UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘විශ්ව ශක්තිය ‘ බුදු දහමට එකඟ ද?

Link- මෙම ලිපියේ මුල් කොටස 2009.01.10. පත්‍රයේ පළ විය

අපගේ ඕලාරික ශරීරය රූප කලාප අප්‍රමාණ සංඛ්‍යාවකින් හටගත් එකකි. රූප කලාපයක් පරම අර්ථය නොගනී. මක්නිසාද යත් එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර ශක්තීන් ගේ සමවායෙන් හටගත් බැවිනි. සිත පවතින්නේ මේ කය තුළය. එනම් සතර ශක්ති සමවායයක් තුළ ය. මේ අනුව සමස්ත ශරීරයම ශක්ති සමුච්චිතයකි. ලෝක ධාතුවේ සියලු ශක්තීන් එහි ඇත. බුදුරජාණන් වහන්සේ මුළු ලෝක ධාතුවම මේ බඹයක් පමණ වූ ශරීරය තුළ පැනවූ සේක. මම ය, මාගේ ය යන ආත්ම දෘෂ්ටියෙන් ගත හැකි කිසිවක් මෙහි නැති බව හා පරමාර්ථ වශයෙන් ගත් කලන සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය නිවැරැදි නොවන බව වැටහෙන්නේ, මේ සත්‍ය දර්ශනය මතය. ධාතු මනසිකාරය වැඩීමේදී සක්කාය දිට්ඨිය තුනී වී යන්නේ මේ නිසාය. මේ ශරීරය සමග නිරන්තරයෙන් ස්පර්ෂ වෙමින් පවතින්නේ පරිබාහිර වාතය යි. වාතය යනු ද පෙර කී සතර මහා ශක්ති ධාතූ®න්ගේ සමවායෙන් සෑදුණු, එහෙත් වායෝධාතුව අධික වූ එකකි. ශරීරය ද පඨවි ධාතුව අධික වූ ශක්ති සමවායකි. ප්‍රධාන වෙනස, එය යි. ජලයේ පාවෙන අයිස් කැටයේ උපමාව මෙතැනට ගලපා බැලිය හැකි ය. අවසාන වශයෙන් ගත කල බැහැරින් ද ඇතුළතින් ද ඇත්තේ ශක්ති සමවායක්ම බව පැහැදිලි ය. ඒ අනුව නාම රූප ධර්මයෝ පරමාර්ථ වශයෙන් ශක්ති සමවායෝම වෙත්. සියලු ශක්ති, ස්වභාවයෙන්ම ස්ථිතික නොවේ. එමෙන් ම කාලයෙන් නිරපේක්‍ෂය, යම් වස්තුවක් ආලෝකයේ වේගයෙන් (තත්පරයට 298000km පමණ) අවකාශයේ ගමන් කරන්නේ නම් එහි ස්කන්ධය විශ්වය පුරා ආවරණය වන බවට ඇල්බට් අයින්ස්ටීන් ගණිත සමීකරණයක්ද (E =mc2) ඉදිරිපත් කළේය. එම වස්තුව ශක්තියක් බවට පරිනාමනය වන ආකාරය ඔහු පැහැදිලි කළේ ය. අරමුණු දැනීමේ ශක්තිය ලෙස දැක්වෙන සිත, බාහිර ශක්ති ලෝකය සමග නිරන්තර සම්බන්ධතාවයෙන් පවතින බව මේ අනුව පැහැදිලිය. සිත පමණක් නොව අවිඤ්ඤාණක ගස්වැල් පවා එකී සම්බන්ධතාවය ශක්ති ස්වරූපයෙන් ගනියි. සියලු සත්ත්වයෝ ගස්වැල් සමග පමණක් නොව සියලු භෞතික වස්තු සමග ශක්ති සම්බන්ධතා පවත්වති.

