UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

“මහින්දවංසෝ ’’ කෘතිය පිළිගැන්වේ

මහින්දවංසෝ පාලිවංශ සිංහල හා ඉංගී‍්‍රසි පරිවර්තන ග්‍රන්ථ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කර ලත් ඓතිහාසික විජයග්‍රහණය විග්‍රහ කරමින් ආචාර්ය මානකඩ ඛේමානන්ද හිමියන් විසින් රචිත එම වංශකතාව වළවාහැංගුනවැවේ මහින්ද රතන හිමියෝ සිංහලයට හා ඉංගී‍්‍රසි භාෂාවට නැගුහ. පාලි පද්‍ය 552කින් සමන්විත එම කෘතියෙහි බුද්ධ චරිතයේ සිට විජය කුමරුගේ ලංකා සම්ප්‍රාප්තිය මහින්දාගමනය හා මානුෂික මෙහෙයුම දක්වා සියලු සිදුවීම් පාලි පද්‍යයෙන් විග්‍රහ කොට ඇත.

එම කෘති පිළිගැන්වීමේ අවස්ථාවට මිහින්තලා රාජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමි ඇතුළු මහ සඟරුවන සහ සබරගමුව ආණ්ඩුකාර වි.ජ.මු ලොකු බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක පි‍්‍රයන්ත බණ්ඩාර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු දායක දායකාවෝ පිරිසක් සහභාගි වූහ.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]