UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුරුතු පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී දුරුතු පෝදා දවස පුරා පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේදී දුරුතුපෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා බෞද්ධ කොඩි 350 පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ දී පැවැත්වේ. ගාමිණීපුර බෞද්ධ සමිතියේ දුරුතු මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු සිදුකෙරේ. උදේ ධර්ම දේශනාව පොලොන්මාරුවේ වාචිස්සර හිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේදී පැවැත්වේ.සවස කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහැර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධීන් වහන්සේ සුවඳපැණින් නාවා මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධිපූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදුකෙරේ.කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපතිඅජිත් කරුණාතිලක මහතා සහ කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථදායක සභාව මෙම පිංකම් කටයුතු සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දුරුතු පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම, මීගහකුඹුරේ ධම්මගවේශී හිමි, 08.00 – 09.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව, බංගලිදේශයේ පූජ්‍ය සංඝරක්‍ඛිත හිමි, බංගලිදේශයේ සුමනවංශ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බියගම කමල ධම්ම හිමි අම්පනාගල ධම්මාලෝක හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව, පොකුණුවිට විනයලංකාර ධර්මායතනවාසී කුකුල්පනේ සුදස්සි හිමි, 03.00 – 03.30 විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 03.45 – 05.00 ධර්ම දේශනාව, බත්තරමුල්ල සිරි සුදර්ශනාරාමාධිපති ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 05.00 – 06.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


හෝකන්දර උතුර පුරාණ විහාරය

හෝකන්දර උතුර පුරාණ විහාරස්ථ කාර්ය සාධක සමිතිය මගින් විහාරාධිපති පොලොම්මාරුවේ හේමාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි, දුරුතු පුන් පොහෝදින සිට සෑම පසළොස්වක පොහෝ දිනකම ප්‍රදේශයේ තරුණ තරුණියන් ඇතුළු සෑම දෙනාම සහභාගි කරවා ශීල සමාදාන පින්කමක් පැවැත්වේ. ධර්ම දේශනා, භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් එදින දවස පුරා පැවැත්වීමට විහාරස්ථ කාර්ය සාධක සමිතිය කටයුතු යොදා ඇත.


සම්බෝධි විහාරයේ දුරුතු පසළොස්වක පොහොය පින්කම් මාලාව

දුරුතු පෝදා පෙරවරු 6.00 –7.30 කිරිආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම , සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි .

8.30 –9.30 ධර්ම දේශනාව - කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අලුබෝමුල්ලේ සද්ධාලංකාර හිමි. පෙරවරු 10.00 -11.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කැනඩාවේ යුක්තධම්ම හිමි.

යාත්‍රා සංචාරක ආයතනයේ සභාපති බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂ සුරනිමල සේනාරත්න මහතා. 11.00-11.30 ව්‍යංජන තිස්දෙකකින් සමන්විත සම්බුදු පූජාව- මෙහෙයවීම කළුබෝවිල සමාධි විවේකාශ්‍රමාධිපති මහරගම පදුම හිමිපාණන් වහන්සේ . 12.30 -1.00 කෘතිම පාද පිරිනැමීම 1.00 -2.00 දම්සභා මණ්ඩපය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, මෙහෙයවීම ලසන්ත වික්‍රමසිංහ මහතා 2.00 - 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම දොඩංදූවේ සිරිකර හිමි 3.30 - 4.30 ධර්ම දේශනය අමාදම් පදනමේ නිර්මාතෘ සහ සභාපති වැල්ලම්පිටියේ විනවංශ හිමි 4.30 - 5.00 සත්බුදු පූජාව හා සිල් පවාරණය , මහරගම පදුම හිමි.


චෛත්‍යයට මුල්ගල තැබීම පෝදා

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මාලබේ ඉසුරුපුර ශ්‍රී විමලාරාමයේ ඉදිකිරීමට යෝජිත චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල් ගල තැබීමේ උත්සවය දුරුතු මස 19 වන පෝය දින පෙරවරුවේ පැවැත්වේ. මෙම චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සහ ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ආරාධිතයන් වශයෙන් සහභාගී වේ. උත්සවය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාද කඩුවෙල ප්‍රාදේශීය සභා සභාපති ජී.එච්. බුද්ධදාස මහතා හා උපසභාපති ග්‍රේෂන් අල්විස් මහතා සහභාගී වේ.


