UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඩල්ල වාළුකාරාම පුරාණ විහාරස්ථානයේ ශි‍්‍ර මේධානන්ද දහම් පාසල

ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගිංතොට දඩල්ල නම් වූ මනහර ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වාළුකාරාම පුරාණ මහා විහාරස්ථානයේ ශ්‍රී මේධානන්ද දහම් පාසල ප්‍රදේශයේ බොදු දරු දැරියන්ගේ ආගමික දැනුම සදාචාර සංවර්ධනය උදාකර දෙන දහම් ආයතනයකි.

1940 වසරේ මෙම දහම් පාසල ආරම්භ කරන ලදී. එහි නිර්මාතෘ අපවත් වී වදාල රත්ගම සුමනන්ද අනුනායක මාහිමිපාණන් ය. ඉතාම සීමිත සිසු පිරිසකගෙන් ආරම්භ කරන ලද මෙම දහම්පාසල මුල් වසර තුළ ප්‍රගතියක් පෙන්නුම් කරයි.

එදා පටන් අද දක්වා දිනෙන් දිනම සිසු දරු දැරියන්ගේ සදාචාර සංවර්ධනය සහ ආගමික දැනුම් සම්භාරය තුළින් ප්‍රදේශවාසීන්ගේ ජනප්‍රසාදය දිනාගෙන ඇත.

දැනට 200කට ආසන්න සිසු පිරිසක් මෙහි අධ්‍යාපනය ලබන අතර පළමු වසරේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. විවිධ හැකියාවන්ගෙන් දක්ෂතා දක්වන දුවා දරුවන් මෙහි අධ්‍යාපනය ලබන අතර ගාල්ල කඩවත් සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරග වලින් සහ දිස්ත්‍රික් දහම් පාසල් තරග කොළඹ තරුණ බෞද්ධ සංගමය පවත්වන තරගවලින් සිසු දැරියන් ජයග්‍රහණ ලබාගෙන ඇත.

සිසු දරු දැරියන්ගේ කුසලතා සහ දහම් දැනුම ලබාදීමට දහම් පාසලේ බුදුසරණ පාඨක සමාජය මඟින් ‘දහම් හඬ’ කලාපය මාසිකව එළිදක්වයි.

මේ මගින් ඔවුන්ගේ ගද්‍ය, පද්‍ය රචනා කෙටිකතා වැනි සාහිත්‍ය අංශ දියුණුකර ඔවුන් ලේඛන කලාවට යොමු කිරීමට කටයුතු කරයි.

දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව වර්ධනය කර ගැනීමට මේ මඟින් හැකිවනු නොඅනුමානය.

මෙම දහම් පාසලේ ප්‍රගතිය වර්ධනයට හේතුව වී ඇත්තේ අපවත් වී වදාළ සුමනන්ද අනු නාහිමිපාණන් වහන්සේගේත්, දැනට අනුශාසක ධූරය හොබවන කඹුරුපිටිය මාස්මුල්ල අරණ්‍ය සේනාධිපති මාපලානේ ඤාණධජ නාහිමිගේ සහ ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර ධර්මදූත මහ පිරිවෙන පරිවේනාධිපති රත්ගම සුනීත හිමියන්ගේ අපරිමිත කැපවීම සහ දුරදක්නා නුවණින් ආරම්භ කර ඇති පරිපාලනය මෙයට හේතුවකි.

මෙහි ආචාර්ය මණ්ඩලය ගිහි පැවිදි උභය පක්‍ෂය නියෝජනය කරති. ඔවුන්ගේ් කැපවීම මිල කළ නොහැකිය. කාලය, ශ්‍රමය ධනය ගැන නොතකා දහම් පාසලේ කටයුතුවලට නිරතුරුව ඇපකැප වෙති.

මෙහි ප්‍රධානාචාර්ය ධූරය සුනීත හිමියන් විසින් දරනු ලැබේ.

දඩල්ල ශ්‍රී මේධානන්ද දහම් පාසලේ සේවය කරන ආචාර්ය මණ්ඩලය මතු පරපුර සඳහා අවශ්‍ය ගුණ නුවණින් පිරි අනාගත යහපත් දැහැමි පුරවැසියන් පිරිසක් දැයට ලබාදීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි පතමු.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]