UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ කඨින චීවර පූජාව දා


කඨින චීවරය වැඩම කරවමින්...

වසරකට එක්වරක් පමණක් බෞද්ධ පින්වතුනට කුසල් රැස් කරගත හැකි මහා පින්කමක් වූ කඨින චීවර පූජාව රෝමයේ ධර්‍මාශෝක විහාරස්ථානයේ දී උත්කර්ෂවත් ලෙස සිදු කැරිණි. ඉතා අලංකාරව සරසන ලද දර්ශනීය පිරිත් මණ්ඩපයක් තුළ මහා සංඝරත්නය දොළොස් නමක් වඩම්වා පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ. කඨින චීවරය බොදුනුවන්ගේ බුදු ගුණ ගායනා සහ සාදු නාදය මධ්‍යයේ විහාරස්ථාන භූමියේදීම පඬු පොවා සකස් කරන ලදී. කඨින චීවර පූජා පෙරහර විහාර භූමියට නුදුරින් ඇති මහා මාර්ගයේ සිට බෞද්ධ කොඩි සේසත් මල් පෙරහරකින් විහාරස්ථානය කරා රැගෙන එන ලදී. අනතුරුව තුන් මාසයක වස්සාන කාලය පුරා වස් ආරාධනාවෙන් වැඩ විසූ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධර්මාරාම හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන සඟරුවන වෙත කඨින සිවුරු පුජාව සිදු කරන ලදී. ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බ්‍රෙෂියා බෞද්ධ විහාරය, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය, ෆිරෙන්සි සමාධි විහාරය, රියේනි ශාන්ත චිත්තාරාමය රෝම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථාන වෙතින් වැඩමවන ලද සහ භික්ෂුණීන් වහන්සේ නමක් සහ ශ්‍රී ලංකාවෙන් වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළුව දාහතර නමක් කඨින පුණ්‍යෝත්සවය සඳහා වැඩම කරන ලදී. මහා සංඝරත්නය වෙත සඟ සතු දානය ද පූජා කළහ. බෞද්ධ කටයුතුවලට දායකත්වය දෙන කිවිවර ලක්සිරි කමල් තිස්ස මහතා කළ මල් බඳුන් වෙන්දේසිය බැතිමතුන්ගේ වෙහෙස නිවාලන අවස්ථාවක් විය. මහා බත් දන්සලට ද විශාල පිරිසක් සහභාගි වූහ.

රෝමයේ ජීවත්වූ මොරටුවේ ලයනල් මහත්මාට (මියගිය) පින් පිණිස එම මහතාගේ භාර්යාව සහ දරුවන් විසින් රෝමයේ ධර්මාශෝක විහාරයට පූජා කළ සංඝමිත්තා පිළිරුව විවෘත කළ අතර සඟමිත් පිළිරුව තැන්පත් කළ කුටිය බච්චානෝ පදිංචි ලෙස්ලි මහතා ඇතුළු දූ දරුවන් විසින් දෙමාපියනට පින් පිණිස සාදවා දෙන ලදී. තවත් පින්වත් පිරිසක් විසින් විහාරස්ථානයේ පුස්තකාලයට පාලි අටුවා පොත් පූජාවක් ද සිදු කළහ. සංඝමිත්තා පිළිරුවෙන් රෝමයේ ධර්‍මාශෝක විහාරයට නව ආලෝකයක් ලැබුණි. අසූ මහා ශ්‍රාවක පූජාවෙන් කඨින පූජෝත්සවය නිමාවූ අතර එය ඉතා අලංකාරව සිවුවන වරටත් බෞද්ධ පින්වතුනගේ දැඩි කැපවීමෙන් සිදු කැරිණි.

රෝමයේ බෞද්ධ පින්වතුනට වැඳ පුදාගැනීම සඳහා රෝම විහාරයට සර්වඥධාතුන් වහන්සේ නමක් ලබා දුන් මිරිස්සේ සුදර්ශනාරාමයේ මා මඩලේ අනෝමසාර ස්වාමීන් වහන්සේට රෝමයේ බෞද්ධ ජනතාවගේ ගෞරවය මෙන්ම පින් දීමෙන් දීර්ඝායුෂ ලැබේවා ! කඨින මහෝත්සවය සඳහා වෙහෙසී කටයුතු කළ සියලු පින්වතුනට ද සිවුරු පඬු ගැන්වීම සඳහා දායකත්වය ලබා දුන් බොලොංඤ නගරයේ සිට පැමිණි පින්වත් පිරිසට ද දායක සභාවට ද කුලඟන සමිතියට ද සිදුහත් දහම් පාසල් දරු දැරියනට ද තරුණ බෞද්ධ සංගමයේ තරුණ පිරිසට ද දායකත්වය දුන් සහභාගි වූ සියලුම පින්වතුනට ද තවත් මෙවැනි පින්කම් සිදු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා අධික ශීතල දරාගෙන කඨින චීවර පූජාව සර්වප්‍රකාර සිදුකර ගැනීමට සහභාගි වුනු මහා සඟරුවනට ද අපගේ ගෞරවය පුද කරන අතර සියලු දෙනාටම තෙරුවන් සරණයි.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]