UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තණ්හාව පරාජය කිරීම

දශක දෙකකට අධික කාලයක් පුරා ඇදීයන මෙ රට බෙදුම්වාදී අරගලය නිසා විනාශ වූයේ ජීවිත හා දේපළ පමණක් නො වේ. අන් සියල්ලට ම වඩා වේගයෙන් විනාශ වූයේ මිනිස්කම ය. දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ගැටුම නිසා මිනිස්කම විනාශ වූ ප්‍රමාණය කෙ තරම් ද යත්, සිංහලයන්ට එරෙහි වාර්ගික වුමනාවන් එ සේ ම තිබිය දී ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සඳහා ඇතැම් සිංහලයන් ගේ දායකත්වයක් දක්නට ලැබේ.

දකුණේ සිදු වූ ආසන්නතම බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා දෙක වන, අප්‍රේල් මස 06 වන දා අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඝාතනය කිරීම හා අප්‍රේල් මස 25 වන දා පිළියන්දල දී බස්රථයක් තුළ බෝම්බයක් පුපුරුවා හැර 27 දෙනකු ගේ ජීවිත පැහැර ගැනීම යන සිද්ධි දෙක ඇසුරින් ද මේ තත්ත්වය වටහා ගත හැකි ය.

ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාට නවාතැන් පහසුකම් සපයා තිබුණේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ සිංහල යුවලකි. එම නවාතැන් හිමියා ගේ මැදිහත්වීම මත දෙහිවල ප්‍රදේශයේ ම ග්‍රාමසේවා නිලධාරිනියක විසින් ඔහුට තාවකාලික හැඳුනුම්පතක් සකස් කැර දී තිබේ. ඒ සඳහා ග්‍රාමසේවා නිලධාරිනිය නීතියට පටහැනිව ලබාගෙන ඇති මුදල රුපියල් පන්සියයක් යැයි පැවැසේ.

පිළියන්දල දී බෝම්බය පුපුරා හරින ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ආනන්ද් සුදාහරන් නමැත්තා නතර වී සිට ඇත්තේ පිළියන්දල දැල්තර ප්‍රදේශයේ නිවසක ය. සිංහලයකුට අයත් එම නිවසට ඔහු කැඳවා ගෙන ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ. බුද්ධික නමැත්තා ද සිංහලයෙකි.

පිළියන්දල දී බෝම්බය පුපුරුවා හැරීම සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු පසුගිය පෙබරවාරි මස 23 වන දා ගල්කිස්සේ දී බසයක බෝම්බයක් පුපුරුවා හැරීම, රත්මලාන බෙලෙක් කඩේ ප්‍රදේශයේ දී පොලිස් ට්‍රක් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, පිටකොටුව මාළු වෙළෙඳපළ අසල දී සෙබළ පිරිසක් ගමන් ගත් බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ වගකීම බාරගෙන ඇතැයි පුවත්පත්වල පළ විය.

මේ ආකාරයට උතුරේ සිට පැමිණ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල දී සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කිරීමට හැකි වන්නේ ඇතැම් සිංහලයන් ගේ සහයෝගය අනියමින් හෝ ලැබෙන නිසාම ය. මෙහි දී අප ගේ අවධානය යොමු වන වැදගත් කාරණය නම්, දෙමළ බෙදුම්වාදී අරගලයේ අවසාන අරමුණ වන ඊළාමය දිනා ගැනීමේ වුවමනාවක් හෝ ප්‍රයෝජනයක් නොමැති සිංහලයන් ඊට යම් ආකාරයක සහයෝගයක් ලබා දීම සම්බන්ධයෙනි.

සැබවින් ම මේ ත්‍රස්තවාදී සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් අය ගේ සිට වංචනික ලෙස හැඳුනුම්පත් සකස් කැරැ දුන් අය දක්වා සෑම සිංහලයකු ම ඊට සහයෝගය දීමට හේතුව අන් කිසිවක් නො ව මුදල් ය. එය බුදු දහමට අනුව පවසන්නේ නම් තෘෂ්ණාව පෙරදැරි කොට සිදුවන්නකි.

මෙ සේ මුදලට ඇති තණ්හාව නිසා ත්‍රස්තවාදයට උපකාර කිරීමේ දී, තම ජාතියට, රටට හෝ මිනිස්කමට වන හානිය හෝ නීතියට පටහැනි බව ඔවුන් සිතන්නේ නැත. තෘෂ්ණාව නිසා අන්ධයන් සේ හැසිරෙන මේ පුද්ගලයන්, තමා ගෙන් සමාජයට මෙන් ම තමාට ම සිදුවන හානිය ගැන ද සැලකිලිමත් නො වේ. එ බැවින් මෙ බඳු පුද්ගලයන් ගේ අරමුණු පරාජය කිරීමට නීතියට පමණක් හැකියාව ඇතැයි අපි නො සිතමු. දිළිඳුකම නිසා ම මේ තත්ත්වයට පෙළඹෙන බව සිතන්නේ නම් එය දිළිඳුකමට කැරෙන නිඟාවක් වනු ඇත.

මෙ සේ තණ්හාව නිසා සමාජය වනසා තමා ද වැනසෙන මේ පුද්ගලයන් පරාජය කිරීමට තිබෙන එක ම මඟ බුදු දහම පමණි.

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]