බම්බලපිටිය වජිරාරාමයේ දි පින්කම්

බම්බලපිටිය වජිරාරාමයේදී දුරුතු පෝදා දවස පුරා පින්කම් මාලාවක් සිදුකැරේ.

පෝදා පෙරවරු 6 –7.15 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව සහ බුද්ධ වන්දනාව ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි. 8 –9 දහම් දෙසුම බඳගිරියේ සිරිනන්ද හිමි . 9 –9.30 විශේෂ ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නාහිමි. 9.30 –11 භාවනා සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි. 11.00 බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ සජ්ක්‍ධායනය කඹුරුගමුවේ මහානාග හිමි. 1.15 – 2.45 ධර්ම සාකච්ඡාව වැලිගෙපොල සීලවංශ හිමි. 3-4 දහම් දෙසුම දියතලාවේ පියදස්සි හිමි. 4 –5 ගිහි දෙසුම මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා 5-6 ධර්මානුශාසනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි 6 –6.30 අටවිසි බුද්ධ පූජාව.


අඩම්පනේ දෙමටමල් රජමහා විහාර පුරාණ චෛත්‍ය ප්‍රතිසංස්කරණයට මංගල ශිලාව තැබීම

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත පූජා භූමි සංවර්ධනය යටතේ සිදු කරන 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින්, අඩම්පනේ දෙමටමල් පුරාණ රජමහා විහාරාධිපති, මහ විලච්චියේ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි දෙමටමල් රජමහා විහාර පුරාණ විහාරස්ථ පේරුවේ දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදි කරනු ලබන චෛත්‍ය රාජයන් වහන්සේට මංගල ශිලා තැබීම දුරුතු පෝදා පෙ.ව. 11.20 ට යෙදෙන සුබ මොහොතින් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය ජගත් බාලසූරිය මැතිතුමා අතින් සිදු කැරේ.


විදර්ශනා භාවනා

මිනුවන්ගොඩ අභිධර්මාචාර්ය ඊ.ඒ. පියරත්න මහතා විසින් සෑම පුරපසොළස්වක පොහොය දිනකම පවත්වාගෙන එනු ලබන ‘විදර්ශනා භාවනා හා දේශනා’ වැඩසටහන් මාලාව මෙම දුරුතු පොහොය දින පහත සඳහන් විහාරස්ථානයන්හිදී පැවැත්වෙනු ඇත. පෙරවරු 08.30 සිට 10.30 මිනුවන්ගොඩ, කෝපිවත්ත, ශ්‍රී මෙත්තාරාමයේ දී පත්තඬුවන කල්‍යාණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ද පස්වරු 12.30 සිට 02.30 හොරම්පැල්ල, දෙමටගොල්ල ශ්‍රී ධර්මෝදයාරාමයේ දී හොරම්පැල්ල දයානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 03.00 සිට 05.00 දෙවලපොල, වටිනාපහ, සුමනසිල් ආරාමයේ දී අටුගොඩ සුමනපාලී සිල්මෑණියන්ගේ අනුශාසකත්වයෙන්ද පැවැත්වේ.


පිටුම්පෙ පූර්වාරාමයේ පින්කම්

පාදුක්ක – පිටුම්පෙ ශ්‍රී පූර්වාරාමයේදී දුරුතු පෝදා ශීල සමාදාන භාවනා වැඩසටහන, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඇතුළු පින්කම් මාලාවක් සිදු කැරේ. විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය මහගම හේමතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන මේ පින්කම වෙනුවෙන් “ බුදුසරණ” පුවත්පත උපාසක උපාසිකාවන්ට නොමිලයේ බෙදා දීමට නන්දන වීරසිංහ මහතා කටයුතු යොදා ඇත.


අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී දුරුතු පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩ සටහන මෙසේ ය.

