UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ මෙවර වස් ආරාධනා කිරීමේ පින්කම ලේක්හවුස් බෞද්ධ සංගමයේ ප්‍රධාන දායකත්වයෙන් සිදු කැරිණි. එහිදී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් වෙත වැසි සළු පිළිගන්වා වස් ආරාධනාව සිදු කළ අතර, එහිදී ඉන්දසර හිමියන් අනුශාසනාව සිදු කළ අවස්ථාව. පද්මකුමාර මහත්මිය සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති සීසර් සුදුසිංහ, ලේකම් සුසිල් ගුණවර්ධන, භාණ්ඩාගාරික පි‍්‍රයන්ත විජේසූරිය යන මහත්වරුන් ඇතුළු විහාරස්ථ කුළඟන සමිතියේ හා දායක සභාවේ පින්වත්හු රැසක් ද ඊට සහභාගි වූහ. සේයාරුව - සමන් ශ්‍රී වෙදගේ

සෙත් පැතීමේ නෙළුම් මල් පූජාව 25 දා

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බුද්ධ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාතාක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන රජයටත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ටත් ආශීර්වාද පතා ජූලි 25 වනදා පස්වරුවේ වාර්ෂික නෙළුම් මල් පූජාව කතරගම කිරි වෙහෙර අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]