UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

නම – මහාචාර්ය වරාගොඩ පේමරතන නා හිමි

ගිහිකල නම – වරාගොඩ ගලකුඹුරේ ගෙදර ප්‍රේමරත්න.

වැඩ වසන පන්සල - ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාර වේරගල, දෙහිමඩුව, මාවනැල්ල

උපත – 1937 ඔක්තෝම්බර් 29

පියා - වරාගොඩ ගල්කුඹුරේ ගෙදර ආරච්චිහාමි.

මව - අත්තන වත්තේ ගෙදර මැණික් හාමි.

සහෝදර සහෝදරියන් - සහෝදරයන් තුන් දෙනයි. සහෝදරියන් තුන් දෙනයි.

මූලික අධ්‍යාපනය – කෑගල්ල මොලගොඩ ජයපාල මහා විද්‍යාලය.

පැවිදි බිම – 1953 පෙබරවාරි 25

උසස් අධ්‍යාපනය - 1953 – 1956 – එල්ලක්කල සිරි සුමංගල විද්‍යාලය (පිරිවෙන)

1956 සිට – මාතලේ කයිකාවල ශ්‍රී සුදර්ශන විද්‍යාලය (පිරිවෙන) ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන පණ්ඩිත උපාධිය දක්වා (1963)
1961 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම.
1965 ගෞරව ශාස්ත්‍රවේදි උපාධිය (දෙවන පන්ති සාමාර්ථය සහිතව)
1973 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන විශාරද උපාධිය.
1976 ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ දර්ශන විශාරද උපාධිය.
උපාධ්‍යයන් වහන්සේ - නිට්ටඹුව විද්‍යානන්ද පරිවේණාධිපති දීපේගොඩ ශ්‍රී චන්දවිමල මහ නා හිමි

ආචාර්යන් වහන්සේ-
එල්ලක්කල වරලියැද්දේ ශ්‍රී සුමංගල විද්‍යාලයාධිපති මහෝපාධ්‍යය ගොඩගම ශ්‍රී පඤ්ඤානන්ද මා හිමි.
මංගලගම බෝධිමාලාකාරාමාධිපති උඩුනුවර පියතිස්ස හිමි.
වේරගල සිරි වර්ධනාරාමාධිපති හත්දුන් කඩුවේ පඤ්ඤාජෝති නා හිමි.

උපසම්පදා දිනය – 1960 අගෝස්තු 23

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් - ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති (2005)

පලකළ කෘති - සංස්කෘත නාමාචාර්ත විවරණය. භාරතීය ශාස්ත්‍රීය දායාද සංස්කෘත පස්වන වසර (පිරිවෙන් පොත)

සම්මාන ආදිය – රාමඤ්ඤ නිකායේ ප්‍රවචන කීර්ති ශ්‍රී සාහිත්‍ය ශුරී සම්මානය.

විදේශ ධර්ම දූත සේවය – ඉන්දියාව පුරා වසර 12 ක්. ඉන්දියාවේ දිල්ලිය තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීම, සිංගප්පුරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, නේපාලය, හොංකොං, කැනඩාව, ඇමරිකාව, ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, චෙකෝස්ලෝවේකියාව, ජර්මනිය, ස්වීඩනය, වියට්නාමය.

තනතුරු ආදිය -

ඉන්දීය ගුවන්විදුලි සේවයේ විදේශ සේවා අංශයේ භාෂා පරිවර්තක,
1969 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීම.
1984 පාලි විශ්වවිද්‍යාලයේ බලගල්ල ආයතනයේ ධර්ම අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කිරීම.
1988 යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ භාෂා අංශයේ ප්‍රධානියා ලෙස ඉංගී‍්‍රසි, හින්දි සංස්කෘත පිළිබඳ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම.
1993 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පත්වීම.
1997 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පළමුවන උපකුලපති ලෙස වසර 03 ක් සේවය කිරීම.
2000 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් පත්වීම.
2006 ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී ධූරය ලැබීම.

දහම් පාසල් - එල්ලක්කල සිරිසුමංගල, විද්‍යාලයේ දහම් පාසල, මංගලගම සිරි මහින්ද දහම් පාසල, වේරගල ශ්‍රී සුජාතා දහම් පාසල.

වෙනත් – 1965 එල්ලක්කල සිරි සුමංගල පිරිවෙන ආරම්භ කිරීම,
1968 මංගලගම සිරි විද්‍යා මංගල පිරිවෙන ආරම්භ කිරීම.

මාවනැල්ල සාරානාත් සමුළුවේ සංවිධායක, මාවනැල්ල එක්සත් බෞද්ධ සංගමයේ පැවිදි අනුශාසක මාවනැල්ල සාම ෆි‍්‍ර භික්‍ෂු සංගමයේ සභාපති, කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, මාවනැල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, සමස්ත ලංකා සාසනාරක්‍ෂක බලමණ්ඩලයේ උප සභාපති, බුද්ධ ශාසන අරමුදලේ සාමණේර ආයතන පිළිබඳ කොමිටියේ සාමාජික, ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභාවේ කාරක සභික, සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කොමිටියේ සාමාජික.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]