පුන් පෝ දින පෙරවරු 06.00 - 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහාවිහාර සන්නිපාත ශාලාව අසළ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින්, මරණයට කැප වූ ගවයකුට අභය දානය ලබාදීම, 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 – ප.ව. 12.30 පුණ්‍යානුමෝදනාව පස්වරු 12.30 –2.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 2.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙරවරු 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී දුරුතු මස පුර පසලොස්වක පොහොයදා ශීල භාවනා ධර්ම දේශනා පින්කම් මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක, උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 සිට 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිකාරි රජවත්තේ වප්ප හිමි 07.00 – 07.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙය වීම, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 08.00 – 09.00 භාවනා වැඩසටහන මෙහෙය වීම රජවත්තේ වප්ප හිමි , 09.15.10.15 ධර්ම දේශනාව, නුගේගොඩ ශ්‍රී ධර්මාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී බෝගම්බර රතන ජෝති හිමි 10.30 –11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද හිමි 12.15 –12.30 සෙත්පිරිත් සජ්ඣායනාව, විහාරස්ථ උපාසක, උපාසිකා සමිතියේ මාසික රැස්වීම, 02.15 –03.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි 03.30 – 04.30 දක්වා ධර්ම දේශනය, ඉද්දමල්ගොඩ වජිරඥාන හිමි, 05.00 – 06.00 ධර්ම දේශනය, වෙහෙරගල ධම්මික හිමි. 06.00 සිල් පවාරණය . 07.00 –07.45 මල් පහන් ගිලන් පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 07.45 – 08.45 ධර්ම දේශනය, ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මාමඬලේ විමල හිමි.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේදී දුරුතු පුන් පෝය නිමිත්තෙන් පෝදා පෙරවරු 6.00 සිට රාත්‍රි 8.00 දක්වා දාන, සීල, භාවනා, ඇතුළු වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 ට භාවනාව වෑගල්ලේ රාහුල හිමි, 9.00 ධර්ම දේශනාව විහාරාධිපති ,වලවෙල හේමානන්ද මාහිමි, 10.00 ජාතක කථාව අම්බලන්ගොඩ සුමනනන්ද හිමි, පස්වරු 1.00 ධර්මදේශනාව බුත්කන්දේ රතනජෝති හිමි, 2.00 ධර්ම සාකච්ඡාව මාලිබොඩ සුගතානන්ද හිමි. 3.00 දේශනය සරත් වික්‍රමසූරිය මහතා රාත්‍රි 7.00 විශේෂ ධර්මදේශනය කහනාවිට සමිතධම්ම හිමි.


කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ගනේමුල්ල කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී දුරුතු පසළොස්වක පොහොය දිනයේ පැවැත්වෙන ශීලසමාදාන හා භාවනා වැඩ සටහන මෙසේය. පෙරවරු 6.30 සිට 7.30 සිල්සමාදන් කරවීම හා අනුශාසනාව, ශාස්ත්‍රපති ගෝනවල අස්සජි හිමි, පෙරවරු 7.30 – 8.30 භාවනාව, කඳුබොඩ භාවනා මධ්‍යස්ථානවාසී කන්තලේ ආනන්ද හිමි, 8.30 – 9.30 විශේෂ ධර්ම දේශනාව, දියසෙන්පුර විමල හිමි 9.30 – 10.30 ධර්ම සාකච්ඡාව 11- බුද්ධ පූජාව . පස්වරු 1 – භුක්තානුමෝදනාව හා පිරිත්දේශනාව .2.00 –3.00 ධර්ම දේශනාව, කඩවත ගුණානන්ද හිමි. සිල් පවාරණය – බුද්ධ පූජාව 4.00 – 4.30 අනුශාසනාව, ගෝනවල අස්සජි හිමි


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන්පෝදා පස්වරු 3.30 මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් දුරුතු පෝදා දවස පුරා පින්කම් රැසක් සිදුකැරේ. පෝදා පෙරවරු 06.30 – 07.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 8 – 9.45 දහම් දෙසුම පාදුක්කේ සද්ධාධජ හිමි 10 – 11 දහම් දෙසුම සෝමවතී රජමහා විහාරාධිපති පහමුහේ ශ්‍රී සුමංගල නාහිමි පස්වරු 1-15 – 2.15 දහම් දෙසුම වස්කඩුවේ මහින්ද වංශ නාහිමි 2 – 15 – 4.15 දේශනය ශේන් බ්ලොක් මහතා 4.30 – 6 දහම් දෙසුම කළුතර පුඤ්ඤසිරි හිමි 06.30 – 8 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩ සටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දුරුතු පෝදා තරුණ ශීල සමාදාන පින්කම මෙසේය.

