UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සමථ - විදර්ශනා වැඩෙන රටාව හඳුනා ගනිමු

අප සමථයත් විදර්ශනාවත් කියන භාවනා දෙකම පුරුදු කර ගන්නට ඕනෑ සමථය, විදර්ශනාව කියන භාවනා අර්ථ විදියට වෙනස් වාගේම ඒවයේ සමාධියත් එකිනෙකට වෙනස් කියල අප තේරුම් ගන්න ඕනෑ. ඒවායින් ඇතිවන ප්‍රතිලාභය , එහෙම නැත්නම් ප්‍රයෝජනය එකිනෙකට වෙනස්. නමුත් ආරම්භය්දි ඒ සමාධි වැඩෙන මූලික ස්වභාවය, වැඩෙන රටාව එක වගේ ඒ නිසා අපි ඒ රටාව තේරුම් ගන්නට ඕනෑ. ඒ රටාව තේරුම් ගත්තොත්, අපිට පුළුවන්කමක් තියෙනව, සමාධිය ක්‍රමානුකූ®ලව දියුණු කර ගන්න.

සමථය මඟින් ඇතිවන සමාධිය, විදර්ශනාවෙන් ඇතිවන සමාධියට වඩා වෙනස්, ඒ දෙක එක සමාන නෑ. ඒ නිසා ඒ භාවනා දෙකෙන්ම එකම විදියේ සමාධි ඇති කරගන්නට බෑ. ඒක අප තේරුම් ගන්නට ඕනෑ.දෙයාකාරයකින් තමයි ඒ සමාධි පුරුදු කරගත යුත්තේ. දැන් තේරුම් ගන්න ඒ සමාධිවල වෙනස්කම තිබුණා වුණත්, ඒ සමාධිවල මූලික අවස්ථා දියුණු වෙන්නේ එක රටාවකටයි.

මුලින්ම අප සමථය, විදර්ශනාව කියන භාවනා දෙකම පුරුදු කරන්නට ඕනෑ. මේ භාවනාවන් පුරුදු කරනකොට, ක්‍රමක්‍රමයෙන් අකුසල් අඳුරගෙන, බැහැර කරන්න ඕනෑ ඒ කියන්නේ නීවරණ දුරුකරගන්ට ඕනෑ. ඒ තමයි ආරම්භය. ඒ අකුසල් බැහැර කිරීමත් සමඟම සිතේ නැවුම් බවක්, ප්‍රබෝධයක්, අලුත් බවක් හටගන්නවා. සිත් ප්‍රමුදිත බවට පත්වෙනවා. ප්‍රමුදිතයි කියල කියන්නේ නීවරණවලින් ලැබෙන පීඩා දුරුවූ ස්වභාවයයි. ඊට පස්සේ ඉතාම පහසුවෙන් භාවනාව කරගෙන යන්නට පුළුවන්. නීවරණ රහිත වීමෙන් සිත විවේකයට පත්වෙනවා. ඉතාම විවේකයෙන් ඒ භාවනාව කරගන්නට පුළුවන්. මේ විදියට භාවනා කරගෙන යනකොට පී‍්‍රතිය ඇතිවෙනවා. ඊට පස්සෙ පී‍්‍රතියෙන් යුක්තව භාවනාව කරගෙන යනවා.

ඊට පස්සේ පී‍්‍රතිය නැති වෙලා කය සැහැල්ලුවෙනවා. ඒ සැහැල්ලුව සහිතව තව දුරටත් සුව පහසුවෙන් භාවනාව කරගෙන යන්න පුළුවන්. ඊට පස්සෙ එයාගෙ සිතට සැපය ඇතිවෙනවා. දැන් එයා සැපසේ භාවනාව කරගෙන යනවා.මේ විදියට සැපවත් වූ සිතින් භාවනාව කරගෙන යන කෙනා, සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙනවා. පිහිටනවා, එතන තමයි බලවත් සමාධිය ඇතිවෙන්නේ.

සමථය හෝ වේවා, විදර්ශනාව හෝ වේවා ඒ කුමන භාවනාවකින් හෝ සමාධිය ඇතිවෙන පිළිවෙළ එයයි. අන්න ඒ රටාව අනුපිළිවෙළට මතක තියාගන්න. මතක තියාගෙන ඒව හොයන්නට යන්න එපා. භාවනාව කරගෙන යනකොට ඒව තේරෙයි.

