UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

54 වන කොටස

මල වග්ගය

235. පණ්ඩුපලාසොව දානි සි - යමපුරිසාපිච තමුපඨිතා
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි - පාථෙය්‍යම්ව ච තෙන විජ්ජති

මහළු වූ ජීවිතය ඉදුණු ගෙඩියක් වැන්න. ගිලිහිලා වැටෙන්නට ආසන්න වී තිබේ. යම දූතයෝ පැමිණ ඔබ ඉදිරිපිට සිටිති. පරලොවට යනු පිණිස ඔබ පිනක් කළේ නැත.

හිතවතුනි, ජීවිතේ අගට එන්නට පළමු පරලොවට යනු පිණිස පින් දහම් කළ යුතු ය.

236. සෝ කරොහි දීපමත්තනො - ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනංගණො - දිබ්බං අරියභුමිමේහිසි

හැමෝටම උතුම් වූ බිමක් හිමි විය යුතු ය. එමනිසා වෙරදරා, නැණවතකු වනු මැනවි. එවිට ඔබ නොවැරැදි නිසි මඟින් ගමන් කොට උතුම් වූ අරිය බිම වෙතට සපැමිණෙනු ඇත.

හිතවතුනි, නැණවත්ව පිය නැඟිය යුත්තේ ය. එවිට ඔබ නිසැකවම අරමුණට යන්නේ ය.

237. උපනීතවයො ච දානිසි -සම්පයාතොසි සමස්ස සන්තිකෙ
වාසොපි ච තෙ නත්ථි අන්තරා - පාථෙයියම්පි ච තෙ නවිජ්ඡති

දැන් ඔබේ ජීවිතේ අගනේ ද ගෙවෙන්නේ ඉතා සුළු කලෙකින් ඔබට මරණය වේවි. පරලොව වැඩ පිණිස කළ යමක් නෑ නේද? පසු තැවෙනවා මිසක දැන් කුමක් කරන්නද?

හිතවතුනි, නැණවත්තු, ජීවිතේ අගදී ද පසු තැවීමක් නැතිව සැනසුම්ව කල් ගෙවති.

මතු සම්බන්ධයි

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]