UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල විහාරය වර්ණවත් කළ සෝමබන්දු සිත්තරා

බෙල්ලන්විල විහාරය 1948 යුරෝපීය බලපෑම් තිබූ වකවානුවක ගොඩනගා ඇත. බටහිර චිත්‍ර කලා ශෛලීන් සහිත චිත්‍ර හා මූර්ති මෙකල බෙල්ලන්විල විහාරයේ තිබිණි. වැලිගම ජේ ලිවේරා කලාකරුවා මෙහි මුලින්ම චිත්‍ර හා මූර්ති නිර්මාණය කර ඇත. හුණු බදාම සහිත බිත්ති තිබු නිසා මෙහි බිතුසිතුවම් විනාශ මුඛයට ගිය බැවින් බෙල්ලන්විල විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමක් මත නව බිතුසිතුවම් ඇඳීමට සෝමබන්දු විද්‍යාපති සිත්තරා තෝරාගන්නා ලදී.

සෝමබන්දු විද්‍යාපති සිත්තරා 1923 මාර්තු 22 පන්නිපිටිය ගම්මානයේ උපත ලබා ඇත. මෙම සිත්තරා කොර්නේලිස් සිත්තර ගුරුන්නාසේ යටතේ චිත්‍ර කලාව හදාරා ඇත. පසුව මූලික අධ්‍යාපනය කොට්ටාව ආනන්ද විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා පරාක්‍රම විද්‍යාලයට හා පන්නිපිටියේ ධර්මපාල විදුහලට ඇතුළත් විය. එහිදී ඔහුගේ චිත්‍ර කලා ගුරුවරයන් වූයේ වික්ටර් සල්ගාදු , එල්. කේ. කරුණාරත්න හා එස්.පී. සකලසූරිය යන ගුරුවරුන්ය.

පසුව කාර්මික විදුහලෙත් චිත්‍ර කලාව හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා 1945 වර්ෂයේදී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුළත් විය. නැවතත් ශ්‍රී‍්‍ර ලංකා රජයෙන් පිරිනැමුණු ශිෂයත්වයක් මත ඉන්දියාවේ ට්‍රැචන්කෝර් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව දකුණු ඉන්දියානු මූර්ති හා චිත්‍ර කලාව ගැන අධ්‍යයනයක් කළේය. මොහුගේ චිත්‍රකලා ශෛලිය ගොඩනඟා ගැනීමට නන්දලාල් බෝස් හා රාම් කිත්කරිඛාන් යන සිත්තරුන්ගේ ආභාෂය ලබා ගත්තේ ය.

කෙසේ වෙතත් මොහුගේ් සුනගිතම නිර්මාණය වී ඇත්තේ බෙල්ලන්විල විහාරයේ බිතුසිතුවම් සමූහය යි. බෙල්ලන්විල විහාරය සෝමබන්දු කලාගාරය ලෙස හැඳින්නුවත් එහි වරදක් නැතිවගයි මගේ හැඟීම.

සිදුහත් කුමාරෝත්පත්තියේ සිට පරිනිර්වාණය දක්වා සිදුවීම් මෙම චිත්‍ර සමූහයට වස්තුවිෂය වී ඇත. බොහෝ විහාරවල චිත්‍රාවලී ක්‍රමයට බිතුසිතුවම් ඇඳ තිබුණත් බෙල්ලන්විල විහාරයේ බිතුසිතුවම් එයින් මිදී නව්‍ය ගමන් මගක ගමන් කරනු ඇත. මෙම විහාරයේ බිත්ති පුරාම එකිනෙකට ළංවූ බිතුසිතුවම් සමූහයක් දක්නට ඇත.

ස්වාභාවික පෙනුම පෙන්වීමටත්, චිත්‍රවල ඇති සුමට හා කාව්‍යමය බව පෙන්වීමටත්, වර්ණ පදාස වෙනුවට වර්ණ තවරමින් එකිනෙකට තබමින් තෙලිපහර පෙනෙන සේ වර්ණ ගන්වමින් මෙම චිත්‍ර සමුහය ගොඩනැංවූ නිසාම මෙය ඉතා විචිත්‍ර චිත්‍ර මාලාවක් වී ඇත. රූප වල හැඩය චාම්ය. සරල හැඩවල රිද්මයක් මෙම බිතුසිතුවම් සමූහයේම ගොඩනගා ඇඳීමට මෙම සිත්තරා මහත් වෙහෙසක් ගෙන ඇත. මුහුණු වලින් දක්වන ඉඟි මනාව රූපයෙහි ගොඩනැගී ඇති අතර, ඒවාට යොදාගෙන ඇති මුද්‍රාවන්ද ඉතා උසස් ය. මානව රූපවල දක්නට ලැබෙන ඇඳුම් ආයිත්තම් හා අලංකාර ආභරණ හා සැරසිලි ඉතා චමත්කාරජනක අයුරින් බෙල්ලන්විල විහාර බිතුසිතුවම් සමුහයට ගැබ් කිරීමට සෝමබන්දු විද්‍යාපති සිත්තරා මහත් පරිශ්‍රමයක් දරා ඇත. අප එය අගය කළ යුතුය.

මෙම බිතුසිතුවම් ඇඳීම සඳහා වර්ණ වශයෙන් වැඩිපුරම භාවිතා කර ඇත්තේ කහ, රඹ, රතු, අදුරුකහ, දුඹුරු, කොළ, හා සුදු, නිල් යන වර්ණ මාලාවන්ය.

සම්ප්‍රදායික ලක්ෂණ මෙම සිතුවම්වල දක්නට නොමැති අතර නැවුම් සුවඳක් වහනය වන සෝමබන්දු විද්‍යාපති සිත්තරාගේ බෙල්ලනවිල විහාරයේ බිතු සිතුවම් සමූහය මතු දැක්ම සඳහා අප මහත් වගකීමකින් ආරක්ෂා කරගත යුතුය.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]