UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම සමරු පින්කමෙන්...
 


ලේක්හවුස් නිර්මාතෘ පරලොව සැපත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දිනය සමරා ඉකුත් 26 සහ 27 දිනවල දී පින්කම් මාලාවක් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී පැවැත්විණි.එහිදී පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන වෙත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා පිරිත් දේශනාවට ආරාධනා කළ අවස්ථාව.


දානමය පින්කමට වැඩම කළ සඟරුවනින් කොටසක්.

 ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පුත් රංජිත් විජයවර්ධන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, මහා භාරකාර සරත් සෙනෙවිරත්න, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, නීති අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර යන මහත්වරු පැන් වඩා ඩී. ආර්. විජයවර්ධන මහතාට පින් අනුමෝදන් කළ අවස්ථාව.

27 වන දා දහවල් සංඝගත දක්‍ෂිණාව පැවැත් වූ අතර එහිදී මහා සංඝරත්නය උදෙසා පිරිකර පූජා කළ අයුරු. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ ද මෙහි වෙති.

ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ඡායාරූපය වෙත ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ මහතා මල් දමක් පැළැඳ වූ අවස්ථාව. ඡායාරූප - සමන්ත වීරසිරි සාලිය රූපසිංහ සුසන්ත විජේගුණවර්ධන.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, කර්තෘ මණඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, සාමාන්‍යාධිකාරී අභය අමරදාස ‘බුදුසරණ’ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා යන මහත්වරු සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධණ මහත්මිය ද පිරිත් දෙසුම ශ්‍රවණය කළ අයුරු.එම පින්කමට ලේක්හවුස් සේවක සේවිකාවෝ විශාල පිරිසක් ද සහභාගි වූහ.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]