පෝදා පෙරවරු

6.00 – 7.00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව - පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 8.00 – 9.00 - භාවනාව වැලිමඩ පසන්න මානස හිමි, 9.00 – 10.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති වලපනේ ඤාණසේන හිමි, 10.00 – 11.15 - පරෝපකාර සංග්‍රහය – ධර්ම දේශනාව හා බුද්ධ පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 – 1.00 - පිරිත් හා තෙරුවන් ගුණ - බංගලාදේශයේ සුමනවංශ හිමි, 1.00 – 2.00 - ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම - වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා 3.00 – 4.00 - ධර්ම දේශනාව කනම්පැල්ලේ සුමනානන්ද හිමි, 4.15 – 5.00 - ධම්මපදය – පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 - ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 - බෝධි පූජාව මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි, මාහිමි,


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාරයේ දුරුතු පුරපසළොස්වක් පොහෝ දින දවස පුරා පැවැත්වෙන ශීල සමාදානය මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෝදා පෙරවරු 6.00 – 7.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙවීම ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි, 7.00 – 8.00 උදේ ආහාර බුද්ධ පූජාව. 8.00 – 9.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සමන්එළියේ පියදස්සි හිමි. 9.00 – 10.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්ම දේශනාව. 10.00 – 11.00 ආරාධිත දේශනය ශාන්ත ජෝතිවංශ මහතා. 11.00 – 11.30 දවල් ආහාර බුද්ධ පූජාව.

පස්වරු 12.00 – 1.00 විවේක කාලය හා පිරිත් දේශනාව. 01.00 – 3.30 භාවනාව මෙහෙයවීම ගාමිණී ප්‍රියන්ත මහතා. 2.30 – 3.00 දම් දෙසුම වජිරාරාමවාසී කඹුරුගමුවේ මහානාග හිමි. 4.00 – 5.00 ධර්ම දේශනාව පාමංකඩ සෝභිත හිමි. 5.30 ගිලන්පස බුද්ධ පූජාව හා සිල් පවාරණය මහරගම මහින්ද නාහිමි.


උයන්වත්ත වාලුකාරාමය

උයන්වත්ත වාලුකාරාම මහා විහාරයේ දුරුතු පෝදා පින්කම මෙසේය. ප.ව. 6.30 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමි, 7.00 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්දරතන හිමි, 8.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී වීරකැටියේ සුමන හිමි, 4.00 ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි, 7.00 අටවිසි බුද්ධ පූජාව රොටුඹ සෝමරතන හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සඳහම් සෙනසුන

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේදී දුරුතු පෝදා පැවැත්වෙන සීල භාවනා වැඩ සටහන මෙසේය.

උදේ 6.00 – 7.00 සීල සමාදානය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. 8.00 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි.9.30 –10.45 ධර්ම දේශනය – ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. ප.ව. 12.30- 1.00 සූත්‍ර දේශනා අළුත්වෙල ධම්මසති හිමි 1.00 – 2.00 ධර්ම දේශනය පොත්තේවෙල විනීත නා හිමි .2.00 –2.30 ධර්ම සාකච්ඡාව ආචාර්ය කුසුමා භික්‍ෂුණීන් වහන්සේ 4.00 – 5.00 භාවනාව වල්ගම ධම්ම විහාරී හිමි. 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස නාහිමි 7.00 – 8.00 අටවිසි බුද්ධ වන්දනාව සහ බෝධි පූජාව .

ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ඇතුළත් මාසික ධර්ම ග්‍රන්ථය ප්‍රඥා ප්‍රභා සංවිධානය මගින් නිකුත් කෙරේ.

