UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගේ ශාසනික සමාජ මෙහෙවර
 



ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි

අත්තනගල්ල රාජ මහා විහාරාධිපති සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් දේශීය හා විදේශීය වශයෙන් ද ආගමික හා සමාජ සේවා රැසක නිරතව සිටින යතීන්ද්‍රයන් වහන්සේ නමකි.
සුනාමි විපත සිදු වූ අවස්ථාවේ මෙරට මහ සඟරුවන සිදු කළ මෙහෙවර සදානුස්මරණීයය. ඒ අතර ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ් ද විදේශීය පරිත්‍යාග ශීලීන්ගේ සහ විදේශ ගත ශිෂ්‍ය හිමිවරුන්ගේ ද සහායෙන් සුනාමියෙන් අවතැන් වූවන් සඳහා නිවාස සිය ගණනක් විවිධ ප්‍රදේශයන්හි ඉදි කරවූහ.
ආනන්ද නාහිමියෝ විදේශීය දායක කාරකාදීන්ගේ ද දේශීය හා විදේශීය හිතවතුන්ගේ ද සහාය ලබා ගනිමින් වෙහෙර විහාර ඉදිකරවීමට ද පසුගිය වසරේ දායක වූහ. ඒ අතර තායිවානයේ පරිත්‍යාගශීලී දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙන් වල්ගම්මුල්ල බෝධිනන්දාරාමයේ සම්බුදු මැඳුර සහ කඹුරගොල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සම්බුදු මැඳුර ද වතුපිටිවල ළදරු හා වැඩිහිටි නිවාසයේ බුදුමැඳුර ද ඉදිකරවූහ. අත්තනගල්ල හග්ගල්ල ශ්‍රී නාගවනාරාමයේ අභිනව සංඝාවාසය හා වතුපිටිවල ජේ.බී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු වාට්ටුවද ඉදිකරවූහ.


වල්ගම්මුල්ල ශ්‍රී බෝධිනන්දාරාමයේ අභිනව සම්බුදු මැඳුර


කඹුරගල්ල ශ්‍රී බෝධිරුක්‍ඛාරාමයේ අභිනව සම්බුදු මැඳුර


අත්තනගල්ල හග්ගල්ල ශ්‍රී නාගවනාරාමයේ අභිනව සංඝාවාසය


වතුපිටිවල ළදරු හා වැඩිහිටි නිවාසයේ සම්බුදු මැඳුර


වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු වාට්ටුව

දුරුතු
අව අටවක 

දුරුතු අව අටවක
පෝය ජනවාරි 29 වන දා
අඟහරුවාදා අපරභාග
09.20 ට ලබයි. 30 වන දා බදාදා අපර භාග 11. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 30 වනදා බදාදාය.

මීළඟ පෝය
පබරවාරි 06 වනදා බදාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]