UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 16 වන කොටස

64. යාවජිවම්පි චේ බාලෝ
පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති
දබ්බී සූපරසං යථා

මුළු දිවිය නැණැත්තකු - ළඟට වී ගත කළත් මෝඩයා ගුණ නුවණ ටිකක් වත් ලබන් නෑ .මාලුපිණි හැඳිගාන හැන්දකට කිසිදාක මාලුපිණිවල රසය දැනෙන්නේ නෑ වගෙයි.

හිතවතුනි, මැණික් ගල් රැසක් පය හැපුණ මුත් අන්ධයා මැණික් වල අගය දැන ගන්නේ නෑ.

(65) මුහුත්තම පි චේ විඤ්ඤෑ - පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති -ජිව්හා සුපරසං යථා

නුවණ ඇති තැනැත්තා ගුණැත්තන් ඇසුර ලද මොහොතකින් ගුණ නුවණ දෙකම ලැබ ගන්නේය. මිනිස් දිව මොහොතකින් ආහාරපාන වල පවත්නා නියම රස හැඳින ගන්නා සේය.

හිතවතුනි ,උසස් දේ , හැමවිටම ලැබෙන් නෑ ඉඩක් ලද මොහොතේම එය ලබා ගත යුතුය.

(66) චරන්ති බාලා දුම්මේධා - අමිත්තේනේ’ව අත්තනා
කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්ඵලං

නුවණ නැති දුදන තෙම තමාටම සතුරකුව තුන්දොරින් පව් පුරා ජීවිතය ගත කරයි. ඒ නිසා අන්තිමේ සිතාගත නොහැකි සේ ඉතාමත් කටුක වු දුකට පත් වන්නේය.

හිතවතුනි තුන්දොරින් අසංවර තැනැත්තෝ මරණයට පෙරාතුව දුකට පත්වන්නේය.

(67) න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රොදං විපාකං පටිසෙවති

ඔබ යමක් කළ පසුව පසු තැවෙන්නට වේද? හඬන්නට සිදුවේද? කිසි දිනෙක එබඳු දේ, නොකළ යුතු වන්නේය.

හිතවතුනි පනින්ට පළමුවෙන් සිතිය යුතු යන කියුම සදාකල් හැමෝටම වැදගත්ය.

මතු සම්බන්ධයි

 

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]