එය ධර්ම දානයක් ලෙස පූජා කෙරේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය මාතර තරුණ බෞද්ධ සමිතියේ 556 වැනි පුන් පෝ දින පින්කම්

දුරුතු පෝදා පෙරවරු 6.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.00 බුදුගුණ වන්දනාව, 9.30 විදර්ශනා මාර්ගය - කම්මට්ඨාචාරිනි චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, ප.ව. 1.00 රණවිරුවන්ට සෙත්පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 2.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි, 3.00 ධර්ම සාකච්ඡාව - බන්දුල උදයකුමාර මහතා, 5.00 සිල් පවාරණය - ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි.


සිරිමංගල පිරිවෙන් විහාරය

මාතර සිරිමංගල පිරිවෙන් විහාරයේ පොහොය පින්කම මෙසේය

පෝදා පෙරවරු 6.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 6.30 බුද්ධ පූජා වන්දනාව ශ්‍රස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි, 8.30 භාවනා වැඩසටහන හොරපාවිට ධම්මිස්සර හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව, ප.ව. 1.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි, 6.00 සිල් පවාරණය, 6.30 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඥාානවංශ හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

මාතර සිරි වජිරඥාණ ධර්මායතනයේ පුන් පොහෝ දින පින්කම මෙසේ්ය. පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 7.30 බුද්ධ පූජාව 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කපුගම සුගතසාර හිමි, 10.00 ධර්ම දේශනාව, රත්මල්කැටියේ සිරිධම්ම හිමි, 11.00 බුද්ධ පූජාව ප.ව. 1.00 සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමීන් වහන්සේලා, 1.30 කෙටි දේශනාව තබ්බෝවේ තපංකර හිමි, 3.30 ධර්මානුශාසනව පණ්ඩිත මොදරවානේ සිද්ධත්ථ හිමි, 5.00 ධර්ම දේශනය බෙරලපනාතර ශාන්ත හිමි, 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරි පණ්ඩිත හිමි.


අරංගල ශ්‍රී ශෛලාරාමය

උතුරු හෝකන්දර අරංගල ශ්‍රී ශෛලාරාමයේදී දුරුතු පුර පසළොස්වක පොහෝදා විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයෙහි කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ් ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ සීල භාවනා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මෙසේය.

පෙරවරු 05.45 - 06.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව 06.30 - 07.30 සිල් සමාදන් කරවීම සහ සම්බුද්ධ පූජාව ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 08.30 - 09. 30 ජාතක කතා විමර්ශනය මාඑළියේ සුදස්සී හිමි, 09.45 - 10. 45 ධර්ම දේශනාව පිටිගල විජිත හිමි, 11.00 - 11.30 දහවල සම්බුද්ධ පූජාව ඇකිරියේ ඤාණසුමන හිමි, 01.00 - 2.00 සෙත් පිරිත් සජ්ඣායනාව හා දහම් පොත් බෙදාදීම 02 - 03 විශේෂ භාවනා වැඩසටහන මුරපොල පියවංශ හිමි, 03.15 - 4.05 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි, 04.30 - 05.30 විශේෂ ධර්ම දේශනය ඇකිරියේ සමිත හිමි, 06.30 - 7.30 විශේෂ ආශිර්වාද පූජාව ඇත්කඳුරේ සුමනසාර හිමි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී දුරුතු පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල භාවනා ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 08.00 – 09.15 කටුනායක පාරමී දසසිල් මෑණියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 09.30 – 10.30 වැලිමඩ පසන්නමානස ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාවක් ද දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 01.00 – 02.00 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනකි. 2.30 – 03.30 ඕපනායක නිරාසා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනකි. 03.30 – 04.30 රත්නපුරේ තිසරණී දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනකි. 05.00 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


බෙලිගල

තල්ගම මෛත්‍රී අවමංගල්‍යාධාර සමිතිය මගින් සිදු කරන වාර්ෂික දානමය පින්කම බෙලිගල රජ මහා විහාරස්ථානයේ දී දුරුතු පෝය දින සිල් සමාදන් වන උවැසි උවැසියන් වෙනුවෙන් පිරිනැමේ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]