UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

වාර්ෂික පින්කම් මාලාවක්

පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ හිත්තැටියේ උදිත නාහිමියන්ගේ 18 වන වාර්ෂික ගුණ සැමරීම, මාතර ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ දිවියාගහ පුඤ්ඤරතන මාහිමියන්ගේ 09 වන වාර්ෂික ගුණ සැමරීම විහාරස්ථ දායක දායිකාවන්ට ආශිර්වාද කිරීම සමඟ මිය ගිය සියලුදෙනාට පින් අනුමෝදන් කරවීමේ වාර්ෂික පින්කම් මාලාව මැයි මස 7 වන දා සිට 17 වන දා දක්වා පැවැත්වේ.

මැයි මස 07 වන දින රාත්‍රී 09.00 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, 08 වන දින උදෑසන, සඟසතු දානය ද, 08 වන දින රාත්‍රී 07.00 ට නව අරහාදී බුදුගුණ පූජාව මෙහෙවීම මීතලාවේ විනීත හිමියන් විසින් ද 09 වන දින රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව කුකුල්පනේ සුදස්සී හිමියන් විසින් ද 10 වන දින රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව දොඩංගොඩ අස්සජි නාහිමියන් විසින් ද 11 වන දින රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව පදලංගල ධම්මදේව හිමියන් විසින් ද මැයි මස 12 වන දින රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව දිවියාගහ යසස්සී නාහිමියන් විසින් ද 13 වන දින රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව මාඹුල්ගොඩ සුමනරතන හිමියන් විසින් ද මැයි මස 14 වන දින දවල් සඟ සතු මහා දානමය පින්කමද එදිනම රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව දියසෙන්පුර විමල හිමියන් විසින් ද, 15 වන දින රාත්‍රී 06.30 ට අටවිසි සම්බුද්ධ පූජාව මෙහෙයවීම ඇල්ලේ ශාන්තරතන හිමියන් විසින්ද එදිනම රාත්‍රී 08.00 ට ධර්ම දේශනාව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් ද, මැයි මස 16 වන දින රාත්‍රී 06.30ට සත්බුදු පූජාව පාමංකඩ ඉන්ද්‍රජෝති හිමියන් විසින් ද එදිනම රාත්‍රී 07.30 ට කාව්‍ය ධර්ම දේශනාව බතලයායේ විමලරතන හිමියන් විසින් ද මැයි මස 17 වන වෙසක් පෝය දින උදෑසන සිට දවස පුරා ශීල භාවනා ධර්ම දේශනා වැඩසටහන ද එදින රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව ආටිගල අමිතදේව හිමියන් විසින් ද පවත්වනු ලැබේ.

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]