UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වසර දොළහක උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත රාජකාරියක නිරතව සිටී. එච්.ඒ.ඩී. අසෝක ජයලාල් රණවිරුවාගේ වකුගඩු අසාධ්‍යය වී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාසිටී. “ඕ පොසිටිව්” වර්ගයේ හෝ “ඕ නෙගටිව් ලේ වර්ග වල ඇති වකුගඩුවක් ලබා දීමට කැමති අය ඇතොත් 071 6073297 දුරකතනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. නො. 348 හේකිත්ත, වත්තල.


වෙන්නප්පුවේ පදිංචි වයස අවුරුදු 43 ක් වන එක්දරු පියකු වන චන්දික වීරසිංහ මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. සෙන්ට්‍රල් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සී.ඒ. හේරත් මහතාගේ වෛද්‍ය වාර්තාව අනුව ඔහුට ඉතා ඉක්මනින් “ඒ පොසිටිව් “ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත්. 031 – 2254890, 071 – 2737471 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


රද්දොළුගම 2 බී, 37 ආර් නිවසේ පදිංචි ජේ.එෆ්.ජෝර්ජ් මහතා හදවත් රෝගයකින් පෙළෙන බව කියයි. ඔහු සුවපත් කිරීමට හදවත් සැත්කමක් කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇතැයි කියයි. එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බවද ඔහු කියන අතර ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහාය ඒ මහතා අපේක්‍ෂා කරයි. රද්දොළුගම සෙලාන් බැංකුවේ 0620 – 06200680 – 101 ගිණුමට ආධාර කළ හැකි බව කියයි.


මංගලා ජයසූරිය මහත්මිය අවුරුදු 48 වන වියේ පසුවන අතර දරුවන් දෙදෙනෙකුගේ මවක් බවද කියයි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එෆ්. නසාර් මහතා මංගලා ජයසූරියට “බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇත. වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමැති අයෙක් වෙතොත් 0722813519, ශිරාණි වික්‍රමගේ, 0112 821427 යන දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


අතුරුගිරිය නිම්සහන සංසදයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඩබ්.පී.ඩබ්. පෙරේරා මහතාට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇතැයි කියයි. ජීවිතයක් ජීවත් කරවීමට වකුගඩුවක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කැරේ. සභාපති, අතුරුගිරිය නිම්සහන සංසදය, අතුරුගිරිය, දුරකතන අංකය – 077 5702067, 077 1588350, 011 – 2562269 වේ.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]