UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගමින් ගමට දහම් සිසිල චාරිකාව

නිදහස් දේශයක් මෙන්ම සාමකාමී ශ්‍රී ලංකාවක් උදෙසා අභීතව පෙරමුණ ගත් වීරෝදාර රණවිරුවන් උතුරු නැගෙනහිර වියරු වූ ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමෙන් ලද ජයග්‍රහණ සමරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ටම සෙත්පතා ලක්ෂ වාරයක් සජ්ඣායනා කළ ජය පිරිත නැවත නැවත සජ්ඣායනා කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් පැන් සහ පිරිත් නූල් මහජනතාවට සහ විශේෂ ප්‍රභූවරුන් වෙත බෙදාදීමේ මහා පින්කම සිදු කරමින් මැයි 25 වනදා ඇරැඹුණු ධර්ම චාරිකා පෙරහර ජුනි 2 වනදා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආයු පිරිහෙන අනුභවය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා අනායුස්සා. කතමෙ පඤ්ච . අසප්පායකාරී හොති. සප්පායෙ මත්තං න ජානාති. අපරිණත භොජි ච හොති. අකාලචාරී ච හොති. අබ්‍රහ්මචාරී ච. ඉමෙ ඛො භික්ඛවෙ ධම්මා අනායුස්සාති.

පින්වත්නි,

අද ධර්ම දේශනාවට මාතෘකා වූයේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ පඨම අනායුස්ස සූත්‍රයයි. මේ සූත්‍රයට පඨම අනායුස්ස යනුවෙන් යොදා ඇත්තේ දුතිය අනායුස්ස සූත්‍රයක් තිබෙන නිසයි. දී ඇති නමට අනුව සූත්‍රයෙන් විස්තර කරන්නේ ආයුෂය පිරිහෙන කරුණු කීපයක්. ලෝකයේ පහළ වී ඇති ජීව හා අජීව සෑම දෙයකට ම ආයු කාලයක් තිබෙන බව පේනවා. සරල උදාහරණයක් හැටියට අප අවට ඇති වෘක්ෂලතා පිළිබඳ හොඳින් නිරීක්ෂණය කළහොත් ඒ බව පැහැදිළි කරගත හැකියි. එක් එක් වර්ගයේ ගස්වැල්වලට නියමිත ආයුකාලයේ වෙනසක් තිබෙන බවත්, ඒ හැම ගහකට , වැලකට ම නියමිත ආයුෂයක් තිබෙන බවත් පැහැදිළියි.

ඉතිරිය»

 

‘දේශයේ අභිවෘද්ධියට භේදයෙන් තොරව සමගි වෙමු’

යම් දේශයක උපන් කෙනෙකුට ඒ දේශය මවුබිම වන්නේය. ඔහු නිරතුරුව එහි වාසය කරන්න් නම් එය ඔහුගේ් දේශය වන්නේය. එසේ එහි ඉපැදි වාසය කරන ජනතාවට ඒම දේශය පිළිබඳව ඇතිවන ඇල්ම, ආදරය, අභිමානය හේතුකොට ගෙන ඔහුග් හදවත තුළ දේශාභිමානය පහළ වේ. ජාතිකාභිමානයට වඩා දේශාභිමානය සාමකාමී සහජීවනයකට මඟ පාදන උදාර හැඟුමක් වන්නේය. ජාතිය යනු නොපෙනෙනා දෙයකි. දේශය යනු පෙනෙන පවතින, දෙයකි. එසේනම් නොපෙනෙන, සම්මුතියකට අනුව මවාගත්, ජාතියට වඩා පෙනෙන පවතින දේශය පිළිබඳව දේශාභිමානයෙන් එක්සත් වන්නේ නම් ඒ දෙස වසන දනන් අරගලයෙන් තොර සාමකාමී ලොවක දැහැමින් දිවි ගෙවන වාසනාවන්ත මිනිසුන් වන බව නුවණින් විමසා බලන කා හට වුවද වැටහෙන්නකි.

ඉතිරිය»

නිට්ටඹුව පනාවල සිරිනන්දනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ: නිට්ටඹුව පනාවල සිරි නන්දනාරාමය ආරම්භ කරන ලද්දේ වසර 1938 දී පමණ ය. මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ මිරිස්ස උඩුපිළ ඇස්.පී. ඩයනේරිස් උඩුපිළ නිර්මාණ ශිල්පියා විසිනි.
          ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.

පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]