සිතෙහි අන්ත ස්වරූප දෙකක්ද ශූන්‍ය ස්වරූපයක්ද පවතී. අන්ත ස්වරූප දෙකෙන් එකක් වන්නේ සමස්ත විශ්වයට ප්‍රසාරණය වීමේ හැකියාවයි. අනෙක අල්පෙනෙත්ති තුඩක් පමණට සියුම් කිරීමේ හැකියාවයි. එනම් ධ්‍යානගත ස්වභාවය යි. එම අවස්ථාවේදී නොපෙනී යෑම, පොළොව කිමිද යෑම වැනි ප්‍රාතිහාර්ය මට්ටම්වලට එමගින් එය පවතින ඕලාරික ශරීරය පත් කළ හැකි වෙයි. මේ අනුව චිත්ත ශක්තිය රූප ධාතු ශක්තියටය වඩා ප්‍රබල ය. එක් අයෙකු විසින් තවත් අයෙක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා යැයි සිතමු. මෙත්තාව යනු අද්වේශය යන චෛතසිකයයි. එය සිත සමග උපන් කල්හි මෙත් සිත වෙයි. එය ශක්තියක් බැවින් බාහිර ශක්ති අවකාශය හරහා, අරමුණූ කරගත් පුද්ගලයාගේ ශක්ති කාය සමග සම්බන්ධ වෙයි. නවීන විද්‍යාවේ හඳුන්වනු ලබන විකිරණය (Radiation) නම් ශක්ති සම්පේ‍්‍රෂණ ක්‍රියාවලියට මෙය සමාන බව පෙනේ. මේ ආකාරයට ද්වේශයද එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය විය යුතු ය. වස් කවි, සෙත් කවි, ශාප කිරීම් , පින් අනුමෝදනා, පිරත් සජ්ඣායනා ආදිය මෙකී විවිධාකාර ශක්ති සම්පේ‍්‍රෂණ ක්‍රියාවලයෝ වෙත්. සිතෙහි ශූ®න්‍ය ස්වරූපය ඇති වන්නේ, අනුපාදිශේෂ පරිනිර්වාණයේ දී ය. මේ අනුව කවර දෙයක වුව ද මූල ස්වරූපය, ශක්තියම ය. ස්ථිතික නොවන ශක්තිවල සම්පේ‍්‍රෂණ ස්වභාවය තේරුම් ගැනීමට නම් ඒවායේ මුල ස්වරූපය විමසිය යුතුය. චිත්ත ශක්තිය සහිත සත්ත්ව ශරීරවලින් මෙම සම්පේ‍්‍රෂණය මහත්ව සිදුවේ. චිත්ත ශක්තිය උච්චතර වූ මිනිසා ඉන් ප්‍රධාන තැනක් ගනී. මිනිසුන් අතර ද බාහිර ලෝකය වෙතට ශක්ති සම්පේ‍්‍රෂණය කිරීමේ හැකියාව බලවත් වූ අය වෙසෙත්. එමගින් ඔවුනට අන් අයගේ ශරීරවල ධාතු කොටස් විපරිණාමයන්ට ලක් කළ හැකි ය. නූතන විද්‍යාත්මක මෙවලමක් වන කිර්ලියන් කැමරාව මගින් මෙකී ශක්ති සම්පේ‍්‍රෂණ ක්‍රියාවලිය තහවුරු කරගෙන ඇත. මෙ නයින්, අද අප ව්‍යවහාර කරන විශ්ව ශක්තිය බුදුරජාණන් වහන්සේ මනා කොට පෙන්වා දෙන පරමාර්ථ න්‍යාය දර්ශනය මගින් පැහැදිලි කරගත හැකි දෙයකි. ඇලෝපති වෛද්‍ය විශේෂඥයා ද භෞතික විද්‍යාඥයාද තර්ක වාදියා ද තම තමන් ප්‍රගුණ කර ඇති ප්‍රඥප්ති විතර්කයන්ට අනුව මෙකී විශ්ව ශක්තිය පිළිබඳ විනිශ්චයන් කොතෙක් ඉදිරිපත් කළත් ඒවා ඒකාන්ත පරිසමාප්ත විනිශ්චයන් විය නොහැකිය. එවැනි ආකාර පරිවිතක්ක දෘෂ්ටි මගින් සතය්‍ය මතු කර ගැනීම, කළ නොහැකි ය.

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]