UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇහැලියගොඩ නාකන්දල  ශ්‍රී ගංගාරාම විහාරස්ථානය


බුද්ධ ප්‍රතිමා වහන්සේ.

බොදුනු සිත් පහන් කරවන අලංකාර බිතු සිතුවමින් මූර්තිමත් වූ වසර 150 ක පමණ ඉපැරැණි ඉතිහාසයක් ඇති ඇහැලියගොඩ – නාකන්දල ශ්‍රී ගංගාරාම විහාරස්ථානය ප්‍රදේශයේ ප්‍රසාදයට පාත්‍ර වූ විහාරස්ථානයකි.


විහාරාධිපති
අහුන්ගල්ලේ
රතනසිරි හිමි

ඇහැලියගොඩ නගරයේ සිට කිරි ඇල්ල දක්වා දිවෙන නැදුරන මාර්ගයේ කි.මී. 03 ක් පමණ පැමිණ, කොට්ටම්බ කඩේ අසලින් වම්පසට හැරී මීටර 300 ක් පමණ ගිය විට උස් කඳු මුදුනක මෙම දර්ශනීය පුණ්‍ය භූමිය පිහිටා ඇත. විහාරාධිපති අහුන්ගල්ලේ රතනසිරි හිමියන්ගේ පූර්ණ කැපවීම හා උත්සාහය මත ඉතාම සාර්ථක දියුණªවක් කරා ළඟා වූ අතර ඒ සඳහා ප්‍රදේශයේ සහ අවට ජනතාවගේ නොමද සහයද උන්වහන්සේට නොඅඩුව ලැබේ.

මෑත භාගයේ අලංකාරවත් බිතු සිතුවමින් හැඩ ගැන් වූ විහාර මන්දිරය දැක ගැනීමට ලැබේ.

වසර 1950 දී මෙහි විහාරාධිපතිව වැඩ විසූ හිඳගල සිරි ඉන්දරතන නාහිමිපාණන්ගේ අපවත්වීමත් සමඟ අහුන්ගල්ලේ රතනසිරි හිමියෝ විහාරාධිපති ධූරයට පත්වූහ. ප්‍රදේශයේ සැදැහැති ජනතාවගේ නොමද දායකත්වයෙන් වාර්ෂිකව විවිධ වැඩසටහන් මෙම විහාරස්ථානයේ සංවිධානය කෙරේ. එයින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ සෑම වසරකම පොසොන් පෙහොය අළලා දර්ශනීය පොසොන් කූ®ඩුවක් ප්‍රදර්ශනය කිරීමයි.


විවිධ සූත්‍ර දේශනා සහිත සිතුවම් පෙළ

සිරි ඉන්දරතන දහම් පාසලේ සිසුන්ගේ දායකත්වයද මේ සඳහා ලැබේ. එහි සිසුන් සංඛ්‍යාව 450 ක් පමණ හා ගුරු මණ්ඩලය 20 දෙනෙක් පමණ වෙති. දැනට නටබුන්ව පැවති ධර්ම ශාලාව වෙනුවට, නව ධර්ම ශාලාවක් ඉදිකෙරේ. බෝධිරාජයාණන් වහන්සේ හා චෛත්‍යයද විහාර මන්දිරය තුළද අඩුපාඩු රැසක් තිබෙන බව විහාරාධිපති අහුන්ගල්ලේ රතනසිරි හිමියෝ ‘බුදුසරණ’ ට පැවසූහ.


සැතපෙන පිළිම වහන්සේ

 

 

 

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]