UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්...


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙවර වෙසක් පෝදා (17) සිට තෙදිනක් පුරා අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් අබියසදී පවත්වන ලදී. එම අමාදහර වෙසක් සදහම් කලාපය පළමු දින (17 වෙසක් පෝදා) සවස ආරාධිත අමුත්තන් විසින් පොල් තෙල් පහන දල්වා විවෘත කරන ලද අවස්ථාව. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සංස්කෘතික කටයුතු ඇමැති ටී. බී. ඒකනායක, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙග් යන්ග්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, රක්ෂණ භාර අරමුදලේ සභාපති සේනක අබේගුණසේකර, ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, මුදල් අධ්‍යක්ෂ එස්. ෂන්මුගනාදන්, සාමාන්‍යාධිකාරී අභය අමරදාස යන මහත්වරු ඊට එක්වූහ.
ඡයාරූපය නිශ්ශංක විජේරත්න


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන ලද අමාදහර වෙසක් සදහම් කලාපය දෙවැනි දින (18) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් විවෘත කරන ලද අවස්ථාව. එක්සත් ප්‍රවාත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, දැන්වීම් කළමනාකාර සහ ආයතනික සබඳතා ප්‍රධානී වරුණ මල්ලවාරච්චි, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්ම මහත්මීහු මෙහි වෙති. ඡායාරූපය මහින්ද විතානාච්චි

ලේක් හවුස් වෙසක් පහන් කූඩු තරගයේ පළමු ස්ථානය ලබාගත් කොළඹ මට්ටක්කුලිය අජිත් රේනුක මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා අතින් ත්‍යාග මුදල හා සහතිකපත් ලබාගත් මොහොත. මෙම අවස්ථාවට ලේක් හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතාද සහභාගි විය.

ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපය තුන්වැනි දින (19 දා) සමාරම්භය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා පොල්තෙල් පහන දැල්වූ මොහොත. ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, යන මහත්වරුද ඊට සහභාගි වූහ.
 

වෙසක් පහන් කූඩු තරගයේ දෙවන ස්ථානය ලබාගත් රදාවානේ කමල් ජයසිරි තමාට හිමි ත්‍යාග මුදල හා සහතික පත්‍රය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා අතින් ලබාගත් අයුරු.

වෙසක් පහන් කූඩු නිර්මාණය තුන්වන ස්ථානය ලබාගත් ආඬිඅම්බලමේ යෝගා ඉන්ද්‍රජීව තමාට හිමි ත්‍යාග මුදල හා සහතික පත්‍රය ලේක් හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා අතින් ලබාගත් අයුරු.
ඡායාරූප :–
සුලෝචන ගමගේ
නිශ්ශංක විජේරත්න
ලලිත් ඩී. ගමගේ

අමාදහර වෙසක් සදහම් කලාපයේ වෙසක් පහන් කූඩු විනිශ්චය කළ ‘දෙරණ’ නාලිකාවේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල සෞන්දර්යවේදිනී නිසංසලා කරුණාරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් හි කලාප ප්‍රධානී (කොළඹ දකුණ) නිශාන්ත කරවිට යන මහත්ම මහත්මීහු ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා වෙත ප්‍රතිඵල භාරදුන් අවස්ථාව. බෙදාහැරීම් හා ශාඛා කළමනාකාර සුනිල් සෙන්දනායක, බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්වරුද මෙහි වෙති.

අමාදහර වෙසක් සදහම් කලාපයේදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සේවක සේවීකාවන් බැති ගී ගැයූ අයුරු.

















 

 

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]