UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

තුරු සෙවණ කලාගාරය

ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ විහාරාරාම හා ඓතිහාසික ස්ථානයන්හි බිතුසිතුවම් ප්‍රතිනිර්මාණය කොට කලාගාරයක් වශයෙන් තුරු සෙවණ කලාගාරය පවත්වාගෙන යන බව එහි සංවිධායකයෝ කියති.

නිර්මල බෞද්ධ ධර්මයේ ආභාෂය ලැබූ අපගේ පාරම්පරික චිත්‍ර කලාව ආරක්‍ෂා කර ගැනීම් වස් දිවයිනේ නන්දෙස විරාජමාන වන්නා වූ සිතුවම් ප්‍රතිනිර්මාණය කොට එකම ස්ථානයකදී දැක බලා ගන්නට සැලැස්වීම හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හා උන්නතියට කැපවීම තුළින් අප සතු ශ්‍රේෂ්ඨ සංස්කෘතිය රැකගනිමින් හෙළ දිව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ උතුම් කර්ත්‍යවයට දායකවීම එම තුරු සෙවණ කලාගාරයේ අරමුණු අතර වේ. අනභිභවනීය කලා නිර්මාණ ආරක්‍ෂා කොට අනුශාසනා කරණ අති ගෞරවණීය මහා සංඝරත්නයටත් කලා නිර්මාණ කරවූ පැරණි රජ දරුවන් හට හා එම ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිකළ ඉපැරණි සිත්තර ගුරුන්නාසේලා හා චිත්‍ර ශිල්පීන් හට කළගුණ සැළකීමක් වශයෙන් එම ඉපැරණි නිර්මාණ මතු පරපුරට දැක බලා ගැනීමට ප්‍රතිනිර්මාණය කැරෙන බවද කියයි. ඉපැරණි සිද්ධස්ථාන රැක ගැනීම හා පවත්වාගෙන යෑම ඒවා කරවන ලද ඉපැරණි රජ දරුවන්ගේ සමයේ බල පැවැත්වූ සම්ප්‍රදායයන් හා ක්‍රමවේදය අනුව සිදුවිය යුතු බවට බලධාරීන්ට පෙන්වාදීම තවත් අරමුණක් ද වේ. තුරු සෙවණ කලාගාරයේ පැවිදි අනුශාසක මණ්ඩලය මෙසේ ය. ප්‍රධාන අනුශාසක, බෙංගමුවේ නාලක හිමි, ජනාධිපති උපදේශක, දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණේ ලේකම් කැලණියේ පඤ්ඤානන්ද ධර්මායතනයේ විහාරාධිපති, අත්තුඩාවේ පියරතන නාහිමි, රත්මලාන විමලාරාමාධිපති, කිරින්දේ රතනපාල හිමි, පරගස්තොට ශ්‍රී සුදර්ශනාරාමාධිපති, මඩපාත ධම්මසාර හිමි, රත්මලාන පරමධම්ම චේතිය පරිවෙණාධිපති.


අත්තනගල්ල රජ මහා විහාරයේ ප්‍රති නිර්මාණය කර ඇති සිතුවමකි.

විධායක සභාව

සම ප්‍රධාන සංවිධායක – මහින්ද පෙරේරා, ගාමිණී පෙරේරා, ජ්‍යෙෂ්ඨ උපදේශක – වින්සන්ට් කල්දේරා, බර්නාඩ් කාරියවසම්, නිර්මාතෘ ප්‍රධාන චිත්‍ර ශිල්පි - සජින්ද්‍ර පෙරේරා, සම්බන්ධිකරණ ලේකම් – ඉන්දුණී පෙරේරා, පරිගණක උපදේශක ඡායාරූප ශිල්පි - ගයාන් පෙරේරා, බුද්ධ ධර්ම උපදේශක – දිනේෂ් කොටුවේ ගෙදර, ප්‍රදර්ශන සංවිධායක – නිශාන්ත වීරසේකර, අජිත් ගාමිණි (නැසීගිය) කළමනාකාරිණි – එරන්දි පෙරේරා, සහාය චිත්‍ර ශිල්පි - පසන් පෙරේරා, ප්‍රදර්ශන සංවිධායක – ඉදුමිණ අබේසේකර

ප්‍රදර්ශන කාර්ය මණ්ඩලය

ජ්‍යෙෂ්ඨ ප්‍රදර්ශන සහායක – ගුණසේන ද සිල්වා, ඡ්‍යොෂ්ඨ ප්‍රදර්ශන සහායක - කේ. නන්දසිරි, ප්‍රදර්ශන සහායක කැටයම් ශිල්පි - උපාලි හේමන්ත, ප්‍රදර්ශන සහායක – තුසිත රෞද්‍රිගු

මාස්පතා විහාරස්ථාන කරා සංචාරය, විස්තර ලිපිගොනු සකස් කිරීම 2007 – 2011 දක්වා විහාරස්ථාන ප්‍රමාණය – 196 එක් විහාරස්ථානයකින් ඉපැරණි සිතුවම් එකක් හෝ දෙකක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම කැන්වස් කළ මත ප්‍රධාන චිත්‍ර ශිල්පියා සිතුවමට නඟයි. දැනට කලාගාරයේ පවතින සිතුවම් ප්‍රමාණය 250 ක් වේ.

සවිස්තර වෙබ් අඩවිය පවත්වාගෙන යෑම. (ඇතුළත් කරුණු) www. thuruservana.lk  ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය, ඉපැරණි බිතුසිතුවම් හා ප්‍රතිනිර්මාණිත සිතුවම්, සංසන්දනය, විනාශ වුණ විහාරස්ථාන සම්බන්ධ විස්තර, ප්‍රදර්ශන සම්බන්ධ විස්තර, කලාගාරය සම්බන්ධ විස්තර

ප්‍රදර්ශන පැවැත්වීම. අවුරුදු පතා දැයට කිරුළ ප්‍රදර්ශනයේ හා පිරිවෙන්හිදී, ආරාධනා ලබන විශේෂිත ස්ථානයන්හිදි, ගමේ විහාරස්ථානය පිළිසකර කිරීම (ආදර්ශයක් වශයෙන්) සම්පූර්ණ ව්‍යාපෘතිය, පූර්ණ වශයෙන්ම වාණිජ පරමාර්ථයෙන් තොර වන බව තුරු සෙවණ කලාගාරය කියයි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]