UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

51 වන කොටස

224) සච්චං භණෙ න කුජ්ෙක්‍ධය්‍ය දජ්ජා පස්මිංපි යාචිතො
ඒතේහි තීහි ඨානෙහි –ගච්ඡේ දේවාන සන්තිකෙ

බොරු බසක් නොපවසන – තරහවක් නොගන්නා –

හැකි පමණ දන් පුදන – තැනැත්තේ දෙවි කෙනෙකි

හිතවතුනි, උසස් ගුණ – හුරු පුරුදු කර ගන්න.–

ලෝකයා ඔබට දෙවි කෙනෙකු සේ පුදනු ඇත.

225.) අහිංසකා යෙ මුනයො - නිච්චං කායෙන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං – යත්ථ ගන්ත්වා න සෝචරේ

අහිංසක මුනිවරහු – තුන් දොරින් සංවරය –

එවැන්නෝ නිසැක ලෙස නිවන වෙත වන්නේ ය.

හිතවතුනි, තුන්් දොරින්- සුසංවර තැනැත්තේ නිසැක

ලෙස සැනසීම වෙත ළඟා වන්නේ ය.

226) සදා ජාගරමානානං – අහො රත්තානු සික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං -අත්ථ ගච්ඡන්ති ආසවා

නින්ද වෙත ගිජු නොවී– ගුණ දහම් වඩන්නා – නිසැක

ලෙස කෙලෙස් මුල් - සිඳ බිඳ දමන්නේ ය.

හිතවතුනි, තම සිතට – වහල් වන්නේ නැතිව සිත

වහලකු කර ගන්න – නිසැක ජය ඔබට ම ය.

227) පෝරාණමෙතං අතුල - නෙ තං අජ්ජතනමා’ව
නිද්ධන්ති තුණ්හීමාසීනං – නිද්දන්ති බහුභාණිනං

මිතභාණම්පි නින්දන්ති – නත්ථි ලොකෙ අනින්දිතො

පින්වත්නි, මෙලොවේ - හොඳ නරක හැමෝටම –

නොයෙක්

නින්දා ලැබේ. එය වැළැක්විය නොහේ.

හිතවතුනි, ලෝකයෙන් – ලැබෙන නින්දා වලට

නොකැළඹී ඉවසන්න – ඔබට ජය ලැබෙනු ඇත.

මතු සම්බන්ධයි

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]