UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

උඩුගම්පොල නයිවල පාරේ අංක 319/ඒ ලිපිනයේ පදිංචි ඒ.ඒ.එස්.ප්‍රියදර්ශනී මහත්මියට බද්ධ කිරීම සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයි කියති.

තිස් හැවිරිදි එක් දරු මවක් වන ඇය දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දොස්තර චූලා හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද කියයි. පරිත්‍යාගශීලියකු ඉදිරිපත් වන්නේනම් 077-3693561 හා 077- 9369068 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසත් ඇයගේ ප්‍රතිකාර සඳහා එක් මසකට විශාල මුදලක් වැය වන බැවින් ඇයට යම් උපකාරයක් කළ හැකිනම් ගම්පහ මහජන බැංකුවේ අංක 026-2-001-4-1693661 දරන අයගේ ගිණුමට බැර කරන ලෙසත් ඇයගේ සැමියා ඉල්ලා සිටී.


 

කඩවත ඉහළකරගහමුණ 247 /1 ලිපිනයේ පදිංචි 21 වියැති එස්.එන්. පිගේරා දියණියට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිගමනය කර ඇතැයි ඇයගේ පියා කියයි. ඇය සුවපත් කිරීමට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වන බැවින් එම ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලීමක් කැරේ. දැනට සතියකට දෙවරක් රුධිර කාන්දුකරනය සඳහා විශාල මුදලක්ද වැයවන බවද ඒ සඳහාද පරිත්‍යාගශීලිහු වෙත්නම් උපකාර කරන්නැයි එම දියණියගේ පියා ඉල්ලීමක් කැරේ.

072-4461750
0714918677
දුරකතන අංක වේ. ගිණුම් අංක 056020013581හැටන් නැෂනල් බැංකුව කිරිබත්ගොඩ.

 


අටමස් වයසැති දියණියට පිහිට පතයි

මීගස්අද්දර, හුංගම්ගොඩ, නාවිමන දකුණ, මාතර යන ලිපිනයෙහි පදිංචි රසාලි රෙහානා මාස 08 ක් පමණ වයසැති දැරියගේ හෘද වස්තුවේ ඇති සිදුරක් සම්බන්ධයෙන් ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදුව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇති බව කියයි. ඒ සඳහා රු. 350, 000/= මුදලක් වැය කිරීමට සිදුව ඇත. මෙම දියණියගේ දෙමාපියන් හට එම මුදල සොයාගැනීම ඉතා අපහසු කරුණක්ව ඇති හෙයින් ඉන් කොටසක් ජනාධිපති අරමුදලින් ද ඉතිරිය පරිත්‍යාගශීලීන්ගේ ආධාරය මගින් ද සපයා ගැනීම සඳහා ඔබ ගේ සහයෝගය බලාපොරොත්තු වන බව කියයි. ඒ වෙනුවෙන් ඔබගේ සහයෝගයක් වෙතොත් මාතර හැටන් නැෂල් බැංකුවේ ටී.ඩී.කේ. කුරුප්පු නමින් ඇති 042020089387 දරන ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කැරේ.


නො.14, තිඹිරි වැව, මහාපොතාන, කටහගස්දිගිලිය පදිංචි එල්. ගුණවතී මහත්මියගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් දැඩිසේ රෝගාතුරව සිටින බැවින් ඉතා ඉක්මනින් “ඒ හෝ බී” වර්ගයේ රුධිර කාණ්ඩය ඇති අයෙකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි ශල්‍ය වෛද්‍යවරු පවසති. එම නිසා එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු පහත සඳහන් 025 – 5743545 හෝ 077 – 6513780 දුරකතන අංකයෙන් විමසන මෙන් ඉල්ලීමක් කැරේ. ශල්‍යකර්මයට විශාල මුදලක් වැයවන බැවින්, ඒ සඳහා ද ඔබගේ සහාය අපේක්‍ෂා කරයි.

එල්.ගුණවතී, ලංකා බැංකුව, කහටගස්දිගිලිය ශාඛාව, ගිණුම් අංකය – 71336306 වෙත ආධාර බැර කළ හැකි බව ද කියයි.


මහරගම නාවින්න දුම්රියපොළ පාරේ පදිංචි දෙදරු මවක වන ජී.ඩී. දුෂ්‍යන්ති සමන්මලී (43) මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පීඩා විඳින බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය ඒ. හේවාගීගනගේ මහතා නිර්දේශ කොට තිබේ. සමන්මලී මහත්මියට අවශ්‍යව ඇත්තේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවකි. ඉතා අසනීප තත්ත්වයකින් පෙළෙන ඇයට “ඕ පොසිටිව්” වකුගඩුවක් අපේක්‍ෂා කැරේ. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් 0773 688915/0722841764 යන අංකවලට ඇමතුමක් දෙන ලෙස ඇගේ සැමියා වන ශාන්ත පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටියි.


මාතලේ කූඹියන්ගොඩ කොටුවේගෙදර පාරේ නො. 4 හි පදිංචි ආනන්ද පේදිරිස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඔහුට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළයුතු බව මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා නිර්දේශ කැර ඇතැයි කියති.

ඒ මහතා වෙනුවෙන් “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් 071 4499538 හෝ 066 3661578 දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


දික්හේන, තලපලකන්ද, දෙනියාය පදිංචි වී.පී. විජේසේන මහතාට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් ඉක්මනින් අවශ්‍යව ඇතැයි කියති. ඉහත වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු හෝ හිමිනමක් වෙතොත් පහත දුරකතනයට අමතන මෙන්ද ආධාර කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වෙතොත් පහත ගිණුම් අංකයට මුදල් බැර කරන මෙන්ද ඉල්ලීමක් කැරේ. ගිණුම් අංකය – 109030123978 (ජාතික ඉතිරි කිරීමේ බැංකුව - ගාල්ල) දුරකථන අංකය – 078 9443525, 077 68 22100 වේ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]