UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

හාරිස්පත්තුව, හිගුල්වල ශ්‍රී විජයාරාම මහා විහාර භූමියේ පිහිටි පැරැණි ගල්තලාවේ මෙම සැතපෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නොබෝදා නිරාවරණය කැරිණි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ශ්‍රී විජයාරාමාධිපති අලවත්තේගම, ධම්මතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි හිගුල්වල එච්.එච්. පී. නිශ්ශංක මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඇත. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති හිඟුල්වල ශ්‍රී විජයාරාම මහා විහාරය පූජා පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොක්කාවල නගරයේ සිට කිලෝමීටරයක දුරින් පිහිටා ඇත. මහනුවර සිට අඹතැන්න පූජාපිටිය මාර්ගයෙන් ද හරංකහව බොක්කාවල මාර්ගයෙන්ද මෙම විහාරස්ථානයට ළඟා විය හැකි ය. කේ. බණ්ඩාරනායක.

පුත්තලම දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධූරය හෙබවූ උතුරු පිටිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක මයියාවේ ආනන්ද නාහිමියන් වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා හලාවත ආනන්ද ජාතික පාසලේ දී පැවැත්විණි. එහිදී කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් විසින් මයියාවේ ආනන්ද නා හිමියන් වෙත උපහාර තිළිණයක් ප්‍රදානය කළ අයුරු. මාදම්පේ සමූහ, ඒ.පී. ගුණරත්න

 

වප් පුර අටවක පෝය


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 14 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]