UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ඇසුරට සුදුස්සා


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අසත්පුරිසො භික්ඛවෙ අසද්ධම්ම සමන්නාගතො හොති, අසත්පුරිස භන්තී හොති, අසත්පුරිස චින්තී හොති. අසත්පුරිස මන්තී හොතී, අසත්පුරිස වාචො හොතී, අසත් පුරිස කම්මන්තො හොති, අසත්පුරිස දිට්ඨී හොති, අසත්පුරිස දානං දෙති. - චූලපුණ්ණම සූත්‍රය


පින්වත්නි,

පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වනවා. පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්. අසත්පුරුෂයා හැම කල්හිම දුසිරිතම, පාපයට ම පුද්ගලයා රැගෙන යනවා. ඒ නිසා ආශ්‍රය සඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වනවා. අපි ඕනම පුණ්‍ය කර්මයක් අවසානයේ සත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන් ප්‍රතික්‍ෂේප කරන්නට ‘ඉමිනා පුඤ්ඤකම්මේන’ යන ගාථාව කියනවා. සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවො අපට උගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැලකී තම ජීවිතය පුණ්‍යවන්ත කර ගත් පුද්ගලයා සත් පුරුෂයායි. එවැනි කෙනෙක් අන්‍යයන් ද පංච දුශ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂතරයා බවට පත් වෙනවා.

ඉතිරිය»

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]