UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු ගුවන් විදුලි සේවයෙන් දහම් පාසල් දැනුම මිනුම තරගයක්

රුහුණු සේවා ආවරණ කලාපයේ පිහිටි දහම් පාසල්වල දරු දැරියන්ට සහ රුහුණු සේවා ශ්‍රාවකයන්ගේ දහම් දැනුම වර්ධනය සඳහා බොදු දහම් දැනුම තරගයක් ආරම්භ කිරීමට රුහුණු සේවය පියවර ගෙන තිබේ.

දෙනියායෙන් ගුවන් තරංග මෙගා හර්ට්ස් 92.8 යටතේ සහ හපුතලෙන් මෙගාහර්ට්ස් 105.4 යටතේ මෙම වැඩසටහන ශ්‍රවණය කළ හැකිය.

මේ යටතේ ගාල්ල, මාතර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සිසු දරු දැරියන් තෝරා ගෙන මෙම තරඟය පවත්වනු ලැබේ.දෙසතියකට වරක් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන මෙම වැඩසටහන ප්‍රදේශයේ වියත් යතිවරයාණන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් පැවැත්වීමටද කටයුතු සලසා ඇත. දහම් පාසල්වල 8 , 9, 10 යන ශ්‍රේණිවල විෂය නිර්දේශයන්ට අනුකූ®ලව ප්‍රශ්න සැකසේ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස රුහුණු සේවය සලසන ප්‍රජා සත්කාර වැඩසටහනක් වන මෙය ඉරිදා දින පස්වරු 6.30 ට ප්‍රචාරය වෙයි.

මෙම වැඩසටහනට අදාළ විස්තර අධ්‍යක්‍ෂ , රුහුණු සේවය, මාතර යන ලිපිනයට හෝ 041 – 2223736 නමැති දුරකතන අංකයට යොමු කරන්න.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]