UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛකයෙකු හා ප්‍රකට තාරකා විද්‍යාඥයෙකු වන අනුර සී. පෙරේරා මහතා විසින් මුළු ලොවේම ආශිර්වාදය තම මව්බිම කරා යොමුකරවීමටත්, එමෙන්ම තෙමසකට පෙර අභාවප්‍රාප්ත තම දයාබර බිරිය වූ චන්ද්‍ර (ඉංදු) පෙරේරා මියට පින් පැමිණයවීම සඳහාත්, ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 100 ක සහ ලොව වටා රටවල් රැසක විහාරස්ථාන 100ක සිදුකිරීමට යෙදුණු ඓතිහාසික මහා පින්කම් මාලාව පසුගිය දින මහා සංඝරත්නය වෙත පිරිනැමුණු දානමය පින්කමකින් නිමාවට පත් කෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් ගේ මූලිකත්වය යටතේ සිදුකෙරුණු මෙම මහා පින්කමේ දානමය පුණ්‍ය කර්මය සඳහා සූදානම් වූ අවස්ථාවේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, කොළඹ නවකෝරළයේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ පඤ්ඤාසේකර හිමිපාණන් විසින් අනුශාසනාවක් පැවැත් වූ අයුරු. මෙම දානමය පින්කම සඳහා වැල්ලවත්ත ශ්‍රී විජයාරාමාධිපති, රාජකීය පණ්ඩිත අහංගම ආනන්ද හිමිපාණන් ප්‍රධාන, බෙල්ලන්විල රජමහා විහාරාවාසී, කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සහාය විදුහල්පති අතපත්තුකන්දේ ආනන්ද හිමි, රාජගිරියේ සිරි විජයාරාමාධිපති දෙවුන්දර ධර්මරුචි හිමියන් ඇතුළු මහසඟරුවන සහ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රධාන අනුර සී. පෙරේරා මහතා ගේ ඥාතීන් ඇතුළු හිතවතුන් විශාල සංඛ්‍යාවක්ද මෙම පින්කම් සඳහා සහභාගි වූහ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2554 වන රාජ්‍ය වෙසක් උත්සවය මහියංගණය රාජ මහා විහාරස්ථානයේ දී 24 වන දා

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය මෙවර ඓතිහාසික මහියංගණය රාජ මහා විහාරස්ථානයේදී 2010 මැයි මස 24 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

ශුද්ධ වෙසක් පුර අටවක

ශුද්ධ වෙසක් පුර අටවක පෝය මැයි මස 20 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 06.18 ට ලබයි.
21 වන දා සිකුරාදා අපර භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 21 වන දා සිකුරාදාය.

 මීළඟ පෝය
මැයි මස 27 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]