තේරෙනකොට හදුනගන්න. ඒව හොය හොය භාවනා කළොත් එයාට භාවනාව දියුණු කරගන්න බෑ. ඒක ඈත බලාගෙන පයින් යන්න වගේ පාරෙ ඈත බලාගෙන පයින් යන කෙනෙකුට මොකද වෙන්නෙ? එයා අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා අපි කකුල් දෙක දිහා බලාගෙන ගියොත් මොකද වෙන්නේ? ඒ්ත් බෑ. එයාටත් අනතුරු වෙනවා. එයා සුදුසු දුර බලාගෙන යන්න ඕනෑ. එයා ඉන්න වටපිටාව තමයි දැකගෙන යා යුත්තේ. හැබැයි එයාට අවශ්‍යනම්, ඈත බලන්නත් පුළුවන්කම තියෙන්ට ඕනෑ. ඒ කියන්නෙ හැම වෙලාවකම ඈත බලාගෙන යනව කියන එක නෙවෙයි.

ඈත බලන විදිය තමයි කලින් සඳහන් කළේ. භාවනාව වැඩෙන්නෙ මෙහෙමයි කියල ඒ වැඩෙන රටාව හඳුන ගන්නවා. හැබැයි ඒක දිහා බල බලා යන්නේ නෑ. බල බලා යන්නෙ තමන් කරන තැන තමන් ඉන්නෙ කොතනද ? අන්න එතන පුරුදු කරගෙන යන්න. එතකොට අදාළ තැන පහු කරනකොට තේරෙයි, මා ඉන්නෙ දැන් මෙතන කියල.

තමා ප්‍රමුදිතව ඉන්න කොට තේරෙයි මා දැන් ප්‍රමුදිතව ඉන්නේ කියලා.නැත්නම් පටන් ගත්ත ගමන් පී‍්‍රතිය කෝ? සැපය කෝ? කිය කිය හෙව්වොත් මොකද වෙන්නෙ? එයාට කවදාවත් භාවනා අරමුණ හිතාගන්ට බෑ. එයා සිහින මාලිගාවක් මව මවා ඉදියි.

ඒ නිසා මේ මග හඳුනගෙන, මාර්ගයේ ඈත බලමින් ඉන්න එපා. ඉන්න තැන අඳුන ගන්න, මම දැන් මෙතන ඉන්නේ කියලා.අප මඟ සලකුණු විතරයි ඉස්සෙල්ල අඳුරගන්නේ. මඟ සලකුණු අඳුරගන්නවා. දැන ගන්නවා. ඊට පස්සෙ මාර්ගයේ යනකොට ඒ සලකුණු පෙනෙයි. ප්‍රමුදිතභාවය කියන්නෙ මේකයි, පී‍්‍රතිය කියන්නෙ මේකයි. පස්සද්ධිය කියන්නෙ මේකයි, සැපය කියන්නෙ මේකයි කියල තමාටම තේරෙයි. ඒව මුලින් ඉගෙන ගත්තට, ඒවා හොය හොයා ඉන්න එපා. අපට තියෙන්නෙ අර අකුසල් ටික බැහැර කරමින්, ඒ භාවනා අරමුණ හොඳින් පවත්වාගෙන යාම පමණයි. එතකොට අපේ සිත ටිකෙන් ටික වැඩෙන්නට වැඩෙන්ට එහෙම නැත්නම් ඒ භාවනා අරමුණේ පිහිටන්න පිහිටන්න ඒ අදාළ දේවල් මුණගැහෙයි. ඒව පහුකරගෙන සිත වැඩෙයි.

ඒ නිසා සිත වැඩෙන රටාව ඉගෙන ගන්න, තේරුම් ගන්න. ඒ රවාට හොය හොයා ඉන්න එපා. නැත්නම් අපට භාවනාව පුරුදු කරන්න ගියා ම යම් යම් ගැටලු ඇතිවෙනවා. ඒ කරුණු මතක තියාගෙන, කලබල නොවී ටික ටික පුරුදු කර ගන්න. එතකොට යම් දවසක අපට හොඳින් සමාධිය දියුණු කරගෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්ට අවස්ථාවක් ඉපදෙයි. සියලු දෙනාටම

තෙරුවන් සරණයි.

 

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]