UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් මෙහෙයවන සමාජ සේවාවන් අතුරින් ආරෝග්‍යශාලා සේවාවද විශේෂ තැනක් ගනී. එම සේවාව 1941 වර්ෂයේ මැයි මස 11 වන දින ආරම්භ වූ අතර රෝහල් වල නේවාසික රෝගීන් විශාල පිරිසකට සේවාවන් රැසක් මෙමඟින් ඉටු කර ඇත. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ උපදෙස් මත කොළඹ කාසල් කාන්තා රෝහල සඳහා ද එම සේවාව පසුගියදා ආරම්භ කරන ලදී. මෙම උත්සව අවස්ථාවේ මුලසුන හොබවන ලද්දේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති දේව හන්දියේ පඤ්ඤාසේකර නා හිමියන් විසිනි. මෙම උත්සව අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, සම්මේලනයේ හිටපු සභාපතිනිය ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය. කාසල් කාන්තා රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් සහභාගි වූහ.
එච්.එම්.පී.කේ. සේනාධීර

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරු විස්තර ඉල්ලයි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ දී හා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවල දී කලක සිට කරුණු දැක්වීමේ ප්‍රතිඵල වශයෙන් බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන් රජයේ පාසල්වල බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමට 2010 පෙබරවාරි 17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඉතිරිය»


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]