UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයේ දී

1970 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් පුරාවිද්‍යාඥයින් විසින් කපිලවස්තු දාගැබ පතුලටම කැනීම් කරන ලද අවස්ථාවේදී තිලෝගුරු අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු සහිත ශෛලමය කරඬුව හමු වූ අතර එවකට කපිලවස්තුපුර බෞද්ධ විහාරයේ අධිපතිව වැඩවිසූ මැටිවල සංඝරක්ඛිතමා හිමිපාණන් ඉදිරියේදී 1971 ජනවාරි 29 වෙනි දින විවෘත කරන ලදී.

එහි තිබූ සර්වඥ ධාතු වලින් කොටසක් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දීය රජයේ මැදිහත් වීම මත මනා ආරක්ෂක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රව පුද පූජා ලබමින් වැඩවෙසන එකී කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේලා මැයි මස 19 වෙනිදින වෙසක් පුන් පොහෝ දිනයේදී චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයට වැඩමකරවා සැදැහැවත් බෞද්ධ පින්වතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීමට විහාර කාර්ය සාධක සමිතිය කටයුතු සංවිධානය කර ඇත.

මෙම මහඟු පින්කම මැයි 19 වනදින වෙසක් පුන් පොහෝ දින සිට මැයි මස 25 දින දක්වා දින 07 ක් පුරා බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් වහන්සේ වැඩ විසූ බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයේදී පැවැත්වේ.

මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මැයි මස 18 වැනිදා මරදාන කුප්පියාවත්ත ශ්‍රී ජයශේකරාරාමයේ තැන්පත් කොට මැයි මස 19 වෙනි වෙසක් පුන්පොහෝ දා එතැන් සිට රිය පෙරහරින් බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියට පෙරවරු 9.00 ට වඩමවා වික්‍රමසිංහපුර මංසන්ධියේ සිට අලංකාර පෙරහරකින් චිත්ත විවේකාශ්‍රම දක්වා වැඩම කරවනු ලැබේ. 19 වන පෝය දින ප.ව. 1.00 අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධාන්වයෙන් මහජනතාවගේ ප්‍රදර්ශනය සඳහා මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති කරඬුව ෂවෘත කරනු ලැබේ.

මැයි මස 19 වනදින සිට 25 වනදින දක්වා දිනපතා පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා සැදැහැවත් මහජනතාවට මෙම සර්වඥ ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට කටයුතු යොදා ඇත.

මෙම සර්වඥ ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සුදු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ආයාචනය කර සිටී.

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]