UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවන ගමන් මාර්ගයට කැඩපතක් වන ධම්මපදය

ධම්මපද බෞද්ධයා ගේ ගෞරවණීය අත් පොතය. මෙම ධම්මපදය නම්වූ, අනඟි පුස්තකය, ත්‍රිපිටක සාහිත්‍යයේ ඛුද්ධක නිකායට අයත් කෘතියකි.

බොදුනුවන් අතර බොහෝ ප්‍රකටය. මේ ග්‍රන්ථයේ වග්ග 26 ක් දක්නා ලැබේ. ගාථාවෝ 426 කින් පරිමිතව ඇත.

මෙකී දහම් පොත සමඟ බැඳී ඇති, අනෙක් කෘතිය වන්නේ, පාලි ධම්මපදට්ඨ කතාවයි. මේ කෘතිය ඔස්සේ ජන ජීවිතයට වඩාත්, ධම්මපදය සම්බන්ධ කිරීමට, සමීප කරවීමට අතීත ධර්ම දේශකයාණන් වහන්සේලා සමත් වූහ.

ධම්ම පදයේ ගාථාවන් දේශනා කිරීමට උපස්ථම්භක වූ (හේතු වූ ) කතා වත්ථූ ධම්මපදට්ඨ කතා කරු අපූර්වත්වයෙන් ඉදිරිපත් කර ඇත. මේ නිසා අතීතයේ සිටම ධර්ම දේශකයාණන් වහන්සේලාගේ ධම්ම පදය සද්ධර්ම කෝෂයක් විය.

පසුකාලයේ දී හෙළ සාහිත්‍ය පෝෂණය කළ අනෙක් ග්‍රන්ථය සද්ධර්මරත්නාවලිය විය. ඒ කෘතිය තුළින්ද, ධම්මපදයට එළියක් දීප්තිමත්ව වැටී ඇත.

පසු දවස හෙළ සාහිත්‍යට එක් වූ කෘති, ධම්ම පදයේ සරල අරුත්බර ගාථා සරල බසින්, හෙළ සාහිත්‍යයට එක්කර ඇත. ලෝවැඩසඟරා කතුවරයා, ධම්මපදයේ එන, මෙකී අරුත්බර ගාථා කවියට නංවා තිබීමෙන්, කර්තෘවරු ධම්මපදය සාහිත්‍යය පෝෂණයෙහිලා ද යොදාගෙන ඇත. ධම්මපදය එය තුළින් ජන ජීවිතයට වඩාත්, සමීප කරන්නට සමත් වී ඇත.

වියත් ධර්ම දේශකයාණන් වහන්සේලාගේ ධර්ම භාණ්ඩාරගාරය බවට පත් වූයේ මේ අනඟි ධම්මපද කෘතියයි.

ධම්මපදයේ බස ඉතා සරලයි. පද ලාලිත්‍ය ය. අපූරුය. රචනා ශෛලිය, ඕනෑම කෙනෙකු ඇඳ බැඳ තබා ලීමට සමත්ය. උපමා සරලය. එකී උපමාවල ඇති සරලත්වය නිසා,කොපමණ ගැඹුරු ධර්ම කරුණු වූවා සිතට කාවැදී යයි. සිත්හි ගැඹුරටම එහි අදහස කිඳා බසියි. ඒ මෙහි එනම් ධම්පදයේ ඇති, සුගම ශෛලිය නිසාවෙනි.

බුදුරජාණන් වහන්සේ ඉතා දිගු කලක්, ගම් දනව් සැරිසරා ධර්මය දෙසූ සේක. විවිධ මට්ටමේ පුද්ගලයන්ට දෙසූ එකී දහම් කරුණු, ධම්මපද ග්‍රන්ථයේ ඇතුළත්ය.

මුලින්ම දැක්වෙන්නේ යමක වග්ගයවේ. යමක යන්නේ අරුත යුගලය යන්නයි.

පින් කිරීමෙන් සුගතියට යයි. පව් කම් කිරීමෙන් දුගතිගාමී වේ. පව , පින ආදී ප්‍රතිවිරුද්ධතාව සම්බන්ධ කිරීමෙන් එකිනෙකට එරෙහි පාප, පුණ්‍ය, යහපත , අයහපත ආදි කරුණු එයින් ඉදිරිපත් කරනු ලබයි.

අවසාන වග්ගය නම් බ්‍රාහ්මණ වග්ගයයි. බ්‍රාහ්මණ යනු පව් බැහැර කළ තැනැත්තා වශයෙන්, බුදුරදුන් හඳුන්වයි. එදා බ්‍රාහ්මණ යන වදනට දුන්, වැරැදි අරුත නිවැරැදි කොට, නිවැරැදි අරුත මේ වග්ගයෙන් දක්වා ඇත.

සමාජයේ ගැටුම් ඇත. මිනිස් සිත් තුළ වෛරය, ආදි දුර්ගුණ ඇත. ආසනහයද දක්නා ලැබෙන සමාජයට විශාල අස්වැසිල්ලක් ලබා දීමට ධම්මපදය ප්‍රයෝජනවත්ය.

ධම්මපදයේ එන දහම් කරුණු සිතට ගැනීමෙන් ක්‍රියාත්මක කිරීමෙන් කෙනෙකු සුචරිතවත් භාවයට පත්වේ. එපමණක් නොව, ජීවිතාවබෝධය ඇත්තෙකු බවට පත්වී, නිර්වාණ පාරමර්ථය වෙතද, ධම්මපද නම්, හස්තසාර ග්‍රන්ථය උපකාරී වෙයි.

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]