UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

49 වන කොටස

217) සීල දස්සන සම්පන්නං - ධම්මට්ඨ සච්චවෙදිනං
අත්තනො කම්ම කුබ්බානං - තං ජනෝ කුරුතෙ පියං

සිල්වත්ව ඇත්ත දත්– දැහැමි බොරු නොපවසන - හොඳ චරිතවත් අයට හැම දෙනා ගරු කරති.
හිතවතුනි, කෙනෙකුගේ අගය පිළිගැනෙන්නේ - වෙනත් කිසිවකින් නොව - චරිතවත් බව තුළිනි.

218) ඡන්දජාතො අනක්ඛාතෙ – මනසා ච ඵුටෝ සියා
කාමේසුච අප්පටිබද්ධචිත්තො – උද්ධං සොතෝති වුච්චති

නිවන කෙරෙහි ම යොමුව - වෙර දරණ පින්වතා – උඩු ගං බලා දිවෙන මහ පිනැති වීරයකි.
හිතවතුනි නැණැත්තෝ නවමු දේ සොයා යති, එවැන්නෝ ලෝකයට නියම මග කියා දෙති.

219 ) චිරප්ප වාසිං පුරිසං - දුරතෝ සොත්ථි මාගතං
ඤාති මිත්තා සුහජ්ජාව -අභිනන්දන්ති ආගතං

පිටරටක සිටි කෙනෙකු මව්බිමට එන විටදි එයාගේ නෑසියෝ සෙනෙහසින් පිළිගනිති. (ඊළඟ ගාථාවට මෙය සම්බන්ධය)

220) තථෙ’ව කත පුඤ්ඤම්පි – අස්මා ලොකා පරං ගතං
පුඤ්ඤානි පතිගණහන්ති –පියං ඤාතිං ච ආගතංති

මෙලොවදී කරන පින පරලොවට යන ඔබට සුව පහසු සැප පුදන නෑසියන් වන්නේය.
‍හිතවතුනි, හොඳ දෙයට – හැම විටම යොමු වන්න
මෙලොව පරලොව දෙකේ දී එයින් සැප ලැබේ.

මතු සම්බන්ධයි

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]