UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 43 වන කොටස

බණ්ඩාර මඩුගල්ලේ

192. ඒතං ඛො සරණං ඛෙමං - ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති

තිසරණය සරණයකි – උතුම් රැකවරණයකි
පසුව එහි සහායෙන් - සියලු දුක් නිමාවෙයි
හිතවතුනි, තිසරණය - සියුම් බල වේගයකි. සෑම කෙනෙකුටම එයින් නොමඳ පිහිටක් ලැබේ.

193. දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී
යත්ථ සො ජායතී ධීරො තං කුලං සුඛමෙධති

ලොව උතුම් තැනැත්තන් – බිහිවීම සුලභ නැත. බිහි වුණොත් ඒ උපත පරපුරම සුවපත් ය.
හිතවතුනි, ඔබ නිතර සුසංවර කෙනෙකු නම් ඔබ නිසා පරපුරට එළියක් ලැබෙන්නේ ය.

194. සුඛො බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛො

බුදු රුවන ආදිකොට – තුනුරුවන් බිහිවීම තුන් ලොවට සෙත් සදන පරමතම සම්පතකි.
හිතවතුනි, ලෝකයේ මහඟු දේ එමට ඇත. ඒ හොඳින් දැන හැඳින කල දවස ගෙවිය යුතු.

195. පූජාරහෙ පූජයතේ – බුද්ධේ යදිව සාවකෙ
පපඤ්ච සමතික්කන්තෙ - තිණ්ණ සොකපරිද්ද වේ

සියලු කෙලෙසුන් නසා - සසර මග නිමා කළ ලොවුතුරා උතුමන්ට පුද දැකුම් සිදු කරයි.
(මේ අදහස ඊළඟ ගාථාවට සම්බන්ධය)

196. තෙ තාදිසෙ පූජයතො - නිබ්බුතෙ අකුතොභයෙ
න සක්කා පුඤ්ඤං සංඛාතුං - ඉමෙත්තමිතී කේනචි’ති

ලැබෙන මහ කුසලයේ පමණ කිව හැකි නොවේ. එවැන්නෝ පහසුවෙන් සසර තරණය කරති.
හිතවතුනි, ජීවිතය නිවැරැදිව ගෙන යන්න. ඔබ ඉතා පහසුවෙන් අරමුණට යන්නේ ය.

මතු සම්බන්ධයි

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]