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වේ.

බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව මගින් එය සංවිධානය කැරේ. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ අනුශාසකත්වය ඒ සඳහා ලැබී ඇත. කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් එම පුණ්‍ය කර්මය සිදු කැරේ. දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව බෞද්ධයා රූපවාහිනී නාලිකාව මඟින් ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇත.

10 වන දා අලුයම 5 ට කොළඹ සම්බෝධි විහාරයෙන් සදහම් චාරිකා පෙරහර ආරම්භ වී පස්වරු 3 ට ශ්‍රී දළදා මාලිගාව අබියසට පැමිණීමට නියමිත ය.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]