UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සිදුහත් කුමරා උපන් ස්ථානය
ඡායාරූපය-රුවන් තරස්වින්

සිදුහත් කුමරු උපන් ස්ථානය මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක්වෙයි. මෙය පිහිටා ඇත්තේ නේපාල රාජ්‍යයට අයත්, වර්තමානයේ රුම්මිදෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ය. අතීතයේ දී මෙම භූමිය ලුම්බිණි සල් උයන නම් විය.වහලක් සහිත විශාල ගොඩනැගිල්ලක් තුළ කුමරු උපන් තැනගනකම
වීදුරුවක් යොදා ආරක්‍ෂා කර ඇත. එහි පස කොළ පැහැයෙන් දිස්වෙයි. ඡායාරූපයේ දැක්වෙන සංරක්‍ෂණය කර ඇති පොකුණ, සිදුහත් කුමරා නෑ වූ පොකුණ ලෙස සලකනු ලැබේ මේ ගොඩනැගිල්ල සමීපයේ වම් පසින් දිස් වන්නේ, අශෝක ස්ථම්භය යි.

සිහවටුක රුව දැක ගත හැකි රන්න කහඳාව පුරාණ විහාරය

ඓතිහාසික කසාගල රජ මහ විහාරයට අනුබද්ධ විහාරස්ථානයක් වන රන්න කහඳාව පුරාණ විහාරස්ථානය මාතර හම්බන්තොට මාර්ගයේ රන්න නගරයට ආසන්නයේ පිහිටා ඇත. මහනුවර යුගයට අයත් මෙම විහාරස්ථානය කහඳාවේ මුදියන්සේ හෙවත් සෙනරත් රත්නායක මුදලිතුමා විසින් ඉදිකර ශාසනයට පරිත්‍යාග කරන ලද්දකි. සංඝරාජ සාධු චරියාවේ මේ විස්තර සඳහන් වේ. පහත රටට උපසම්පදාව ගෙන ආ සිටිනා මළුවේ ධම්මජෝති හා වේහැල්ලේ ධම්මදින්න මහ නා හිමිවරුන් මෙහි වැඩ වාසය කර ඇත. ධම්මජෝති ස්වාමීන් වහන්සේ මෙහිදී අපවත් වූ බවද සංඝරාජ සාධුචරියාව සඳහන් කරයි.

ඉතිරිය»

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය
නොවැම්බර් 26 වනදා බදාදා  අපරභාග 8.11 ට ලබයි. 27 වන දා බ්‍රහස්පතින්දා
අපර භාග 10.25 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම
නොවැම්බර් 27 වන දා
බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 5 වනදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19
 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]