UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම - මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන්හි පරිවේණාධිපති දකුණු තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මශූර ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමි

ගිහිනම - කේ. වී. ගුණපාල

වැඩවසන පන්සල - දකුණු තලංගම මයුරපාද පිරිවෙන

උපන් දිනය - වර්ෂ 1954 පෙබරවාරි මස 28 දින

පියා - කේ. වී. මොහොට්ටිහාමි

මව - රන්මැණිකේ

සහෝදර සහෝදරියන් - සහෝදරයන් පස්දෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙක් පමණ.

මූලික අධ්‍යාපනය - වලේබොඩ සුදුහකුරු කන්ද ප්‍රාථමික පාසල

පැවිදි වීම - වර්ෂ 1964 දෙසැම්බර් මස 22 වන දින
රාමඤ්ඤ මහා නිකායට වසර 100ක් සම්පූර්ණවීම නිමිතිකොට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී කුළ දරුවන් 500 ක් පමණ පැවිදි වූ රාජ්‍ය උත්සවයේදී

උසස් අධ්‍යාපනය - දකුණු තලංගම මයුරපාද පිරිවෙන, කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන (ප්‍ර‍්‍රාචීන , පණ්ඩිත)
වර්ෂ 1978 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය.

උපසම්පදාව - වර්ෂ 1978 ජුනි මස 25 දින කොළඹ කල්‍යාණි සීමා මාලකයේදී
ආචාර්යන් වහන්සේ - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක බද්දේගම විමලවංශ නාහිමි.

උපාධ්‍යයන් වහන්සේ - රාමඤ්ඤ මහා නිකායේ වත්මන් මහානායක ධුරන්දර වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමි.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් - වර්ෂ 1981 දී දකුණු තලංගම මයුරපාද මහා පිරිවෙන්හි විහාරාධිපති වීම,
වර්ෂ 1981 දී ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනේ ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස සේවයට බැඳීම,
ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනේ පරිවේණාධිපති ලෙස පත්වීම (වර්තමානය වනවිට වසර 30ක් සම්පූර්ණ වී ඇත.)

සම්මාන ආදිය - වර්ෂ 2005 දී අමරපුර මහා නිකායේත් ශාසනික සේවාව වෙනුවෙන් ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මශූරි සම්මානයෙන් පිදුම් ලැබීම.
විදේශ ධර්මදූත සේවය - ඉන්දියාව, නේපාලය, සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය (බුරුමය) ද. කොරියාව, ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව

භාෂාන්තර දැනුම - සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි

තනතුර - රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් මණ්ඩලයේ සාමාජික, අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජික, ගුවන්විදුලි සංස්ථාවේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජික.

පාලනය කරන පන්සල - වර්ෂ 1995 දී අභිනවයෙන් ඉදිකළ මාලඹේ පිට්ටුගල ඉසුරුකුරු ශ්‍රී‍්‍ර විමලාරාම විහාරය (විහාරාධිපති)

දහම්පාසල - මයුරපාද පිරිවෙනේ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාර්ය (සිසුන් 1000 පමණ ඇත)

වෙනත් - මයුරපාද ඉංගී‍්‍රසි පාසල ආරම්භ කිරීම, මයුරපාද සංගීත පාසල ආරම්භ කිරීම, මයුරපාද නැටුම් පාසල, ආරම්භ කිරීම, මරිතෙරුකො පෙර පාසල ආරම්භ කිරීම

ආගමික කටයුතු - රාමඤ්ඤ මහා නිකායේ නිල පුවත්පත වන ‘සසුන’ පුවත්පතේ් සංස්කාරක වශයෙන් කටයුතු කිරීම.
වර්ෂ 1995 දී මයුරපාද පිරිවෙනේ මෙහෙයවීමෙන් රාමඤ්ඤ මහා නිකායේ සාමණේරවරුන් 500ක් පමණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔයේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා කිරීම.
සෑම වෙසක් පොහොය දිනකම ලක්ෂයක් පමණ ජනතාවකට දින දෙකක බත් දන්සලක් පැවැත්වීම.
තරුණ භික්ෂූන් වහන්සේලාට බෞද්ධ අධ්‍යාපනය ලබාදී පුහුණු කිරීම

සමාජසේවා කටයුතු - යුද්ධය පැවැති කාලයේදී තන්තිරිමලේ විහාරය මුල්කරගෙන ඒ අවට අනාරක්ෂිත ගම්මානවල සිටින ජනතාවට ඇඳුම් පැළඳුම් වියළි ආහාර බේත් වර්ග මහා පරිමාණයෙන් ලබාදීම
අම්පාර පන්නල්ගම අනාරක්ෂිත පවුල් 3000කට පමණ මිලියන 5 ක වියදමින් වියළි ආහාර, ඇඳුම් පැළඳුම් ලබාදීම,

හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුනාමියෙන් විපතට පත් ජනතාවට මහා පරිමාණයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම හික්කඩුවේ ජනරංජනාරාම විහාරස්ථානය මුල්කරගෙන සුනාමියෙන් මියගිය පිරිසට පින් පැමිණවීම සඳහා සංඝයාවහන්සේලා 200 නමකට දහවල් දානයක් පිරිනමා 10000ක් පමණ ජනතාවට බත් දන්සැලක් දීම හා වෛද්‍යවරු 50ක් සහභාගි කරවා වෛද්‍ය සායනයක් පැවැත්වීම.

වර්ෂ 2008 දී පැලවත්ත සිංහ සමාජය සමඟ ඒකාබද්ධව වෙලේබොඩ ජනතාව වෙනුවෙන් විශාල වෛද්‍ය සායනයක් පවත්වා ඇස් කණ්ණාඩි 500 ක් පමණ බෙදාදීම වලේබොඩ ප්‍රදේශයේ දුෂ්කරව පැවැති ප්‍රධාන මාර්ගයක් රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන පිළිසකර කළ පසු වලේබොඩ ගුණසිරි නාහිමි මාවත ලෙස නම්කර ඇත.

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]