UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බුදුසරණ පසළොස්වක (2008.11.12) වනදා පත්‍රයේ  පිහිට පතයි යනුවෙන් සඳහන් බී.ඒ. රංජනී නමැත්තියගේ ප්‍රවෘත්තියෙහි පළ වු දුරකථන අංක සදොස් බැවින් නිවැරැදි දුරකථන අංක පහත ප්‍රවෘත්තිය සමඟ පළකරමු. සිදු වූ ප්‍රමාද දෝෂය ගැන කණගාටුවද පළ කරමු.

කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක් සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය වී ඇති බැවින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු හෝ හිමිනමක් වෙතොත් වී.ඒ. රංජනී, 60 බී රම්මුතුගල කිරිල්ලලවල දකුණ කඩවත යන ලිපිනයට හෝ දුරකථන අංක 071 4445075 හෝ 011 2973832 යන දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.


කොළඹ 12 ශ්‍රී සුමනතිස්ස මාවතේ නො. 33 ඒ.එල්. චන්ද්‍රසිරි මහතා ආතරයිටිස් (ප්‍රමේහය) රෝගයෙන් පෙලෙන බව කියයි. මීට ඉහතදීද එම රෝගයෙන් පෙළුනු ඔහුට ඊට ශල්‍යකර්මයක් කරන ලදී. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියකු වන අතර ඒ සියලු දෙනාම පාසල් යන වයසේ පසුවෙන බවද කියයි. එම ශල්‍යකර්මය කිරීම සඳහා විශාල මුදලක් වැයවන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. මෙතරම් විශාල මුදලක් සොයා ගැනීමට අපහසු බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්‍ෂා කරයි. ගිණුම් අංකය කොමර්ෂල් බැංකුව (කොටහේන ශාඛාව) 8120021794 හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව (කොටහේන ශාඛාව) 100870289809 වෙත ආධාර කළ හැකි ය.


මාතර, දියගහ නැගෙනහිර, පොල්ගස් අද්දරවත්ත ලිපිනයේ පදිංචි එම්.ජී.කේ.එස්. ලංකා පි‍්‍රය මහතා වම් කකුලේ උකුල් අස්ථිය දිරාපත්වීමේ රෝගයකට ලක් වී ඇත. එය සුව කර ගැනීම සඳහා ශල්‍යකර්මයකින් උකුල් අස්ථිය ඉවත්කර කෘත්‍රිම උකුල් අස්ථියක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන අතර එතරම් විශාල මුදලක් සොයා ගැනීම අසීරු කටයුත්තක් වී ඇතැයි රෝගියා කියයි. එබැවින් ඊට පරිත්‍යාගශීලි සහාය පතන අතර පරිත්‍යාග සම්පත් බැංකුවේ මාතර ශාඛාවේ 1010 5023 1179 යන ගිණුම් අංකය යටතේ එම්.ජී.කේ. එස්. ලංකාපි‍්‍රය යන නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන්නැයි ඉල්ලීමක් කැරේ.


 

“ඕ” පොසිටිව් වර්ගයේ රුධිර පද්ධතියක් සහිත වකුගඩුවක් ජ්‍යෙෂ්ඨ තැපැල් ස්ථානාධිපතිවරයෙකුට අවශ්‍ය බැවින් වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 2862803 හෝ 0777 076342, 0773 492246 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය
නොවැම්බර් 26 වනදා බදාදා  අපරභාග 8.11 ට ලබයි. 27 වන දා බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]